සොමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගැනුණු මලයාසියා ඇල්බෙඩෝ භාණ්ඩ නැව ගිළී එහි සිටි සිව් දෙනකු හා කොල්ලකරුවන් හත් දෙනකු මිය ගිය බවත් 13 දෙනකු සොයා ගැනීමට නැති බවත්, කොල්ලකරුවකු කියා ඇත.
ඒ නැවේ කාර්ය මණ්ඩලය 23 දෙනා අතර පාකිස්තාන, බංගලිදේශ, ශ්‍රී ලංකා හා ඉරාණ ජාතිකයෝ වූහ.
නැව කොල්ල කා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කෙන්නියාව බලා යද්දී 2010 නොවැම්බරයේදී ය.
ගිය සතියේ සිට නැව ක්‍රමයෙන් ගිළෙමින් තිබුණු බව සඳුදා රාත්‍රී මුළුමනින්ම ගිළී ගිය බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කී දෙනෙක් නැවේ ඉදලද? (ත)
ලංකාවත් මේ යන විදිහට ගිලෙන නැවක් හා සමානයි (නි)
නැවියන් ගැන නොදන්න අයට මේ ලිපිය තේරුම්ගන්න බැරුව ඇති (නි)
2010 සිට මේ දක්වා නැව ගිලි මිනිස්සු මැරෙනකම් ලෝකය දන්නේ නැද්ද ?(නදී)
මේ කොල්ලකරුවන් මර්ධනය කරන්නේ කවදාද? මේ අය ලෝකෙටම තර්ජනයක්.(නදී)
ඇයි බණ්ඩා ඔය ලෝකයේ නෙමෙයිද ඉන්නේ? (නදී)
මේ ප්ලැටිනම් ඇඩ් එක පුදුම කරදරයක්. ඉවත් කරන්න කරුණාකරලා.(නදී)
අපේ රටටත් කොහෙන්හරි ඔයවගේ බඩු නැවක්වත් එනවනම් අපේ රටේ වෙන ගොඩක් අපරාද අඩුවෙයි! එත් නව වරයට එන්නත් ඉස්සෙල්ල අපේ පළාත් සබා මන්ත්‍රිල ටික වරායේ පෝලිමේ ඉදි!...(නදී)
පැහැදිලි මදි මට නම් :((නි)
අත්තම්මා මේ මුහුදු කොල්ලකාරයින්ට විරුද්ධව නිසි ක්‍රියාමර්ගයක් අරගෙන නැත්තේ ඇයි තවම. ඇයි මෙයාලට විරුද්ධව පියවරක් ගන්න බැරි. මට නම් මේක ලොකු ප්‍රශ්ණයක්. 2010 ඉදන් මේවගේ ඉන්න අය බාර ගන්න බැරි වුනේ ඇයි. මට මේවට දන්න කෙනෙක් උත්තර දෙන්න.(නදී)
කෙවින් මමත් ඔබේ අදහසට එකගයි. මේ ඇඩ් එක හරිම වදයක්.(නදී)
අපරාදේ! අර අපේ මන්ත්‍රීතුමෙකුත් පහුගිය ටිකේ මේ වගේම නැවකට ගොඩ වෙන්න හැදුවා නේද ? ඒකට වැඩිය මේක කොච්චර හොඳද ? ගිලෙන්න කලින් නැග්ගා නම් (දී)