උදෑසන හයේ සිට රාත්රී හය හත දක්වා කතරගම බුත්තල මාර්ගය බදු ගත් දෙදෙනෙක් සිටිති.ඒ දෙන්නා චණ්ඩියන් බව කියති.ගණන් කාරයන් බවද සමහරු කියති.දෙන්නාම අලියෝය.“හිඟන අලි“,“බැරියර් අලි“ යනුවෙන් වාහන රියදුරෝ විවිධ නම් පට බඳිති.
කතරගම ගොස් එන වාහන වල පළතුරු ඇති නිසාත් මගදිගට පළතුරු විකුණන වෙළෙන්දන් නිසාත් පළතුරු කෑමට මේ දෙන්නාද පුරුදු වී සිටිති.කෑමට යමක් දෙනතුරු පාරෙන් ඉවත් නොවෙති.ඇතැම් වාහන බොහෝ වේලා නවත්වාගෙන සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් ඉතාම ලගයි වගේ .(රේ)
මේවට තමයි ඉල්ලන් කනවා කියන්නේ. පින් කර ගන්න කියල කැලේ ඉන්න සත්තුන්ට පවු කියා කියා කන්න දුන්නා එකේ රඟ තමයි ඔය.(හේ)
අලින්ව ඔය තත්ත්වයට පත් කළේ මිනිස්සුම තමයි.(හේ)
ඔයාල හැමදාම ඔහොම ඉන්න ,කකුල් දෙකේ චන්ඩි ඔයාලට බයයි ,මම හරිම ආදරෙයි ඔයාලට (හේ)
මහන්සියෙන් වැඩ කරන අපේ පොලිස් නිලධාරීන්ට ස්වේච්චාවෙන් "උදව්වක්" එකක් දීමට පැමිණ සිටින මේ අලි යුවලට අපි ස්තුති කරන්න ඕන !!!! (හේ)
මේ විදිහට පලතුරු දෙනතුරු වාහන වලට යන්න නොදෙන අලි දෙන්නෙක් නෙමයි අලි 4 දෙනෙක්ම ඉන්නවා. සමහර විට පලතුරු නොදුන්නම උරණවී ප්රහාර එල්ල කරනවා..එබැවින් ඔබ බුත්තල පාරෙන් කතරගම යනකොට කෙසෙල් ඇවරි 2 ක් 3ක් අරන් යන්න අමතක කරන්න එපා. නැතිනම් කතරගම නොයාම අතරමන් වේවි. (රේ)
\"අපේ සත්තු වැටී ඇති අසරණ තත්වය මින් පෙන්නුම් කරනවා. කැලේ ඉන්න සත්තුන්ගේ ස්වාභාවික ආහාර චක්රය විනාශ කලාම උන් වෙන කොහොමද ජීවත්වෙන්නේ.? ඒ නිසා කළා නම් දැන් උන්ව පෝෂණය කරන්න වෙනවා. එත් සමහරු කියන්නේ උන්ට අපේ කෑම දෙනකොට එයාලට අපි කරන්නේ හානියක් කියලා. ඒ උන් ගේ ස්වාභාවික ආහාර චක්රය තවත් විනාශ කරනවා කියලා.\"(රේ)