IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘බඩු මිල අඩු කිරීම අය වැය කාර්ය නොවේ‘ - ඩිව්

මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයා නිසා වගකීමෙන් බැහැර වන්නේ නැති මුත් මෙය එක්සත් ජාතික පක්ෂ අයවැයක් ලෙස තේරුම් ගත යුතු යැයි ද, එය ජනපති අමාරුවේ දැමීමේ අයවැයක්යැයි ද හිටපු ඇමැති සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

බඩු මිල පහත දැමීම අයවැයකින් අපේක්ෂා නොවන බවත්, මෙවර අය වැය පොදු ජනතාව තලා පෙලා ධනපති පන්තියට වාසි සලන ආකාරයේ ධනේෂ්වර ක්‍රමය සංවර්ධනය කරන අයවැයක් බවත් ඔහු පැවසීය.

මෙම මාධය සාකච්ඡාවට බද්දේගම සමිත හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද සහභාගී වූහ.

DSC_0997 DSC_1018 DSC_1023



අදහස් (0)

‘බඩු මිල අඩු කිරීම අය වැය කාර්ය නොවේ‘ - ඩිව්

චන්න Monday, 23 November 2015 02:28 PM

බඩු මිල අඩු නොකලානම් මිල වැඩීයි කියලා බෙරිහන් දෙනවා. අඩු කලාම එකටත් බනිනවා. (ර)

:       0       0

දිනුක Monday, 23 November 2015 02:56 PM

අඩු කරපු ඒවානම් වැඩි කල් තියෙන්නේ නැ. බූමි තෙල් , ගෑස් ලගදීම තෙල් වැඩි වෙන කොට වැඩි වෙනවා. අල ළූණු ගොවීන් ආරක්ෂා කරන්න කියලා ටැක්ස් එක ගහයි. ඉතුරු වෙන්නේ ඉතින් අපි හැමදාම කන පරිප්පුම තමයි. (ර)

:       0       0

අවර්ණ Tuesday, 24 November 2015 10:43 AM

මේ අයවැයන් පොදු ජනයට කිසිම සහනයක් නැ.. වැටුප් වැඩිවීම් නැ.. බදු බරනම් හොදට වැඩිකර.. වාහන මිල වැඩිකර දුප්පත් මිනිහෙකුට වාහනයක් ගන්න බැරි වෙනවා ආසාවකට (ම)

:       0       0

බණ්ඩා Monday, 23 November 2015 03:11 PM

කොහොමහරි මහත්තයෝ අපිට ඕන බඩු මිල අඩුවෙන්න. (ර)

:       0       0

අචිර Monday, 23 November 2015 03:51 PM

බඩු මිල අඩුකළත් මේ මිනිස්සු බනිනවා. කොහොම නමුත් පොදු ජනතාවට නම් මෙම අයවැයෙන් ගොඩක් සහන ලැබුනා (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 23 November 2015 04:32 PM

බඩුමිල වැඩි කරන්නේ නැහැ සංශෝධනය කරනවා විතරයි. (නි)

:       0       0

මොහමඩ් Monday, 23 November 2015 04:36 PM

අපි ඔබතුමා සමඟ එකඟයි (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 24 November 2015 12:40 AM

ගුණසේකර මහත්තයෝ, අපිට නම් මේක හොඳයි (නි)

:       0       0

නිමල් Tuesday, 24 November 2015 01:27 AM

සමහරු හැමදාම ධනපතියන්ට දොස්කියනවා. ඒත් එයාලගේ ධනය, බලය බැලුවහම එයාලාත් වැටෙන්නේ ලංකාවේ ඒ ගොඩටමයි. ලංකාවේ තියෙන්නේ සමාජවාදයක් නෙමෙයි කුහකවාදයක්. ඒක පෝෂණය කිරීම තමයි හැමදාම කළේ. දුප්පත් මිනිහාට කීයක්හරි බඩු මිල අඩුකළාම ඒකත් සටන් පාඨයක්. (නි)

:       0       0

රොක්සි Tuesday, 24 November 2015 01:42 AM

සමහරුන්ට තමන් අකමැති කවුරුහරි හොඳක් කළත් ඒක පෙනෙන්නේ ඇදේට! (නි)

:       0       0

සෙබස්තියන් Tuesday, 24 November 2015 01:41 AM

භූමිතෙල්,අල,ලුණු,පරිප්පු වගේ ආහාර ද්‍රව්‍ය අඩුකළ එක ධනපතියන්ට නෙමෙයි දුප්පත් අපිටයි සහනයක් වෙන්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 24 November 2015 02:29 AM

අපිට ජීවන වියදම අඩු කරලා පෙන්වන්න. කාටත් ඒක කරන්න බැහැනේ (නි)

:       0       0

දිලුම් Tuesday, 24 November 2015 02:51 AM

අපේ රටේ ඉන්න ඔක්කොම බොරුවට කටමැත දොඩවන අය. මේ කට්ටියටත් මොකක්හරි එකක තනතුරක් දීලා අපි නැහීගෙන හමිබකරන සල්ලි වලින් රු. හැට හැත්තෑදාහක පඩියක් දීලා වාහනයක් දුන්නහම කියවිලි මොකුත් නැහැ. අනේ අපිත් ඉපදුනානෙ මේ වගේ රටක! (නි)

:       0       0

ඉසුරන්දි Monday, 23 November 2015 01:47 PM

ඔය කවුරු කෑ කෝ ගැහැව්වත් අසරණ අපි තමයි හැමපැත්තෙන්ම බැටකන්නේ. (ර)

:       0       0

ඉෂි Monday, 23 November 2015 01:53 PM

ඕක තමා කවුරුත් ඉල්ලපු වෙනස. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site