IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


බඩ ඉරිඟුවලට සහතික මිලක්

(අංජුල මහික වීරරත්න)

නිෂ්පාදන පිරිවැය මත පදනම්ව බඩ ඉරිඟු සඳහා සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

බඩඉරිඟු අස්වනු මිලදී ගැනීමට රජය මැදිහත් වීමත්,ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමත් සම්බන්ධයෙන් ගොවීන්ගේ අදහස් යෝජනා සළකා බලා කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය. දැනට පවතින නිෂ්පාදන පිරිවැයට අනුව බඩ ඉරිඟු කිලෝ එකකට රුපියල් 135 – 140ට වඩා සහතික මිල අඩු කිරීමෙන් ගොවීන් අපහසුතාවයට පත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඊට වඩා මිල වැඩි කිරිමෙන් සත්ත්ව නිෂ්පාදකයන් හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බවද පෙන්වා දුන්නේය.

බඩ ඉරිඟු ගොවීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

බඩ ඉරිඟු නිෂ්පාදන පිරිවැය අනුව අවම වශයෙන් කිලෝ එකක් රුපියල් 140ටවත් මිලදී ගැනීම කෙරහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා කීය.

පිරිවැය අඩු කරමින් ගොවීන්ට වැඩි ලාභයක් ලැබෙන පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම අඩු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ අතර ඒ සඳහා පොහොර සහනාධාරයක් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

මෙහිදී ගොවීන් සඳහන් කළේ වෙළෙඳ පොළෙන් සහන මිලකට පොහොර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

වෙළෙඳ , වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් තුෂාර වික්‍රමාරච්චි ඇතුලු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් හා බඩ ඉරිඟු ගොවීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

බඩ ඉරිඟුවලට සහතික මිලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site