බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ මහ ඇමැතිකම එහි පරිසර හා කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාට හිමිවීමට වැඩි ඉඩකඩක් ඇති බව දේශපාලන ආරංචි කියයි.
එම තනතුර සභාපති සුනිල් විජේරත්න, අමාත්‍ය රංජිත් සෝමවංශ සහ හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුද බලාපොරොත්තුවෙන් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුර එතුමාට හිමිවියයුතු තනතුරක්. ඉදිරිපත්වී සිටින අනිත් අයට එම තනතුර ගැන අවබෝධයක් නැතිබවයි මට නම් හිතෙන්නේ (නි)
80 දශකයේ මා වරක් මහජන පක්ෂයේ සහ පසුව ශ්‍රීලනිපයේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායකව සිටියදී ගාමිණි තිලකසිරි මහත්මයාගෙන් මට ලැබුන සහයෝගය මට මතක් වෙනවා. මා දේශපාලන වශයෙන් ඉදිරියට ඒම වළක්වන්න යටිකූට්ටු වැඩ කළ අපේම පක්ෂයේ අය දිහා බලනකොට ගාමිණි තිලකසිරි කියන්නේ සැබෑ මහත්මයෙක්. බස්නාහිර පළාතේ මහ ඇමැතිකමට ඔහු තරම් සුදුස්සෙක් තව නැහැ. ඔහුට අපගේ පුර්ණ ආශිර්වාදය. (නි)
ගාමිණී තිලකසිරි හොඳ දේශපාලකයෙක් (නදී)
මගේ මතය අනුවත් ගාමිණී තිලකසිරි මහතා හොද දේශපාලකයෙක්.පක්ෂය වෙනුවෙන් කටයුතු කළ මහජනයා හා නිතර ගැවසෙන චරිතයක්.අන් අය හා සසදද්දී ඔහුගේ පරිනත බව , පරාර්ථකාමිත්වය කැපී පෙනෙනවා. (ම)
කාට දුන්නත් හොරුන්ට නම් දෙන්න එපා .හිටපු එක්කෙනාටත් නාමයක් තියනවනේ (බ)
මට හිතෙන විදිහට ඔය මහඇමති තනතුරට සුදුසුම කෙනා ගාමිණී තිලකසිරි ඇමතිතුමා. පළාත් සබාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම වගේම පළපුරුදු ඇමතිවරයා එතුමා (නි)
ගාමිණී තිලකසිරි මහත්තයාට මහඇමති තනතුර දෙන්නම ඕනෑ.ඒකේ දෙකක් නැහැ.අනිත් කිසිම කෙනෙක් සුදුසු නැහැ මට නම් (නි)