
(සුජිත් හේවාජුලිගේ)
ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදීමට රැගෙන යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අතරමගදි බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත.
පරිත්‍යාගශීලින් ලබාදෙන සහනාධාර අතරමග රැඳී සිටින පිරිස් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත.
අතරමගදි භාණ්ඩ බලහත්කාරයෙන් පැහැර ගැනීම වැලැක්වීමට පොලිස් වසම්හි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවද පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් නොපමාව විමර්ශන සිදුකර ඊට අදාල තැනැත්තන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක කොල්ලෝ කෙල්ලොන්ගේ බඩු ටික තමන්ගේ නම ගහල බෙදුවානම් බත්මුට්ටි උස්සගෙන ගිය අය තමයි.
ඒ කියන්නේ rachu charuwata වැඩ වරදින්න යන්නේ ?
ඒ මදි, කැඩුණු ගෙවල්වල භාණ්ඩ හොරකම් කරන උන් ඉන්නවා කියල අහන්න ලැබුන, උන්ටත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.