(නිමල කොඩිතුවක්කු)

බිත්තර පාලන මිළ ඉක්මවා ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව රතු බිත්තරයක් රුපියල් 55 කටත් සුදු බිත්තරයක් රුපියල් 54 කටත්  අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.

මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ  පෙන්වා දෙති.

එමෙන්ම වෙළඳපොලේ බිත්තර හිඟයක් පවතින බවත් ඔව්හු පවසති.

බිත්තර මිල පසුගිය දිනවල විශාල වශයෙන් ඉහල ගිය අතර එය පාලනය සඳහා රජය විසින් පාලන මිලක් නියම කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී  සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නා