IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බණ්ඩාරනායන ගුවන් ශිෂ්‍ය භටයෝ දිවයිනේ මුල් තැනට

දියතලාව ගුවන් හමුදා කඳවුරේ පැවැති  ගුවන් හමුදා ශිෂ්‍ය භට තරඟාවලියේ දී බාලක අංශයෙන් සමස්ථ ලංකා පළමු වැනි ස්ථානය දිනා ගැනීමට හත්වැනි බලඇණිය නියෝජනය කරමින් සහභාගී වූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ගුවන් හමුදා ශෂ්‍ය භට ඛණ්ඩය සමත් විය.

හත් වැනි බලඇණිය නියෝජනය කරමින් ගිය හේනේගම මධ්‍ය විද්‍යාලයය දෙවැති තැන දිනා ගත් අතර නව වැනි බලඇණිය නියෝජනය කරමින් ගිය තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයයට තුන් වැනි තැන හිමි විය.

දිවයිනේ බලඇණි 24ක් නියෝජනය කරමින් ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩ 40ක් මේ තරගාවලියට සහභාගී විය. සතියක් පුරා පැවැති නේවාසික කදවුර අවසන් වූයේ  විසිර යෑමේ පෙළපාළියෙන් අනතුරුවය.

පාසලේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වයක් නිසා සමස්ත ලංකා බාලක පළමු වැනි තැන හිමිකර ගත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශිෂ්‍ය භට කණ්ඩායම කඳවුරට සහභාගී වූයේ දිනයක ප්‍රමාධයකිනි. 

2011 වසරේ ඇරැඹි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය 2012 වසරේද සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත්තේය.

පසුගිය දිනවල බණ්ඩාරනායක විද්‍යාලයයේ නොසන්සුන්කාරී තත්ත්වය නිසා සෙසු ශිෂ්‍ය භට ඛණ්ඩායම් තාවකාලිකව අත්හිටවනු ලැබූවත් ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩයට එම තහනම බල නොපෑවේය.

 



අදහස් (0)

බණ්ඩාරනායන ගුවන් ශිෂ්‍ය භටයෝ දිවයිනේ මුල් තැනට

ඇශ්ලී - කටාර් Friday, 14 March 2014 01:03 AM

බණ්ඩාරනායක විදුහල් මෑණියන්ට ජය වේවා... කොච්චර ප්‍රශ්න මැද්දේ උනත් අපේ කොල්ලන්ගේ වැඩ මුළු ලංකාවටම පෙන්නුවා..... ඉස්කෝලේ ප්‍රශ්න තියෙද්දී උඩ පැනගෙන ඒවා වාර්තා කරපු මාධ්‍ය නිදහස ගැන කෑ ගහපු සමහර මාධ්‍ය ආයතන වල කට්ටිය සද්ද නැතුව ඉද්දී ලංකාදීප මේ ගැන වර්තා කරපු එකට සියලුම බණ්ඩාරනායක වරුන්ගේ උපහාරය...!!! (අ)

:       0       0

කිත්සිරි Friday, 14 March 2014 08:45 AM

සුභ පැතුම්! (දිල්)

:       0       0

දිනේෂ් Friday, 14 March 2014 09:00 AM

බණ්ඩාරනායක සහෝදරයන්ට සුභ පැතුම් (දිල්)

:       0       0

රංජිත් සිල්වා Friday, 14 March 2014 09:02 AM

මේ වගේ දස්කම් ලබාගන්න ගුරුවරු ලොකු කැපවීමක් කරන්න ඕනෑ. මෙයට දායක වු ගුරු දෙවියන් සියලු දෙනාටම උත්තමාචාරය පුදමි. (දිල්)

:       0       0

ඉන්දිකා Friday, 14 March 2014 11:00 AM

නියමයි ,අපේ සුභපැතුම් !!!!!!!(දිල්)

:       0       0

අචින්ත Friday, 14 March 2014 12:56 PM

සුබ පැතුම්!!!!! නොනැවතී ඉදිරියටම යන්න. (ත)

:       0       0

සන්ක Friday, 14 March 2014 03:15 PM

නියමයි ,අපේ සුභපැතුම් !(දිල්)

:       0       0

චමී Friday, 14 March 2014 03:30 PM

ගම්පහ කොල්ලො එහෙම තමා යන යන තැන ජය ගන්නවා (දිල්)

:       0       0

සශී මදුෂංක Saturday, 22 March 2014 11:18 AM

පාසලේ තිබුණු කලබල අතර තුර මෙම ජයග්‍රහන ලබා ගන්න ආදිශිෂ්‍යභටයින් ගොඩක් මහන්සි වුනා. ඔවුන් හැමදාම ශිෂ්‍යභටයින් සමග සිටිනවා. අපේ බණ්බාරනායක කොල්ලන්ට සුභපැතුම්. ලංකාදීපය පුවත්පතට මාගේ හෘදයාංගම සුතූතිය පුදකර සිටිනවා (අ)

:       0       0

සුජීවා Friday, 14 March 2014 05:25 PM

බණ්ඩරනායකවරු කිසිදින පසු බසින්නේ නෑත.......(අ)

:       0       0

ගයාන් එන් දිලූ Saturday, 15 March 2014 09:27 PM

ලංකාදීප මේ ගැන වර්තා කරපු එකට සියලුම බණ්ඩාරනායක වරුන්ගේ උපහාරය...! (දී)

:       0       0

තුසිත Friday, 14 March 2014 08:30 PM

සුබ පැතුම්...(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site