කුරුණෑගල මුත්තෙට්ටුගලදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු පැහැරගෙන ඉන් එක් අයකු බඩගමුව රක්ෂිතයේදී වෙඩි තබා මරා දැමු පිරිස  ඝාතනය වු ස්ථානයේ  දමා ගිය කැප් තොප්පියක් ද සොයා ගත් බව පොලීසිය කියයි.

මෙම දෙදෙනාගේම නිල ඇඳුම්  හා යට ඇඳුම් සියල්ලම ගලවා රැගෙන යන්නට ඇති බවත් පොලීසිය පවසයි.සම්පත් සිසිර බණ්ඩාර කොස්තාපල්ට මුලින්ම කොන්දට වෙඩි තැබු පසු ඊ ළග වෙඩි උණ්ඩය තමාට එල්ලවන බව දැන ගත් කොස්තාපල්  වීරසුරිය මිනීමරුවන් සමඟ පොර බදා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

ඔහු මහ රෑ නිරුවතින් අසල නිවසකට  දිව ගොස් සැගවී ඇත.

ඝාතනය වු ස්ථානයේ තිබී ටී පනස් හයේ හිස් උණ්ඩ දෙකක් හා මිනීමරුවකු අත තිබෙන්නට ඇතැයි සැලකෙන ග්ලවුසයක කෑල්ලක් ද සොයාගෙන තිබේ.

(කොස්තාපල්වරුන් පැහැරගත්  ස්ථානය (ගැට්ටුවාන) )

(දිවි බේරාගත් කොස්තාපල්  වීරසුරිය රෝහලේ ප්‍රතිකාර ලබමින්)

(ඝාතනයට ලක් වු කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාරගේ බිරිය හඩා වැටෙමින් )

(ඝාතනයට ලක් වු කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාරගේ  සිරුර)

(අසල්වාසියෙක්)

(අසල්වාසියෙක්)