දියතලාව ගුවන් හමුදා කඳවුරේ පැවැති ගුවන් හමුදා ශිෂ්‍ය භට තරඟාවලියේ දී බාලක අංශයෙන් සමස්ථ ලංකා පළමු වැනි ස්ථානය දිනා ගැනීමට හත්වැනි බලඇණිය නියෝජනය කරමින් සහභාගී වූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ගුවන් හමුදා ශෂ්‍ය භට ඛණ්ඩය සමත් විය.
හත් වැනි බලඇණිය නියෝජනය කරමින් ගිය හේනේගම මධ්‍ය විද්‍යාලයය දෙවැති තැන දිනා ගත් අතර නව වැනි බලඇණිය නියෝජනය කරමින් ගිය තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයයට තුන් වැනි තැන හිමි විය.
දිවයිනේ බලඇණි 24ක් නියෝජනය කරමින් ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩ 40ක් මේ තරගාවලියට සහභාගී විය. සතියක් පුරා පැවැති නේවාසික කදවුර අවසන් වූයේ විසිර යෑමේ පෙළපාළියෙන් අනතුරුවය.
පාසලේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වයක් නිසා සමස්ත ලංකා බාලක පළමු වැනි තැන හිමිකර ගත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශිෂ්‍ය භට කණ්ඩායම කඳවුරට සහභාගී වූයේ දිනයක ප්‍රමාධයකිනි.
2011 වසරේ ඇරැඹි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය 2012 වසරේද සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත්තේය.
පසුගිය දිනවල බණ්ඩාරනායක විද්‍යාලයයේ නොසන්සුන්කාරී තත්ත්වය නිසා සෙසු ශිෂ්‍ය භට ඛණ්ඩායම් තාවකාලිකව අත්හිටවනු ලැබූවත් ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩයට එම තහනම බල නොපෑවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරනායක විදුහල් මෑණියන්ට ජය වේවා... කොච්චර ප්‍රශ්න මැද්දේ උනත් අපේ කොල්ලන්ගේ වැඩ මුළු ලංකාවටම පෙන්නුවා..... ඉස්කෝලේ ප්‍රශ්න තියෙද්දී උඩ පැනගෙන ඒවා වාර්තා කරපු මාධ්‍ය නිදහස ගැන කෑ ගහපු සමහර මාධ්‍ය ආයතන වල කට්ටිය සද්ද නැතුව ඉද්දී ලංකාදීප මේ ගැන වර්තා කරපු එකට සියලුම බණ්ඩාරනායක වරුන්ගේ උපහාරය...!!! (අ)
සුභ පැතුම්! (දිල්)
බණ්ඩාරනායක සහෝදරයන්ට සුභ පැතුම් (දිල්)
මේ වගේ දස්කම් ලබාගන්න ගුරුවරු ලොකු කැපවීමක් කරන්න ඕනෑ. මෙයට දායක වු ගුරු දෙවියන් සියලු දෙනාටම උත්තමාචාරය පුදමි. (දිල්)
නියමයි ,අපේ සුභපැතුම් !!!!!!!(දිල්)
සුබ පැතුම්!!!!! නොනැවතී ඉදිරියටම යන්න. (ත)
නියමයි ,අපේ සුභපැතුම් !(දිල්)
ගම්පහ කොල්ලො එහෙම තමා යන යන තැන ජය ගන්නවා (දිල්)
පාසලේ තිබුණු කලබල අතර තුර මෙම ජයග්‍රහන ලබා ගන්න ආදිශිෂ්‍යභටයින් ගොඩක් මහන්සි වුනා. ඔවුන් හැමදාම ශිෂ්‍යභටයින් සමග සිටිනවා. අපේ බණ්බාරනායක කොල්ලන්ට සුභපැතුම්. ලංකාදීපය පුවත්පතට මාගේ හෘදයාංගම සුතූතිය පුදකර සිටිනවා (අ)
බණ්ඩරනායකවරු කිසිදින පසු බසින්නේ නෑත.......(අ)
ලංකාදීප මේ ගැන වර්තා කරපු එකට සියලුම බණ්ඩාරනායක වරුන්ගේ උපහාරය...! (දී)
සුබ පැතුම්...(දිල්)