වල් නාශකයක් ලෙස භාවිත කළ විස රසායනිකයක් වන ග්ලයිෆොසේට් තහනම සමග වගාවන්හි වල් මර්දනය සඳහා වෙළඳපොළේ ඇති මොනෝ සෝඩියම් ග්ලූටනමේට් (අජිනමොටෝ) තවත් කෘෂි රසායනයක් සමග මිශ්‍රකර ඉසින බවට වාර්තාවේ.
නාඋල ඇතුළු ප්‍රදේශ රැසක මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.
‘අපි අක්කරයකට ටැංකි පහක් ගහනවා. එක ටැංකියකට අජිනමොටෝ ග්‍රෑම් 100ක් දානවා. බලාගෙන ඉද්දී වල් මැරෙනවා. උපරිම සතියයි. තිබ්බ තැනක් හොයන්න බෑ‘ යනුවෙන් මෙම ක්‍රමය අත්හදා බැලූ ගොවියෝ කියති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර සංවිධාන පවසා සිටියේ මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත් ආහාර පිණිස වෙළඳපොළේ පවතින රසකාරකයක් හරහා වල් මර්දනය වනවා නම් ඒවා ආහාරයට ගන්නා මිනිසුන්ට කුමක් සිදුවන්නේද යන්න සොයාබැලිය යුතු බවත්ය. මෙවැනි විකෘති රසායන ද්‍රව්‍ය අවබෝධයකින් තොරව යෙදීමෙන් ඉදිරියේදී බරපතල පරිසර ගැටළු පැන නැගිය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. මමත් ගැහුවා. තණකොළ තිබුණ තැනක්වත් නැහැ. අම්මපා! අපි කන්නේ මේවා නේද? (නි)
බඩ පනුවෝ පාටි දමති! (නි)
රජය දැන දැන ඇයි මේක අනුමත කරන්නේ? (නි)
අජිනමොටෝ ගැන අපි දන්නා දා ඉඳලා මිනිසුන් දැනුවත් කරනවා. ඒත් ඒවා වෙළඳපොලේ තහනම් කරලා නැහැ. (නි)
ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය මුරුක්කු හදන්න වැඩියෙන්ම ගේන්නේ මොනොසෝඩියම් ග්ලුටමේට්. බයිට් වෙළඳුන් වැඩියෙන්ම ගන්නේ ඒවා. (නි)
මේවා අපි කාට කියන්නද? (නි)