
(සමන් පාලිත නානායක්කාර)
විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිතා කරමින් (06) දින යම් පාසලකට රාජකාරියට වාර්තා කිරීමට විදුහල්පති ගුරු භවතුන් හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට අපහසු වන්නේ නම් එවැනි නිලධාරීන් හෙට දිනයේ යාහැකි ආසන්න පාසලක් වෙත සේවයට වාර්තා කරන ලෙස කලාපයේ පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන්වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය.
මෙම ප්‍රවේශ අපහසුතා මත පාසල් කිහිපයක ගුරු පැමිණිමේ අඩුවක් ඇති විය හැකි බැවින් එවැනි පාසල් වල සේවයට වාර්තා කරන විදුහල්පති ගුරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල මහත් මහත්මින් පාසලට පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික හේරත් මහතා විදුහල්පතිවරුන් ගෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් හිඟන වැඩ කරන්න එපා. ළමයින්ටයි ගුරුවරුන්ටයි අනික් රජයේ සේවකයන්ට වගේ නිවාඩු දෙන්න. විනය කියල කොන්ඩේයි කලිසමයි ගවුමයි නියපොත්ත විතරක් අල්ලගෙන දඟලල කුණු ටික හරියට දාන්න දන්නේ නැති අන්තිමට පාර පුරාමයි හිස් වත්තු වලට කුණු දාන බලු පැටවු පූස් පැටව් පාරේ හොරෙන් දාල යන මානසික ලෙඩ්ඩු බිහිකරන අධ්‍යාපන න්‍යාය පත්‍ර හදන අය මේ වගේ ගොන් බියුරෝක්රසික් තීරණ දීම පුදුමයක් නෙමෙයි. මේ තීරණ ගත්ත අය තීරණය අරන් තියෙන්නේ ගැලවිජ්ඡා න්‍යාය පාවිච්චි කරල තමන් ගැලවිලා පහලට වගකීම පාස් කරන්න. එකදවසකට ළඟ ඉස්කෝලෙට ගිහින් නොදන්න අය එක්ක කැරකි කැරකි ඉන්නවට වඩා හොඳයි කැමති අය විතරක් ගිහින් අනික් අය ගෙදර ඉන්න කියන්න. එහෙම කරාම අඩුගානේ නිවාඩුවකින් එන මානසික සහනය හරි ලැබෙනව.