මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයා නිසා වගකීමෙන් බැහැර වන්නේ නැති මුත් මෙය එක්සත් ජාතික පක්ෂ අයවැයක් ලෙස තේරුම් ගත යුතු යැයි ද, එය ජනපති අමාරුවේ දැමීමේ අයවැයක්යැයි ද හිටපු ඇමැති සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

බඩු මිල පහත දැමීම අයවැයකින් අපේක්ෂා නොවන බවත්, මෙවර අය වැය පොදු ජනතාව තලා පෙලා ධනපති පන්තියට වාසි සලන ආකාරයේ ධනේෂ්වර ක්‍රමය සංවර්ධනය කරන අයවැයක් බවත් ඔහු පැවසීය.

මෙම මාධය සාකච්ඡාවට බද්දේගම සමිත හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද සහභාගී වූහ.

DSC_0997 DSC_1018 DSC_1023