ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසුන් තිදෙනෙකු රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ඊයේ (06) නියෝග කළේය.
තමාට නඩු ඇසීමේ අයිතිය ඇතිවා සේම මාධ්‍යවේදීනට වාර්තා කිරීමේ අයිතිය තිබිය යුතු යැයි මහේස්ත්‍රාත් පැවසීය.
මේ සිසුන් අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස ක්‍රියා කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය නිසා විද්‍යාලයයට විශාල කීර්තියක් පසුගිය කාලයේ ලැබුණු බව කී මහේස්ත්‍රාත්වරයා එම ශිෂ්‍ය භට ඛණ්ඩය නිසාම විද්‍යාලයයට දැන් අපකීර්තියක් වී ඇතැයි ද පැවැසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භට ඛණ්ඩ රැසක විවිධ අපචාර සිදු වන බව පෙනෙතියි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.
මාධ්‍යවේදීනට පහර දීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත් ලබන 24 වැනි දා නැවත පැමිණිල්ල කැඳවීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙතුමි නිකන් මොන්ටිසෝරි ළමයෙක් වගේනේ. පුද්ගලික පාසල් වල විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නේ සල්ලි දීලා.ඒවායේ කට්ටිය පිස්සු නටන්නේ නහෑ. අම්මල තාත්තල වියදම් කරන මුදලට ප්‍රතිපල ගන්න හිතනවා මිසක්. නිකන් දෙන තැන් වල තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ. අපේ විශ්ව විද්‍යාල පද්ධතියේත් හැමදාම අවුල් තියෙන්නේ ඔය හැම දේම නිකන් දීම නිසා. හැම දේකටම මිලක් නියම කලානම් කට්ටිය ඔය උද්ගෝෂණ වර්ජන ඔක්කොම අත ඇරලා ලස්සනට ඉගෙන ගනීවි. වැලේ වැල් නැති දේශපාලුවන්ගේ අත කොලු නොවී.(නදී)
මම මෙචර කාලයක් හිතන් හිටියේ බන්දුල කියන්නේ වන්දිබට්ටකම් කරන වන්දිබට්ටයෙක් කියලනේ. බලන් ගියාම නියම ප්‍රගතිසිලි මහත්මයෙත්නේ. හැබැයි රතුපස්ටලයි ගම්පහයි කියන්නේ ලොකු දුරක්නම් නෙවෙයි. ඒ උනාට මේ මනුස්සයාගේ අදහස් නම් එකට එකක් අන්ත දෙකක. මොනවා උනත් මම එකඟයි මේ කාරණය ගැන. ඇප නෙවෙයි මේ කොල්ලන්ට දෙන්න තිබුනේ මේ වගේ වැඩ නැවත නොකරන්න ලප හිටින්න පාරවල් දෙකක් දුන්නනම් කියල වැඩක් නැහැ.(නදී)
බන්දුල පෙරේරා, මට හිතෙන්නේ නැවත මොන්ටිසෝරි යන්න ඕනේ ඔයාලා වගේ අයයි. පරිපාලනය හරි නැත්නම් පෞද්ගලික රාජ්‍ය කියල නැහැ. හඬ නගන්න ඕන තැනදී හඬ නගනවා. සල්ලි කියන එක රාජ්‍ය පාසල් වලින් පවා එක එක දේවල් වලට අයකරනවා. නැතුව නිකන්ම දෙන්නේ නැහැ, රජයෙන් රාජ්‍ය පාසල් වලට වියදම් කරනවා නම් ඒවායේ අක්‍රමිකතා ගැනත් සෙවිල්ලෙන් ඉන්න ඕනේ. (නදී)
මෙම සිසුන්ගේ හැසිරීම අනුමත කල නොහැක , මාධ්‍යවේදීන්ට , සහෝදර සිසුන්ට , ගුරුවරුන්ට ගල්මුල් ගැසීම .කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ රජයේ පසල්වල් විනය සහ අධ්‍යාපනයේ ප්‍රමිතිය දිනනෙන් දින කඩා වැටේ, පුද්ගලික පාසල් වල මෙහෙම ප්‍රශ්න නැත , (අ)
මාධ්‍යයේ හා පාසල් පරිපාලකයන් ගේ වගකිම වියයුත්තේ සියලු පව් ළමුන්ගේ කරපිට දමා අතීසාරයට අමුඩ ගැසිම නොවේ. සිදුවිමේදි පොලිසිය මැදිහත්ව කටයුතු අගේ කරමි. විශාල අපකිර්තියක් පොලිසියට එල්ලකර නොගෙන කටයුතු කිරිම පිළිබඳ ස්තුතියි.(නදී)
මෙයට ප්‍රධාන හේතුවක් වනුයේ රාජ්‍ය සේවකයන්ගේ ඇතැම් අකාර්යක්ෂම පරිපාලනයවේ. මෑතකදී මෙවන් සිද්ධි බොහොමයක් වාර්තාවීම කනගාටුවට කරුණකි. පෞද්දලික අංශයට මොන චෝදනා එල්ලකලත් පෞද්ගලික පරිපාලනයෙන් යුත් පාසල්වලින් බොහෝදුරට මෙවන් සිද්ධි දැකගැනීමට නොමැත.(නදී)
බන්දුලගේ, පිටබැද්ද ජයා ගේ කතා වලට සියට දෙසීයක් එකග වෙනවා. රජයෙන් අක්‍රමිකතා සොයන්න ඕනේ තමයි. ඊටත් වඩා පාසැල් වලට පැමිණෙන ළමුන් හිතට ගන්න ඕනේ අම්මලා තාත්තලා ඔවුන්ව පාසැල් වලට එවන්නේ පොතේ පතේ දැනුම අරගෙන සමාජෙට හොද පුද්ගලයෝ වෙනවා දකින්න මිසක් කඩු පොලු අතට ගත්ත දාමරිකයෝ වෙනවා බලන්න නෙවේ. ලප හිටින්න පාරවල් දීලා තමයි දෙමාපියන්ට මේ වගේ පුතාලව හදන්න වෙන්නේ. නැත්නම් අනාගතේදී අසරණ දෙමාපියන්ට අඩන්න වෙයි. පහු ගිය කාලවල් වලදී පාසල් ළමුන්ගේ වැරදි ක්‍රියා පවා අනුමත කරලා නීතියෙන් පිට ක්‍රියාමාර්ග අනුගමනය කරපු වැඩිහිටියෝම තමයි ළමයින්ට ගුරු ගෞරවය අමතක කෙරෙව්වෙත්. ඒකෙන් උනේ නීති ගරුක ගුරුවරුත් බල්ලට ගිය එකයි.(නදී)