IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බඩ පිපුම රෝගයක්ද?

උපදෙස් - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්‍රිය

ආහාර ගැනීමෙන් පසු  අපිට දැනෙන හැඟීම කුමක් විය යුතුද? බඩගිනි නිවී කිසියම් සුවයක් මිස ආහාර ගැනීමෙන් පසු අපහසුවක් බඩේ වාතය පිරී ඇති බවක් වැනි අපහසුතාවයක් දැනුණහොත් ඔබ ආහාර ගැනීමෙන් බලාපොරොත්තු වූ හැඟීම අත් විඳින්නට නොහැකි වනු ඇත. උස්මුරුත්තාව කියා පැරැන්නන් හඳුන්වන්නේ හුස්ම ගන්නට අපහසුතාවයක් දැනෙන තරම් අධිකව ආහාර අනුභව කිරීමයි.  නමුත් මද පමණින් ආහාර ලබාගත් විටත් හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිකරමින්  බඩ පිපුණු ස්වභාවයක්  නැතිනම් උස්මුරුත්තාවේ ගති ලක්ෂණ පෙන්වන්නේ නම් , එය එතරම් පහසුවෙන් ඉවසා සිටිය හැකි තත්ත්වයක් නොවේ.

ඔබ ගන්නා ආහාර වලින් පසු කිසියම් ආකාරයකින් බඩ පිපුණු ගතියක් ඔබට දැනෙන්නේ නම් කුමක් විය හැකිද?

එම අපහසුව ඔබේ සාමාන්‍ය වැඩකටයුතු කෙරෙහිද බලපෑ හැකියි. බඩ පිපුම රෝගයක්ද ? නැතිනම් බඩ පිපෙන්නේ ඇයිද යන්න සොයා බලන්නට මද වේලාවක් වෙන්කරන්න. එසේ හඳුනාගත් හේතු සඳහා පිළියම් යෙදීමට උනන්දු වෙන්න.

ඇතැමෙක් බඩ පිපුම වැනි ලක්ෂණයක් දැනෙන්නේ තාවකාලිකව විය හැකිය. නමුත් තවත් සමහරකුට මේ ආකාරයේ බඩ පිපුණු ලක්ෂණයක් නිරන්තරයෙන් දැනිය හැකි අවස්ථාද තිබේ. එවන් අවස්ථාවක අප පවසන්නේ මෙය වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට ලක්විය යුතු කාරණයක් ලෙසයි.

බඩ පිපෙන්නට හේතු වශයෙන් බහුලව දැකිය හැකි අවස්ථා

ඇතැමකුට මේ ආකාරයේ බඩ පිපුණු ලක්ෂණයක් බඩේ ගෙඩියක් ඇතිවිටද බඩේ වතුර පිරී ඇති තත්ත්වයක් ඇතිවිටද දැනීමට ඉඩ තිබේ. නිශ්චිත වශයෙන්  මෙය දැනගන්නට නම් වෛද්‍ය නිර්දේශය මත යොමුවිය යුතු පරීක්ෂණ මෙන්ම ප්‍රතිකාර ක්‍රමවේදයන් තිබෙන බව ඔබ දන්නවාද?  විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්නට ප්‍රථම ඔබ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න. අවශ්‍ය නම් ඔබව අදාල අංශයේ විශේෂඥවරයකු වෙත යොමු කිරීම එහිදී  සිදුවනු ඇත. කෙසේ නමුත් නිරන්තරයෙන්ම බඩ පුරවා දැමීමේ තත්ත්වය ඔබට පවතී නම් , වෛද්‍යවරයා හමුවීමට අමතරව බොහෝ විට තෙල් මිරිස් සහිත ආහාරවලට මද විරාමයක් ලබාදෙන්න.

එවැනි ආහාර ගත්විට මේ අපහසුව පිළිබඳ පැමිණිලි කරන්නෝ බොහෝය. මුඛයෙන් හෝ ගුද මාර්ගයෙන් මෙම බඩේ පිරුණු වාතය ඉවත්ව ගිය පසු යම් පහසුවක් දැණුනත් බඩේ වාතය පුරවා දැමීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව හා උගුරට එන සුළු ස්වභාවය බොහෝ දෙනෙකු නොරුස්සනා කරුණකි. 

මෙසේ බඩේ යම් පිපුමක් ඇතිවන්නට හේතු නිර්මාණය වෙන්නේ කෙසේද?

ආහාර ද්‍රව්‍ය  ආමාශය තුළ හෝ කුඩා බඩවැල තුළ පැසවා විවිධ වායු නිෂ්පාදනය කරයි. ඒ හැරෙන්නට මේ සඳහා බලපානු ලබන හේතු පහක් පිළිබඳව ඔබට පැවසිය හැකිය.

  • පහසුවෙන් පැසවන ආහාර වර්ග බහුල ලෙස ආහාරයට ගැනීම
  • ආමාශයෙන් ආහාර මිශ්‍රණ පිටවීම ප්‍රමාද කරන ආහාර සංඝටක ගැනීම
  • ආමාශයේ ආහාර මිශ්‍රණ බොහෝ කාලයක් රඳා පවතින විට ඒ මගින් වායු නිෂ්පාදනය වීම වැඩි විය හැකිය.  එමෙන්ම මෙහි තුන්වන හේතුව කුමක්ද යන්න සලකා බලන විට ආමාශයේත් කුඩා බඩවැලේත් යාන්ත්‍රික චලනය අඩුකරන හේතු තිබිය හැකිය යන කාරණය අමතක කළ නොහැකිය.
  • හතරවන කාරණය වන්නේ වාතය ගිලීමයි.

මෙහිදී ඇතැම් පරපෝෂිත ආසාදන සැලකිල්ලට ගත යුතුය.

බඩේ පිපුම ඇති රෝගීන් මේ දැක්වූ සාධක වලින් වැළකුණ හොත්?

රෝග ලක්ෂණ අඩුවී හෝ පහ වී හෝ යනු ඇත. දැන් ඔබට අප කියූ මුල් කාරණය ගෙන හැර දක්වමු. වඩා පහසුවෙන් පැසවන ආහාර යනු මොනවාද යන්න ඔබටත් ප්‍රශ්නයක් ඇති වූවානම් අප පළමුව එය විමසා සිටිමු. බෝංචි ,සෝයා, කව්පි, කඩල, පරිප්පු, දෙල්, කොස්, යීස්ට් අඩංගු පාන් ආදිය මිට නිදසුන් වුවත් ඇතමුන්ට මෙම ආහාර නිසා බඩේ පිපුමක් ඇති නොවී තිබෙන්නටද පුළුවන. නමුත් එය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.

ආමාශයෙන් ආහාර මිශ්‍රණය පිටවී යෑම පමා කරන ආහාර වර්ග මොනවාද?

අධික තෙල් සහිත ආහාර එයින් ප්‍රමුඛය. කට්ලට්, පැටිස්, රෝල්ස් ආදී නේක නම් වලින් ඔබ හඳුන්වන්නට යෙදෙන ගැඹුරු තෙලේ බදින ලද මෙවන් කෑම වර්ග, මෙන්ම ප්‍රයිඩ් රයිස්  හෝ එවැනි තෙල් සහිත බත් වර්ගද ලඅධික තෙල් සහිත යැයි ඔබ දනී. එමෙන්ම අධික ප්‍රෝටීන  මාංශ ජනක ධාතු සහිත ආහාරද මෙසේමය. එමෙන්ම විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද  එක් හේතුවකි. ඇතැම් විට ආනමාළු වර්ගයේ කෙසෙල්ද මෙවන් බලපෑමක් ඔබට ඇතිකරන්නට ඉඩ තිබේ.

ආමාශයේත් කුඩා බඩවැලේත් යාන්ත්‍රික චලනය අඩුකරන හේතු

මානසික අසහනය ඇතැම් ඖෂධ වර්ග  ඊට හේතු ලෙස දැක්විය හැකිය. වාතය ගිලීමද එක් හේතුවක් ලෙස අප ඉහතදී සඳහන් කළෙමු. බොහෝ රෝගීහු වාතය ගිලින බව නොදැන සිටියත් එය සත්‍යයකි. මෙය උවමනාවෙන් කරන දෙයක් නොව තමන්ද නොදැන සිදුකෙරෙන්නකි. මෙය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඇදුම දීර්ග කාලීන මානසික අසහනය යන තත්ත්ව ඇති රෝගීන් සම්බන්ධයෙනි. ඇදුම රෝගීන්ගේ එක් ප්‍රධාන රෝග ලක්ෂණයක් නම් බඩ පිපී තිබීමයග  ඇතැම් පරපෝෂිත ආසාදන සම්බන්ධයෙන් කතාකරනවිට ඇතැම් පණු වර්ග ජීර්ණ පද්ධතිය තුළ පැළපදියම් වූ විට බඩේ පිපුම ඇතිවේ.

සරල බෙහෙත් වලට යොමුවීම සුදුසුද?

කලකට ඉහත මෙවන් තත්ත්වයක් මතුවූ වහාම බොහෝ දෙනා හුරු පුරුදුව සිටියේ ආම්ලිකතාවය අඩුකරන්නට සමත් යම් ඖෂධයක් සොයා බලා හිතුමතයේ එය පානය කිරීමය. හුඟදෙනෙකු පුරුදුව සිටියේ මැග්නීසියා පෙති නමින් හැඳින්වූ පෙති සොයා වෙහෙසෙන්නටය. නමුත් තෛලය යැයි අප උපහාසයට ලක්කරන අන්දමේ ඔසු ගණයට මැග්නීසියා යෙදිය නොහැකිය. බඩ පිපුම ඇතිකරන හේතුව නිවැරදිව සොයා බලා ඊට පිළියම් නොකළහොත් බඩ පිපෙන හැමවිටම මැග්නීසියාවල පිහිට ලැබිය නොහැකිය. බඩ පිපුම ඇතිවන්නේ පරපෝෂිතයන්ගේ බලපෑමකින් නම් පළමුව ඊට පිළියම් යෙදීම අවශ්‍යයි. මේ සඳහා දැන් ඉතා සාර්ථක ඖෂධ වර්ග පවතී.

අත් බෙහෙත් ඖෂධ වලට වඩා සාර්ථකද ?

සමහරුන් ස්වභාවික ඖෂධ යැයි විවිධ ශාකසාර හෝ කඩ සරක්කු වර්ග (කුළුබඩු) සුදුලූණු තම්බා බීම වැනි පිළියම් යෙදුවත් එයින් මෙම ගැටලුවට අදාල සියලුම හේතු නොවිසඳේ.  එයින් ඔබ බඩ පිපෙන්නට හේතුව සොයාගන්නට පවුලේ වෛද්‍යවරයාගේ සහය ලැබීම වඩාත් ප්‍රායෝගික බව අමතක නොකරන්න.

 

 



අදහස් (0)

බඩ පිපුම රෝගයක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site