
(රෝෂන් තුෂාර)
සංවිධානාත්මක අපරාධ ගණනාවකට සැකකරුවකුව කාලයක් තිස්සේ ඩුබාහී සැඟව සිටි මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර නමැති අය ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ 43 වන සැකකරු ලෙස නම්කර දින 90 ක් රඳවා ප්රශ්න කිරීමට කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට (15) අවසර ලබා දුන්නේය.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන් ප්රධාන මහේස්ත්රාත්වරයා සංජීව ඝාතනයට ගිනි අවිය සැපය වූයේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්රශ්න කරන ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා පැමිණිල්ලේ 44 වන සැකකරු ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේය.
ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැකකරුවන් වන මන්දිනූ පත්මසිරි නොහොත් කෙසෙල් බද්දර පත්මේ,පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි,කඩවත මහ බෝධිමාවතේ නීතිඥ තමරා කුමාරි අබේරත්න , සමිඳු දිල්ෂාන් පියුමංග ඇතුළු සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නීතිඥ තමරා කුමාරී අබේරත්න සැකකාරිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd