නාරංගොඩපාළුව සහ වල්පොළ බටුවත්ත හරහා ඉදිකිරිමට යෝජිත උතුරු අධිවේගි මාර්ගයට විරෝධය පළකරමින් වල්පොළ ගම්වැසියෝ අද උදෑසන පැවැත්වු විරෝධතාවයට අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැමිණ කියා සිටියේ වල්පොල බටුවත්ත හරහා මෙම අධිවේගී මාර්ගය ඉදිනොවන බවයි
එසේ වුවහොත් තමා දේශපාලනයෙන් ඉවත්වන බවත් ඔහු කිවේය
ඇමති එන විට ඔවුහු දුම්රිය මාර්ග මැද ටයර් පුළුස්සමින් සිටියහ.
උදෑසන ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය තුනකට ද මෙම හේතුවෙන් ගමන්වාර නැවැත්වීමට සිදුවීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දැන් දැන් හැමෝම,තර්ජන, ගර්ජන, වර්ජන හා මර්දන වලට පුරුදුවෙලා.කෝටි ගනනක් ඉන්න රටක සංවර්ධනයක් වෙනකොට 50-60 කට අසාදාරනකමක් වෙන්න ඉඩ තියෙනවා. (නි)
ගොන් බානක් වෙල් එලියක කකා උනී ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී වල්ගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී දේශපාලනයත් වලිගය ඇති ගොනා වැනී... (නි)
ආනන්ද මහත්තයා, ඔබ තුමා මිට ඉහත පල කල ප්‍රතිචාරයක් අනුව මට වඩා වැඩිහිටියෙක් බව දැන ගතිමි. එබැවින්, මා කල ප්‍රකාශයකින් සිත් තැවුලක් ඇති වුනානම් සමාව අයදිමි. නමුත්, මා පැහැදිලි කිරීමක් කල යුතුය. මා විසින් ඉහත සඳහන් දර්ශක දෙක ඉදිරිපත් කලේ හේතුවක් ඇතිවයි. මෙතන, අදහස් දමන සමහරු, රටක සංවර්ධනයට එම රටේ මහා මාර්ග වල දියුණුව බල පාන බවට වැරදි අර්ථ කතනයක් දීමට තැත් කළහ. රටක සංවර්ධනය මනින කිසිම මිනුම් දණ්ඩක මහා මාර්ග පද්ධතිය ගැන සඳහන් වී නැත. කොටින්ම කියතොත් ගෑවිලාවත් නැත. ඒ නිසයි මා ඒ දර්ශකයන් ගැන සඳහන් කලේ. ඔබතුමාගේ, ප්‍රශ්නයට පිළිතුර මෙසේයි. 2005දි ඇමෙරිකානු ඩොලර් 1241, 2010දි ඩොලර් 2400 සහ 2011දි ඩොලර් 2836. ඒක පුද්ගල අදායම වැඩිවූ පමණින් රටක ආර්ථික වර්ධනයක් ඇතිවී යැයි නිගමනය කල නොහැක. අනිකුත්, දර්ශක සහ සාධක සැලකිය යුතු වේ. මගේ රට ආසියාවේ පමණක් නොව මුළු ලොවේම ආශ්චර්යක් වනු දැකීම මගේ බලාපොරොත්තුවයි. හැබැයි, අපේ දේශපාලනඥයින් ජනතාව ගොනාට ඇන්දවීම සඳහා කියන බොරු, පුරසාරම් පිළිගැනීමට මා සුදානම් නැත. එසේ කරන්නේ දේශපාලන ගැත්තන් විසිනි. මා ගැත්තෙක් නොවේ.(නදී)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
ටිකිරි ළමයින්ට තාර කවන්න එපා , කම්මැලි නොවී රස්සාවක් කරන්න, කීර්ති අපි ගුවන් තොටුපොල පාවිච්චි කරන්නේ අපිට අහස් යානා තියාගෙනද?(අ)
ඇයි මිනිස්සු ඔච්චර ඉරිසියා කරන්නේ උඩරට නුවර මිනිස්සුන්ට? කටුනායක, හම්බන්තොට, ගාල්ල මාතර ඔක්කොම පහතරට අධිවේගී මාර්ග හැදුවා. කිසි ප්‍රශ්නයක් නැහැ.මහනුවර අධිවේගී මාර්ගය හදනවට ඔච්චර අමාරුවක් මොකද? (නි)
මේ මිනිස්සු ඉගනගෙන නැද්ද මන්දා? ඒ මිනිස්සුන්ට තේරෙන්න නැහැ සංවර්ධිත රටක වටිනාකම (නි)
ටයර් ගිනි ගන්නවා දැකලා මම හොඳටම බයවුනා (නි)
ලංකාවේ ඉන්න අය හිතන විදිහ ටිකක් වැරදයි නේද? ඇයි දෙයියනේ අදි වේගී මාර්ග හදනවා කියන්නේ කොට කොටා යන්නේ නැතුව ඉක්මනින් ගමනාන්තයට යන්න පුළුවන් බව නොතේරෙන්නේ? අනේ මන්දා ඕන එකටයි එපා එකටයි ඔහොම විරෝධය පාන්න හොඳ නැහැ නේද? අනිවාර්‍යයෙන්ම ඔය පාර කවුරු හරි දේශපාලන ලොක්කෙක්ගේ ඉඩමක් උඩින් යනවා ඇති.(නදී)
පොදු දේපල විනාශ කරන එකට නම් කොහොමත් එකග වෙන්න බැහැ. මොකද ලොකු අයට ඒක දැනෙන්නේ නැහැ. (නි)
විරෝදතා කලාට කමක් නැහැ. පාරවල් වල ටයර් පුච්චන්න දෙන්න එපා. ඊළඟට පාර කැඩිලා වලවල් කියලා උද්ගෝෂණය කරයි.(නදී)
කොහොමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට සංවර්දනය කරා අරගෙන යනවා. එතුමා හරි කෙලින් මිනිසෙක්. එතුමා වැඩකරනේ දුර දිග බලලා. පාර හදන්න ඕනෑ තැනින් පාර හැදෙන්න ඕනෑමයි. ඒක කාටවත් නවතන්න බැහැ. 2020 වෙනකොට ලංකාවේ පාරවල් ඔක්කොම හදන්න සැලසුම් කරලා ඉවරයි. ඉදිරි පරපුරට හොද අනාගතයක් හදන්න ඕනෑ පටු අදහස් වලින් මිදිලා. මේ දේවල් වලට සහයෝගය දෙන්න රට පෙරට සංකල්පයෙන් එකතු වී වැඩකරමු වගකීමක් ඇතුව!!! (නි)
ආරි,ඔබට ස්තූතියි මට දැනගන්න ඕනැ දෙයක් පැහැදිලි කර දුන්නට වැල් වටාරම් නැතුව (නි)
කපිල සහ ඉන්දික හිතන හැටි හරි. මෙහෙම ගියොත් හැම දෙයටම බෝඩ් උස්සගෙන මහපාරේ, දුම්රිය පාරේ, පාසලේ, පන්සලේ , උද්ගෝෂණය කිරීම උප සංස්කෘතියක් වේවි. මේවා පුරුදු කලේ චන්ඩි දේශපාලකයෝ කුලියට මිනිසුන් ගෙනත් දමලා. මිනිසුන්ගේ අපහසුතා ගැටළු කියන්න ස්වාදීන ආයතන නැතිකිරීම නිසාම ජනතාව අසරණ වෙලා. අද ජනතාවගේ ප්‍රශ්න ජනතාවම විසඳගන්න හදනවා. කෝ විනිවිදභාවය. කෝ සමානාත්මතාවය , කෝ සැමට සමාන නිතිය ?? අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ...... (නි)
ලංතාවේ එකදිගට කෙළින් පිහිටලා තියෙන එකම දුම්රිය මාර්ගය - වල්පොළ, බුළුගහගොඩ, බටුවත්ත.... කෝච්චිය තමයි ඔය පළාතේ ගොඩක් අයට තියෙන ලේසිම ගමන් මාර්ගය කොළඹ යන්න. (නි)
මෙතන ඒ මිනිස්සු හිතන්නේ රටේ දියුණුව ගැන නෙමෙයි. එයාලට කොහොම ගෙවල් දුන්නත් තමන්ගේ ගම දාලා යන්න කවුරුත් කැමති නැහැ. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. ඒත් ඉතින් දියුනුවට නම් අධිවේගී පාරවල් ඕනෑ (නි)
අසේල ,දැනට හදලා තිබෙන දක්ෂිණ අධිවේගී මාර්ගය , ගාල්ලේ පදිංචි කොළඹ කන්තෝරු වල වැඩකරන සේවකයන්ට හාවිතා කරන්න බැහැ, ආර්ථික හේතුන් මත. ලෝකයේ දියුණු රටවල අධිවේගී මාර්ග දුප්පත් පොහොසත් සැම දෙනාම භාවිත කරනවා (නි)
ඔතන තියෙන්නේ දේශපාලන මගඩියක් වෙන්නත් පුළුවන්. බොර දියේ මාළු බාන්නට ඉඩ තියන්න එපා (නි)
මිනිසුනේ, කවුරු මොනවා කිවුවත් ඔබ දුරදිග සිතාබලා තීරණයක් ගන්න (නි)
මිනිස්සුන්ට යතාර්තවාදීව සිතන්න අවශ්‍ය ආකල්පමය වෙනසක් ලබා දෙන්න. සත්‍ය පවසන්න. ඔවුන්ට ඇහුම් කන් දෙන්න. එවිට සිතනවාට වඩා සහයෝගය ලැබේවි.(නදී)
බටුවත්ත කොහොමත් සුද්ද කරන්න ඕනෑ, කිසිම පිලිවෙලක් නැහැ. රාගම ඉදලා තමයි පටන් ගන්න ඕනෑ. (නි)
ඉඩම් යටවෙනවා කියලා ජලාශ හැදුවෙ නැත්නම් අද අපි බඩගින්නේ,නැත්නම් කරුවලේ. (නි)
අංජන, අධිවේග මාර්ගය දාලා කෝච්චි පාර වහන්නේ නැහැ. (නි)
සමහරු පාරවල් ඉල්ලලා උද්ගෝෂණ. තවත් සමහරු එපා කියා උද්ගෝෂණ. අනේ මෙහෙම එපා කියන මිනිස්සු! (නි)
වෙලාවට මම ඊයේ හවස ආවේ... (නි)
දවස ගානේ එල කිරි බොන්න !(අ)
මිනිසුන්ට යථාර්තවාදීව සිතිමට අවශ්‍ය ආකල්පමය වෙනස ඇතිකරන්න සත්‍ය සරලව අවබෝධ කර දෙන්න. පුද්ගලිකව සහ ජාතික වශයෙන් ඇති ඇති වැදගත්කම වටහාගත් මිනිසාගෙන් කිසිදු විරෝධයක් එල්ල නොවනු ඇත (නි)
පාරවල් හදන්න හදන්න කගේ කහේ හරි මඩිය තර වෙනවා. මෙතැන කට කරන කාගෙවත් ඉඩම් යන්නේ නැතුව ඇති. එයාලගෙත් ඉඩම් යනවා නම් බලන්න තිබුන නේද?(අ)
ඔන්න ඔහේ ඔබතුමා ඉල්ලා අස්වෙලා ඔය පාර හදන්න ඉඩදෙන්න. මොකක් වුනත් අධිවේගයක්නේ... (නි)
ටිකිරි, මම විතරක් නෙවෙයි නේ ඔයත් ඒ සුදුසුකම සපුරලා තියෙනවානේ අපිදෙන්නම යමු. (නදී)
ආනන්ද මහතාණනි, මා ඉදිරිපත් කල සංඛ්‍යා ලේඛන උපුටා ගත්තේ අපේ මහ බැංකු සහ භාණ්ඩාගාරයේ ප්‍රකාශන වලිනි. ඇසින් දුටු සාක්ෂි මත මුල්‍යමය වාර්තා හෝ අය වැය ලේඛන හදන ක්‍රම වේදයක් අපේ රටේ තබා ලොවේ කොතනකවත් නැත. අප රටේ ජන ලේඛන, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවක් ඇත. මහබැංකුවේ වෙනම දත්තයන් සපයන ඒකකයක් ඇත. ඇසින් දකින දේ බලා පිළිගත හැකි ක්‍රම වේදයක් තිබුණා නම් මෙවැනි රාජ්‍ය ආයතන අවශ්‍ය නැත. එකිනෙකා බලන දෘෂ්ඨි කෝණය වෙනස්. ඒ නිසා සංඛ්‍යා ලේඛන වැදගත් වේ. මා සිරවූ දෙයක් නැත. මෙතන ඔබතුමා ඇතුළු අදහස් පල කල සමහර අය, රටක දියුණුව සඳහා අධි වේගී මාර්ග වල දියුණුව බලපාන බවට තර්ක කළහ. මා පෙන්වා දුන්නේ රටක සංවර්ධනය මැනීමේදී ඒ රටේ මහා මාර්ගවල දියුණුව සම්බන්ධව කිසිදු මිනුම් දණ්ඩක් නැති බව පමණි. ඉහත සඳහන් දර්ශක මා ඉදිරිපත් කලේ රටක දියුණුව මනින දර්ශක මේවා යයි පෙන්වීමට පමණි. (දී)
මේ අධිවේගී මාර්ගය ජා-ඇල, මිනුවන්ගොඩ,ගිරිඋල්ල හරහා කුරුනෑගල,නුවර දක්වා හදන්න (නි)
අනේ මිනිසුනේ ටිකක් මොලේ කල්පනා කරලා තීරණයක් ගන්න. මේක අපේ රටේ සංවර්ධනයේ එක සංධිස්ථානයක්. සමහර විට යම් යම් පක්ෂවල දේශපාලකයින්ගේ පටු අරමුණු වල රතු එළියක් වෙන්න පුලුවන්.(නදී)
ටිකිරි බන්ඩාර, එහෙනම් දැන් නය අඩුවෙලා නේද? ඉසසර මම අහලා තිබුනෙ උපදින්න ඉන්න ලමයෙක් මිලියන ගනනක් නය බවයි. කොහොම උනත් මට මේ ගනන පැහැදිලි මදි මොකද ලක්ෂ 3.5 ගනනේ මිට මොලවගෙන ලමයි කීදෙනෙක්ද උපදින්න ඕනෑ. ඒත් එක්කම කියන්න ඕනෑ නිදහසෙන් පස්සෙ අවුරුදු55 ක්ම කරල තියෙන්නේ මොනවද? එක කිලෝ මීටරයක් හරි දුම්රිය මාර්ගයක් හැදුවද එක පාලමක්? කරපු එකම දේ නය වෙවී යුද්ධ කරපු එක විතරයි. ඒක වත් අවසන් කරගන්න පුලුවන් වුනාද? වංචාව දූෂනය කොමිස් ඕවා නිකං වචන සැට් එකක් විතරයි. හරියට කටේ දාගත්තු චුයින් ගම් පෙත්තක් වගේ හපල ඉවරෙකුත් නැහැ හපල වැඩකුත් නැහැ. කොයිවෙලාවෙ හරි තමුන්ටම එපාවෙලා එලියට දානවා.(නදී)
මේ උද්ඝොෂණ කරන්නේ වල්පොල අයයි. කඩ හා හෝටල් හිමියෙක්ඉන්නාව. එයා මේ ඇමතිතුමගේ හොඳම ගෝලයෙක්. මෙතුමා මෙතනට බැහැල ඉන්නේ එයාගේ කට්ටිය කවර් කරගෙන එයා ඉස්සරහට ඇවිල්ලා ඊ ළඟ ඡන්දෙන් වැඩි මනාප ගන්න. මෙතුමා වල්පොළට කරපු දෙයක් නැහැ. උපන් දා ඉඳන් මමත් වල්පොල කොල්ලෙක්. මේ සංවර්ධන කටයුතු සිදුවිය යුතු දේ . දේපොළ අහිමිවන සියලුදෙනාට විදිමත් ක්‍රමයට වන්දි ලබා දි සංවර්ධන කටයුතු ඉදිරියටම කරගෙන යන්න. සියලුදෙනා සතුටුකරන්න බැහැ. (අ)
එක ඇමතිතුමෙකුත් කලින් කිවුවා එතුමාගේ පුතා වැරදිකරු වුනොත් අස්වෙනවා කියලා. ඒත් තවම මුකුත් වුනේ නැහැ (නි)
රකිත් ,ඔයා හිතන්නෙ සාමාන්‍ය පෙළ මේ රටේ තියෙන හොඳම අධ්‍යපන මටිටම කියලද? ඒ නිසා තමයි ඔයාට තේරෙන්නෙ නැත්තෙ කරත්ත පාරවල් වලින් ගිහින් රටේ දළ ජාතික ආදායමවත් ඒක පුද්ගල ආදායමවත් ඉහල නංවන්න බැරිබව. ඒවා දැන ගන්න තව එහාට ඉගෙන ගන්න ඕනෑ.(නදී)
ඔය උද්ගෝෂණ කරන අය වෙන්න ඇති දුම්රිය පාර දෙපස අනවසර ගොඩනැගිලි හදාගෙන ඉන්නේ (නි)
අපේ ජනපතිතුමා මොනදේ කෙරුවා නොකෙරුවත් අපට නිදහසේ පාරේ යන්න සැලසුවා. නමුත් අපේ මිනිසුන්ට මේ හැමදේම අමතක වෙලා. මම නම් එතුමා මේ රට බේරාදීමට හෝ ගරු කරලා එතුමාට පින් දෙනවා.ගරු කරනවා. කොහෙද අපේ මිනිස්සු විනාඩියෙන් කන්න දීපු දෑත සපා කනවානේ (නි)
මේ වගේ අය ඉන්නකම් රටක් දියුනු කරන්න බැහැ (නි)
6.50 බටුවත්තෙන් දුම්රියක් ගියාට පසු නැවත මන්දගාමී දුම්රියක් පැමිණෙන්නේ 7.25 විතර. ඒකට හේතුව ඊට කලින් සිග්‍රගාමී දුම්රිය 3 ක් යනවා . මිනිස්සු ඊළගට පාරට බහින්නේ ඕකට විරුද්දව තමයි.(නදී)
රකිත්, ප්‍රශ්නෙට පිළතුරක් දෙන්න හරියටම. 2005න් පසුව රටේ දළ ජාතික ආදායම, ඒක පුද්ගල ආදායම, අඩුවෙලාද වැඩිවෙලාද?(නදී)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොච්චර කිවුවත් තවම එක මන්ත්‍රී කෙනෙක්වත් ඉල්ලා අස්වුනේ නැහැ, මේකවත් බලමුකෝ. (නි)
කිසිම රටක සංවර්ධනය ඒ රටේ ඉදි කෙරෙන මහා මාර්ග සංඛ්‍යාවෙන් මනින්නේ නැත. එය දර්ශකයක් නොවේ. දළ ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල අදායම වැනි දේවල් තමයි රටක සංවර්ධනය මනින මිනුම් දඬු. මේවා ඒ කාලේ මා ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ සමාජ අධ්‍යනය විෂයට. සාමාන්‍ය පෙළවත් හදාරලා නැති අය මෙතන ප්‍රතිචාර දැමීම ගැන කණගාටු වෙමි.(නදී)
ආනන්ද, මා කිසිවිටෙකත් සාමාන්‍ය පෙළ රටේ තියෙන හොඳම අධ්‍යාපන මට්ටම කියා පවසා නැත. නමුත්, සාමාන්‍ය පෙළ සමත් නොවී උසස් පෙළ හෝ ඔබ කියන විදියට ඉන් එහාට ඉගෙන ගැනීමට රටේ අධ්‍යාපන ක්‍රමය තුල අවකාශ නැත. මෙය ඔබට තේරුම් ගත නොහැකිනම් කරුණාකර, හෝඩියෙන්ම පටන් ගන්නා ලෙස ඇරයුම් කරමි. යමෙකුට යම් දෙයක් තේරුම් කර දිය හැක්කේ ඒ පුද්ගලයාට එය තේරුම් ගැනීමේ ශක්තියක් තිබෙන විටය. එවැනි අඩිතාලමක් නැති අයකුට පැහැදිලි කිරීමට තැත් කිරීම බිරි අලියට විණා වැනීමක් වැනිය. (නි)
මේ මිනිස්සු හරි හැටියට දැනුවත් කරලා නැහැ. මම දන්නා තරමින් අධිවේග පාරකට ඉඩම් ලබා ගැනීමේදී හොඳ වන්දියක් ගෙවනවා.මේ මිනිස්සු නිකම් බොරුවට නියම තත්වය නොදැන පාරට බැහැලා බව පේනවා. (නි)
අපි සබරගමුවේ කිසි ගැටළුවක් නැහැ දුම්රිය පාරවල්, අදි වේගේ පාරවල් කිසිවක් නැහැ. ගුරු පාරවල්, තිරික්කල පාරවල් විතරයි තියෙන්නේ.(නදී)
මොකද අප්පා අධිවේගී මාර්ගය හදන එකට පක්ෂව තියෙන උද්ඝෝසනේ තවම පරක්කු ? විදුලි බිල වැඩි වීම විරුද්ධව උද්ගෝෂණ යනකොට ඒකට පක්ෂව උද්ගෝෂණයක් තිබුනා වගේ.(නදී)
ආනන්ද, ඔබේ අන්තිම ප්‍රශ්නයට හරියටම පිළිතුරක් දෙන්නම්. හැබැයි, ඊට පෙර මට මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. මා සඳහන් කළ දර්ශක දෙකත්, ඔබ මෙහි සඳහන් කරන දර්ශක දෙකත් අතර වෙනසක් ඇත. කියන්න පුලුවන්ද මොකක්ද කියලා?(නි)
හරිම ලස්සනයි. නමුත් ඇතුලාන්තය කැතයි. අවුරුදු 30 ක යුද්ධය අවසන්. දැන් තව 30 ක යුද්ධයක් වගේ. අධිවේගී මාර්ග දුප්පත් අපිට වැඩක් නැහැ.කරන්න ඕනෑ මේ ක්‍රමය නැති කරන එකයි. නමුත් ඒක කවදා වෙයිද? (නි)
ස්වර්ණා , මොනවා කරන්නද? රටම කන්න දීලා අපි බලන් ඉන්නවා (නි)
ලංකාවේ ඉන්නේ පුදුමාකාර මිනිස්සු (නි)
අධිවේග මාර්ග රටක සංවර්ධනයට මහා රුකුලක්. මුළු ආසියාවේම මාර්ග බිහිවෙනවා. අපේ සමහරු ළිඳේ ඉන්න ගෙම්බෝ වගෙයි තාමත්. (නි)
කිලක් ඩුබායි. ඇත්තටම ඔයා ලංකාවෙ ඉඳලම නැත්ද ලංකාවෙ ගෑනුලමයෙකුට තියා ආව්වි කෙනෙකුටවත් පාරෙතියා ගෙදරකවත් ඉන්න බැරිකාලයක් තිබුණා ස්වරනා ගෙ අදහසට මමත් එකඟයි දිල්කිට කියන්න තියෙන්නෙත් එටිකම තමයි.(අ)
රකිත්, මමත් සාමාන්‍ය පෙළ හදාරලා නැහැ. දළ ජාතික ආදායම ඒක පුද්ගල ආදායම ගැන පොඩි විස්තරයක් කරනවද අපට දැතගන්නත් එක්ක. විශේෂයෙන්ම 2005 ට පසුව ඉහත ආදායම ඉහල පහල ගිය ආකාරය පිළිබඳව.(නදී)
බටුගොඩ ඉන්න අයගේ මොලේ බටු සයිස් වගේ (නි)
පාරවලුත් හදනවා රටත් හදනවා. මේ කාටවත් මේ වැඩ නවතන්න බැහැ. මේ වැඩ කරන්නේ රටේ අනාගතයට. අපේ දරුවන් ජීවත්වෙන්න ඕනෑ උසස් ජාතියක් හැටියට. රටේ සංවර්ධනය වෙන්න ඕනෑ ඉක්මනින්ම. අද කොරියාව ,මැලේසියාව, ඉන්දියාව, චීනය, වියට්නාම, සිංගප්පුරුව ,ඉන්දුනීසිය දිහා බලන්න. කොහොමද ඒ රටවල් ගමන් කරන්නේ? අපි තාම ගල් යුගයේ. හිතමු ධනවාදී විදියට රට පෙරට (නි)
ඇමතිතුමනි ! දේසපාලන වාසී ගන්න එපෝ.(නදී)
රටේ ආදායම් බෙදීමේ විෂමතාවයක් තිබියදී කොහොමද මේ ඒක පුද්ගල ආදායම,දල ජාතික ආදායම ගණන් බලන්නේ.ගොඩක් රටවල මේ පන්ති බේදය සම කරලයි ඔය කියන ගණන් බලන්නේ. දැන් මේ ඒක පුද්ගල අදායම කියන්නේ ප්‍රධාන පුරවැසියාගේ ආදායමද? එහෙම නැත්නම් කාගේ ආදායමද? (නි)
මොනදේ කලත් පොදු දේපල විනාශ නොකරන්න.(නදී)
ඔහොම උද්ගෝෂණ කරන්න කලින් මෙහෙම හිතන්න. රේල් පාර හදනකොට ඔයගොල්ලන්ගේ සීයලා මුත්තලා උද්ගෝෂණ කරලා ඒක නතර කළා නම් අද තියන ප්‍රවාහන පහසුකමත් නැහැ. ඒ වගේම අද ඒ අයත් නැහැ. (නි)
දන්නෝ දනිති මේකේ අග මුල (නි)
මේක උසිගැන්වීමක්, ටයර් ගිනි තියපු අය සොයා දඩුවම් දිය යුතුයි (නි)
ආනන්ද, කරුණාකරලා දැන්වත් එහෙනම් සාමාන්‍ය පෙළ හදාරලා බලන්න. නැතිනම් ඉගෙන ගන්න දරුවකුගේ පොතපතක් අරගෙන බලන්න. ඉගෙන ගැනීමට වයසින් බාධාවක් නැත. ඉන්පසුව, මා ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නම්. (නි)
අදි වේගී මාර්ගයට ගෙවල් යන්නේ 10-20 ක් වගේ. මෙතන සෙනග 200 - 300 විතර ඉන්නවා. අනිත් අයට ඉරිසියයි ලොකු වන්දියක් නොලැබෙන එකට. මමත් රාගම ඔතන ඇත්ත තත්වය මමත් දන්නවා.(නදී)
පළමු අධි වේගී මාර්ගය ඉඳිකළ කහතුඩුව පැත්තේ හදනකොටත් ඒ කලේ හරි උද්ඝෝෂණ ,පවරා ගැනීම් අඩුකරලා, කොටසකට පස්සේ හොඳට වන්දි දෙනකොට උද්ඝෝෂණ කල මෝඩකම් කියල හිතුනා. මේ වගේ තමයි අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෑ ,ලෝකයත් සමග යන්න.(නදී)
අධිවේගී මාර්ග හැදෙන එක රටේ සංවර්ධනයයි. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. (නදී)
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා හරි තීරණය ගන්නවා ඔය හොර දෙශපලකයන්ට එක නවතන්න බැහැ අපි එතුමාට හැමදාම සහයෝග දෙනවා මේ රට හරිමගට ගෙන්න ජනතාව තව ටිකක් බුද්දීමත් වෙන්න ඕනි මේ තීරණ බලපනේ ඉදිරියට දැන් දුක්විදිනව රැකියාවකට ගියාම කරගන්න බැහැ මෝඩකම් අතහැරලා දැන්වත් ලෝකේ දිහා හොදට බලන්න අපි තාම ලින් අඩියේ අපි හැර අනිත් රටවල් දියුණුව කරා වේගයෙන් ගමන් කරනවා ජාතිවාදී කම් අතහැර සිහල දෙමල මුස්ලිම් හැමෝම එකා වගේ හිතල වැඩ කරමු සැමට බුදු සරණයි !!!!! (අ)
ස්වර්ණා,හීනයක්වත් දැකල දොඩවනවද?හොදට ඇස් ඇරලා බලන්න. (නි)
බටුවත්තේ රාගම පැත්තේ කොහොමත් ඔයවගේ කට්ටිය තමයි ඉන්නේ අනාගත දකිනෙ නැහැ එකා ඇමතිලාට වාසියි ඡන්දෙ විතරයි රට ගැන හිතනේ නැහැ. කොහොමත් ඔය පැත්ත සුද්ද කරන්න ඕනි සදාචාරය හරිම අඩුයි (අ)
අපිට සහ අපේ දරුවන්ට බඩගින්නට කන්න වෙන්නේ අධිවේගී මාර්ග වල තාර තමයි. (නි)
ඔය පැත්තේ ගන්න දෙයක් නැහැ හරිම අපිරිසිදුයි පාර හදල හොඳට සුද්ද කරන්න ඕනි පිළිවෙළකට හවසට පාරෙයන්නත් බැහැ හොරු චෙන් කඩනවා ඔය හැම දෙකට වගකියන්න කවුද (අ)
පිට රටවල ඉන්න අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නැහැ. අපිට මාසේ අන්තිමට ඩිරාම් වලින් පඩි ලැබෙනවා. ඒ නිසා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නයි මමත් පුරුදු වෙන්න හදන්නේ.හරිම දුකයි රටට වුන විනාශය ගැන. (නි)
ස්වර්ණා,අද කාලේ අඩුම වශයෙන් ගෑනු දරුවෙකුට තනියම පාරෙවත් බැහැලා යන්න පුලුවන්ද? කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ,මංකොල්ලකාරයෝ,ළමා අපචාරකයෝ ,පාතාලයෝ පිරිලා. (නි)
ආනන්ද රටක සංවර්දනය කියන්නේ කෝටි ගණනින් කොමිස් කාල කිසිම තත්ව පරික්සනයකින් තොරව කරන සංවර්ධන නෙමෙයි .අපි නිදහස් වුන අවරුදු 60 කදී අර ගත්තු මුළු නය ප්‍රමාණය මේ අවරුදු 5 තුල අරන් තියෙනවා. කළු සල්ලි සුදු කරන විනිමයේ ආචාර්යවරු ,මහාචාර්යවරු කී දෙනෙක් රැකියාව දාල ගෙදර ගිහින් තියෙනවද?දැන් උපදින දරුවත් ලක්ශ 3.5 ණය අත මිට මොලවගේන උපදින්නේ. (දී)
හයිවේ කෝච්චි පාරක් හැදුවා නම් හරිනේ (නි)
අපි නම් අපේ රට හදනවට කැමතියි (නි)
ඔය අධිවේගී මාර්ග ඉල්ලන එක් කෙනෙකුටවත් ඔය අධිවේගී මාර්ගයට ඇතුළු කරන්න පුළුවන් වාහනයක් තියෙනවද දන්නෙ නැහැ (නි)
ආනන්ද මමත් සාමාන්‍ය පෙළ හදාරලා නැහැ.එහෙනම් ඔහේ අපේ පාර්ලිමෙන්ට් යන්න මුලික සුදුසුකම සපුරලානේ තියෙන්නේ. (අ)
මේ පොඩි රටට මෙපමණ අධිවේගී මාර්ග මොකටද? සේරම ඉඩම් ඒ වගේ දේවල් වලට යට කලාම මිනිස්සු ජීවත් වෙන්නේ මුහුදේද? (නි)
බටුවත්තේ තියෙන ඉන්ධන හල බේරගන්න නේද මේ සේරම. (අ)
මේ හැමෝම ගම හැදෙනවට කැමැති නැහැ වගේ , (අ)
දැන් මේ පාර වෙන පැත්තකින් ගියා කියමුකෝ. එතකොට ඒ පැත්තේ මිනිස්සුත් විරෝධතා දැක්වුවොත් මොකද වෙන්නේ? පොලොව යටින් හෑරුවා නම් හොද බවයි මගේ අදහස. (නි)
රටට හොඳ දෙයක්නේ කරන්න ඉඩ දෙන්න අලාභයක් වෙනව නම් මුදල් ගෙවයි නේද (අ)
මේවායේ වන්දි දෙන්නේ ඉදිරි අවුරුදු 25 ට පස්සේ තක්සේරු වටිනාකම බලලා. ලොකු මුදලක් හම්බවෙනවා. ගම් දෙකඩ වෙනවා කියලා උද්ඝෝෂනය කළත් සැබෑව මොකක්ද කියලා අනුමාන කරන්න පුලුවන්.(දී)
ගම හැදුනට මොකඩ එක දවසකට කියක් මැරේවිද. බුදු දහම සත්‍යයි. දියුණුව මිනිසාගේත් සමාඡයේත් විනාශයයි (අ)
මේක ඔතන ඉන්න ලොකුම කෙනෙක්ගේ දේපලක් යට වෙනවට උසි ගන්වපු එකක් නොවෙයි නම් අනේ අහිංසක මිනිස්සුන්ට යහපතක් වෙයි (නි)
මෙතන අදහස් දාන සේරම යවන්න තියෙන්නේ පාර්ලිමේන්තුවට (නි)
පින නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ (නි)
ආනන්ද ,සුපිරි පැලැන්තියක් රට සුරගෙන කනකොට අන්ත අසරණ අපි වගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සිද්ධ වෙන්නේ දරුවන් සමග ගගට මුහුදට පැනලා ජීවිතය විනාශ කර ගැනීමටයි. (නි)
අනිත් අධිවේගී මාර්ග වලටත් කැඩුණේ මෙයාලගේ වාගේම මිනිසුන්ගේ ගෙවල් තමා.එත් කවුරුවත් මේවගේ පිස්සු නටුවේ නෑ..මොකෝ මේවා රත්රන් ඉඩම් ද..(අ)
අධිවේගී මාර්ග ඕනෑ රටක දියුණුවට. ඒක කරන්න ඕනෑ පාරම්පරික ඉඩකඩම් වලට හානි නොවන විදියට (නි)
කැලේ ඉන්න මිනිසු කැලෙටම තමා කැමති.(අ)
රටක ඉදි කෙරෙන අධිවේගී මාර්ග සංඛ්‍යාව එම රටේ සංවර්ධනය මනින මිනුම් දණ්ඩක් නොවේ. ඇයි අපේ මහත්වරු වෙන වැඩ පසක තබා අධිවේගී මාර්ග සැදීමට පෙළබෙන්නේ? මෙවැනි වැඩ වලින් තමයි රටේ සංවර්ධනය කෙසේ වෙතත් සුළුතරයකගේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වෙන්නේ. (නි)
රටක සංවර්ධනය ට වඩාත් අවශ්‍ය වන්නේ පොදු ජනයට ගමන් කල හැකි ද්විත්ව හෝ තනි මාර්ග දුම්රිය මාර්ග පද්ධතියකි. රටේ හැම කෙනකුටම එයින් ප්‍රයෝජනයක් අත්වෙනවා. ඇති, හැකි, නැති, බැරි හැමෝටම ප්‍රයෝජනයක් දුම්රිය මාර්ග. ලංකාවේ හැම තැනකම දුම්රිය මාර්ග හදන්න බැරි බවත් ප්‍රායෝගිකය. අධිවේග මාර්ගයේ, යන්නේ ඒ සඳහා ගෙවන්න හැකි අය විතරය. එතකොට මුළු රටේම පුරවැසියන් ව පෙන්නලා, ඒ අය වෙනුවෙන් ණය අරන් අධිවේග මාර්ග හදලා සුළු පිරිසකට පමණක් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව ලබා දීම කුමන සාධාරනත්වයක්ද? (නි)
මෙහෙම ගියොත් උද්ගෝෂණය කිරීම අපේ උප සංස්කෘතියක් වේවි (නි)
බාධාවකින් තොරව මත් කුඩු අලෙවියට ඉඩ දී ඇති අය ගෙන්වා මෙයට පක්ෂව වෙනත් උද්ගෝෂණයක් සංවිධානය කරන්න. විදුලි බිල වැඩි කිරීමට පක්ෂව උද්ගෝෂණ සංවිධානය කළා මෙන්.(නදී)
රට සංවර්දනය කරන්න ලැබෙන්නැද්ද එතකොට .ලංකාවේ ඒ ප්‍රදේශයේ අදිවේගී මාර්ග හදන්න වෙන් නැනේ එතකොට කවදාවත් . (දී)
ආධිවේගී පාරවල් හදන එක හොදයි. ඒ වුනාට අපේ රටේ මිනිස්සු රටට විදෙස් විනිමය ගෙනෙන්න ගිහින් අමාරුවේ වැටිලා ඉන්නවා. කෝ ඒ අයව ගෙන්නුවාද? අධිවේගී මාර්ග දැක්කම ලෝකය හිතන්නේ ලංකාව දියුනු රටක් කියලා. නමුත් ඇත්ත දන්නේ අපිනේ (නි)
අපේ මිනිස්සුන්ට නම් කියල වැඩක් නැ මෙවැනි සංවර්ධන ව්‍යපෘති වලට විරුද්ද වීම අද ඊයේ නොව එදා ඉඳලම මෙහෙමනේ ඉතින් රට පස්සට යනවා රටේ සංවර්ධනයට පුළුල් මාර්ග පද්දති අවශ්‍යයි කොහොම වුනත් ජනතාවට පීඩා නොවන විදිහට වීථි රේකා සටහන් නියමිත ආකාරයෙන්ම සිදු කිරීම වැදගත් කියල මට හැගෙන්නේ (අ)
රටක් සංවර්ධනය වෙන්න ඕන වුනත් මෙහෙම අසාධාරණ විදිහට සංවර්ධනය වෙන්න හොඳ නෑ.මොකද කලින් යන පාරට අඩු පිරිවැයක් යන්නේ.ඒ වගේම ගෙවල් පනහක් පමණි යන්නේ.එත් දැන් මුළු ගම දෙකක් දෙකඩ කරමින්, වර්ෂ අසු පහක් මුළුල්ලේ පවත්වාගෙන ගිය පෙරහැර නවතාලමින්,ගමට සොහොන් පිටියක්ද නැති කරමින් කිරීමට යන මෙම ක්‍රියාවට අපි විරුද්ද වෙමු.අනාගතය දකින පිරිස්,සදාචාරාත්මක ප්‍රදේශවල වල සිටින පිරිස් වලටත් මෙවැනි දෙයක් සිදු වුනොත් ඔබලත් ක්‍රියා කරන්නේ මෙලෙසට නොවේද?එබැවින් ඒ සඳහා කැමති හැම අයෙකුගේම ප්‍රදේශ වලින් මෙවැනි අධිවේගී මාර්ග යාමට අපි ප්‍රර්ථනා කර සිටිමු. (අ)
රටක දියුණුවට මහා මාර්ග අවශ්‍යයි. ඒක තේරුම් ගන්න බැරි ශ්‍රී ලාංකිකයන් කොහෙද රටක් හදන එකක් තේරුම් ගන්නේ? දැන් ඕක කිව්වා කියලා මෙතන ඉන්න අය කියයි ලොකු ලොකු කතා. නමුත් අපි තේරුම් ගන්න ඕනෑ අද රටේ තත්වය. අපේ මිනිස්සුන්ට දුර දක්නා නුවන නැහැ. දුර දක්නා නුවන තියෙන අය ඔක්කොම රට රටවල ජීවත් වෙන්නේ (නි)
රකිත්, හදන අදි වේගී මාර්ග වලින්, නැව් නොඑන වරායවල් වලින්, ගුවන් යාන නොඑන ගුවන් තොටුපොළවල් වලින් ගසා කන කළු සල්ලි සුදු කරන තැනක් තමයි විනිමය ආයතනය. අචර්‍යවරුන්, මහාචාර්‍යවරු නම් කී දෙනෙක් සභාපතිකම දාල ගෙදර ගියාද? (නදී)
රකිත්,නොදන්නා දේ කතානොකර ඉන්නවා නම් වැඩිය හොඳයි. නටන්න බැරි කෙනා කිව්වලු මේක පොළවෙ ඇදේ කියලා. මම සාමාන්‍ය පෙළ කාලේ 1974 තරම් ඈත සංවර්ධනය මනින්න ඉස්සර සංවර්ධනයට යන්න දේවල් ඇති කරන්න ඕනෑ. පොල් ගහක් හිටවලා අවුරුදු පහක් හයක් යන්න ඕනෑ ගෙඩි කඩන්න. එතකොටයි ඒක දළජාතික ආදායමට එකතුවෙන්නෙ. ඒ එක්කම ඒ ගහ හිටවපු කෙනාගෙ ආදයම වැඩිවෙනවා. අපට උගන්නපු ගුරුවරු කිව්වෙ එහෙමයි. ඔයා ගෙ අදහස අනුව පොල්ගහක් හිටවන එක අයිති වෙන්නෙ මොන දර්ශකයටද? (නි)
පුච්චන එක ගැන හොද පැටිකිරියක් තියන උදවිය නේ ඉතින්.(නදී)
වැඩි වැඩියෙන් අදි වේගී මාර්ග හදන්නේ වැඩි වැඩියෙන් කෝටි ගණනින් මහජන මුදල් ගසා කෑමටනේ. මොකද හැමදාම සුනාමි එනවා කියලයෑ.(නදී)
ඒක පුද්ගල අදායම ආර්ථික වර්ධනය මනින ලොව පිළිගත් මිනුම් දණ්ඩක්. පසුගිය වසර කිහිපය තුල ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තියෙනවා. කරුණාකරලා මෙම මිනුම් දන්ඩේ වැරදි තියෙනවා නම් හොද මිනුම් දණ්ඩක් හදා දෙන්න නොබෙල් තෑග්ග උනත් හම්බවෙන්න ඉඩ තියෙනවා. නිකම් බොරුවට යම් තරමක් හෝ වර්ධනය වුනු ආර්ථිකයට ඊර්ෂ්‍යා නොකර.(නදී)
මේක තමයි රටේ සංවර්දනය අදිවේගී පාරවල් අපිට අවශයි මේක අපේ දරුවන්ගේ අනාගතය. ඇමති තුමෝ චන්දෙ බලල වැඩක් නැහැ රට ගැන හිතන්න ඔය මුඩුක්කු ගෙවල් ටික අයින් කරන්න ඕනි හරිම කැතයි (දී )
රකිත් මහතානෙනි, කිසිදු සිත්තැවුලක් හෝ ද්වේෂ සහගත සිතුවිල්ලක් මාතුල නැත. සංවාදය හුදෙක් දැනුවත්වීම සඳහා මිස කිසිවෙකුට ගැතිකම් කිරීමක් සඳහා නොවේ. කෙසේ වුවද අපදෙදෙනා ගේම බලාපොරොත්තුව එකක්වීම සතුටට කරුනකි. මා පිලිගන්නේ ඇසින් දකින දේ මිස සංඛ්‍යයා ලේඛන නොවේ. එසේම ඔබේ ප්‍රකාශ තුල ඔබම සිරවී ඇති ආකාරය පෙන්වාදෙන්න අවසරයි. 2013/ 7/ 25 රටේ දළ ජාතික ආදායම හා ඒක පුද්ගල ආදායම රටේ සංවර්ධනය මනින මනුම් ඳඩු ලෙස පෙන්ර්‍වාදෙන ඔබ නැවත 7/26 කියනවා දළ ජාතික නිෂ්පාදනය රටේ ජනගහනයෙන් බෙදූ විට ඒක පුද්ගල ආදායම ලැබෙනවා කියලා. නැවත 7/27 කියනවා ඒක පුද්ගල ආදායම 2005, 2010, 2011තුල ඉහල ගිහින් කියලා ඔබෙ ඉහත දැක්වූ ආකාරය අනුව දළ ජාතික නිෂ්පාදනය විශිෂ්ට ලෙස ඉහල ගොස් තිබෙනවා. මේ දෙකම එළි වුනාම දැන් කියනවා. ඒක පුද්ගල ආදායම වැඩි වු පමනින රටක් සංවර්ධනය වෙලා කියන්න බැහැ තවත් මිනුම් දඬු තියෙනවා කියලා. කරුනාකරලා සමාජ අධ්‍යයනය පොත නැවත අරගෙන බළලා ඒ මිනුම් ටිකත් මේකට එකතු කලොත් හොඳයි අපේ දැන ගැනීම පිනිස.(නදී)
ඇත්ත කතාව නම්, මේ නුවර -යාපනය අධිවෙගී මහා මාර්ගයේ සැලසුම තිබුනේ ඔය බටුවත්ත, වල්පොල ප්‍රදේශ වල දුම්රිය මාර්ගයට සමාන්තරව. එවිට හානියට පත්වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය මාර්ගය දෙපස රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකිරීම් සහිත නිවාසයි. එයට නිවාස 50-100ක් පමණ අයත් කියා සඳහන් කර තිබුනා. එහෙත් දැන් අධිවේගී මාර්ගයේ මුල් සැලසුම වෙනස් කර එය ගම ඇතුලෙන් යන ආකාරයට වෙනස් කර ඇති අතර එයට නිවාස 600-700ක් අතර ප්‍රමාණයක් හානියට පත්වේ යයි එම ප්‍රදේශවාසීන් ලිපියක් යොමුකර තිබුනා. අද දින මෙම විරෝධතාවය සිදුකර ඇත්තේ එම දුම්රිය රක්ෂිතයේ බලහත්කාරයෙන් නිවාස සාදාගෙන සිටින පිරිස් සහ ඇමති හෙංචයියන් විසිනි. (දී)
ටිකිරි,දැනට කීදෙනෙක් මුහුදට පැනල ජීවිතය විනාශ කරගෙනද? කොහොම වුනත් ඔබේ දරවන්ට ඒ දේ නොවන්න හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට ඔයාටත් පුලුවන් සුපිරි පැලැන්තියට ඇතුලු වෙන්න. මං දන්න තරමින් ආත්ම ගරුත්වයක් ඇතිකෙනෙක් තමුන්ව අන්ත අසරන අය ලෙස හඳුන්වා ගන්නෙ නැහැ. කෙනෙක්ගේ අසරන බව වෙනත් අය විසින් තීරනය කළයුත්තක් (නි)
මිනිස්සු මොනවා කියුවත් මට පාර ඕනේ වේගෙන් යන්න මා තරමින් අධි වේගී පාරවල් නිසා බිම් අහිමි වූ කාටත් අසාධාරණයක් උනේ නැහැ (දී)
රට සංවර්දනය කරන්න ඕනි කොහොමත් ඔය මින්ස්සුන්ගේ දහස් වලට ඒ දේ යටකරන්න දෙන්න බැහැ බටුවතේ කට්ටිය ඉන්නේ තවම ගල් යුගයේ ඔක්කොම අයින් කරන්න අපිට ඕනේ අදිවේගී පාරවල් ඇමතිට ගෙදර යන්න කියන්න එක හොදයි !!!!!!!! (දී)
මෙතන මොන තරම් මෝඩයෝ අදහස් දාලා තියෙනවද බලන්න.ඔය අධිවේගී මාර්ග ඉල්ලන එක් කෙනෙකුටවත් ඔය අධිවේගී මාර්ගයට ඇතුළු කරන්න පුළුවන් වාහනයක් තියෙනවද? (නි)
බටු වත්තේ මිනිසුන්නේ මොලේ ටිකක් කල්පනා කරන්න.(නදී)
මිනිස්සු තමුන්ගේ වාසිය වෙනුවෙන් රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලා උද්ගෝෂණ කරන හැටි? (නි)
සිල්වා,රටම ණය කරලා අධිවේගී මාර්ග හැදුවට රට කොහොමද දියුනු වෙන්නේ? දැනටමත් අරන් තියෙන ණය කන්දරාව අපේ නිදහස් වුන අවුරුදු 60 කටම ගත්තු ණය ප්‍රමාණය හා සමානයි (නි)
ටිකිරි , ඔයාල වගේ අයට කවන්න ඕනෑම තාර තමා.(නදී)
අධිවේගී මාර්ග වලින් පමණක් රටක දියුණුවක් ඇති කළ නොහැක (නි)
මාධවී, ඒක පුද්ගල අදායම ගණනය කරන්නේ දළ දේශීය නිෂ්පාදනය රටේ මුළු ජනගහනයෙන් බෙදීමෙන්. උදාහරණයක් ලෙස, 2012 අගෝස්තු 8 නිකුත් කරන ලද මහබැංකු නිවේදනයේ සඳහන් වන පරිදි 2011දි දළ දේශීය නිෂ්පාදනය රු බිලියන 6,543. මෙය රටේ ජනගහනයෙන් බෙදු විට රු 313,511 නොහොත් එවකට විදේශ විනිමය අනුපාතය අනුව ඇමෙරිකානු ඩොලර් 2836ක් වේ. (නි)
අපේ මෝඩ මිනිසුන් නිසා කවදාවත් රටක් සංවර්දනය කරන්න ලැබෙන්නේ නැහැ.(නදී)
ඇමතිතුමා මේ මාර්ගය බටුවත්ත හරහා හදන්න. ඔබතුමා ඉල්ලා අස්වෙන්න ඕනෑ නැහැ. (නි)
ඇත්තටම ඔබ ඉල්ලා අස්වෙනවද ඇමතිතුමා. ලංකාවේ වර්තමානයේ සිදුවෙන වැරදි වලට ඉල්ලා අස්වුණු ඇමතිවරු එමටයි. ඒත් කොමිසන් වලින් ඒ ගොල්ලෝ නිවැරදි වෙනවා. අන්තිමට ඉල්ලා අස්වුණු කවුරුත් නැහැ (නි)
දැන් හැම විරෝධතාවයකටම පාරවල් රේල් පාරවල් අල්ලගන්න පුරුදු වෙලා. මේ ක්‍රමය ඉක්මනින්ම නැවැත්තුවේ නැත්තම් ඉදිරියේදී ලොකු ප්‍රශ්නයක් වේවි.(නදී)
රටක් දියුණු කරන කොට කැප කිරීම් කරන්න වෙනවා. අනිත් එක වන්දි ගෙවන කොට 125% වන්දිත් ගෙවනවා. හැම දෙනවා හැම දෙයටම විරුද්ද උනොත් රටේ මුකුත් කරන්න වෙන්නේ නෑ.(නදී)
මෙහෙම තැන් වල පාර උඩින් (කණු මත) හැදුවම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වේවි කියා මම හිතනවා. (නි)
ඇමති තුමාගේ බොරු මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? පාරේ ටයර් පිලිස්සුවම තියන පාර උනුවෙලා කැඩෙන එකයි වෙන්නේ.(නදී)
මේ විදියට කියපු ඇමතිවරු ඉල්ලා අස්වුනානම් මේ වෙනකොට පාර්ලිමේන්තුවක් නැහැ. සේරම ඉල්ලා අස්වෙලා. (නි)
දේශපාලුවෝ මේ දවස් වල පිස්සු නටන නිසා මහා ජනයාත් එයම කරලා.දුම්රියේ ගමන් ගිය ජනතාවට අපේ කනගාටුව (නි)
රටක් දියුණු වෙන්න මාර්ග පද්ධතීන් දියුණුවීම අත්‍යාවශ්‍යයි. ඔන්න ඔහේ අධිවේගී මාර්ගය හදලා දීලා දේශපාලනයෙන් අයින් වෙන්න ඇමතිතුමනී. (නි)
මේ විදියට කොහොමද රටක් දියුණු කරන්නේ? හැමදෙයටම හැම තැනකම උද්ඝෝෂණ. මේ නිසා තමයි අපේ රට තවමත් එකම තැන. (නි)
දැනට හදලා තියෙන අධිවේගී මාර්ගයේ බස් මගීන් ගෙන් විශාල මුදලක් අය කරනවා. මේහි වාසිය තිබෙන්නේ සල්ලි කරයන්ටයි. බස් වලිනුත් වැන්, කාර් වලින් ගන්න ගාස්තුවම අරගෙන එහි වාසිය බස් මගීන්ට දෙන්න. එතකොට සාමාන්‍ය ජනතාවටත් මෙහි ප්‍රතිලාබ තිබෙනවා. නැත්නම් මිනිස්සු නය වෙලා අධිවේගී මාර්ග හදනවට විරුද්ධ වේවි.(දී)
තත්ත්වය සමථයට පත්කරන්න කියා සිතා එහෙම කිවුවද අපි දන්නෙ නැහැනේ. එකපාරටම කොහොමද ඇමතිතුමා එහෙම තනි තීරණයක් ගන්නේ? (නි)
හොංකොං දේශයේ අධීවේගි මාර්ගයන් අධ්‍යයනය කලානම්, සාමාන්‍ය ජනතාවට මෙම මාර්ග නිසා ඇතිවන අපහසුතා මගහරවාගත හැකියි. නමුත් වියදම නම් ටිකක් සැරයි.මේ මාර්ග සදහා කරන වියදම බැලුවම, කරන්න අමාරුම නැහැ. (නි)
අදිවේග මාර්ග හැදුවට කමක් නැත. මිනිස්සුන්ගේ ජීවන වියදම ගැන පොඩ්ඩක් බලන්න. රට දියුනුවෙනවට අපි කවුරුත් කැමතියි (නි)
කොළඹ නුවර අධිවේගී මාර්ගය අතරමග නතරවේවිද? රට දියුණු වෙන්න මාර්ග අත්‍යවශයි නේද? විරෝධයට හේතුව තේරුම් ගන්න අපහසුයි.(නි)
තවමත් මේ අය ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ තමයි.ඉඩකඩම් වලට තණ්හාවේ රටේ කාර්යක්ෂම තත්වයත් නැති කරනවා.අද කී දෙනෙක් කන්තෝරු වලට පරක්කු වෙන්න ඇද්ද?කී දෙනෙක්ගේ වැඩ පාඩු වෙන්න ඇද්ද?මේ බටුවත්ත පැත්තේ ඉන්නේ කොහොම අයද කියලා මම හොඳට දන්නවා. (නි)
දුකට පත්වන ජනයා දඬුවම් කල යුත්තේ මජන මුදලින් සුර සැප විදින දේශපාලකයන් ,නිලදාරින්ට මිස මහජන දේපල වලට නොවේ. දේශපාලඥයින් අස්වීමට තැත් කලද එයට විරුද්ධව අස්වෙන්න එපා යැයි කියන දේශපාලන වහලුන් මෙරටෙහි බොහෝය (නි)
අධිවේගී මාර්ග නැතුව කොහොමද රටක් සංවර්ධනය වෙන්නේ? ඇයි අනේ අපේ මිනිස්සු මේ විදියට හැසිරෙන්නේ? (නි)
අසන්ක, මෙහේ මිනිස්සු මෝඩ නැහැ. මේ මිනිස්සු කියන්නේ හානිය අවම මාර්ගයක් තිබියදී ඇයි ගම් දෙකක් විනාහ කරගෙන තවත් පාරක් හදන්නේ කියලා. මම මේ ගමේ කෙනෙක්. කරුණූ නොදැන අදහස් දාන්න එපා (නි)