බෝට්ටුවලින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි උතුරේ වැසියන් 26 දෙනකු ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත අසලදී සොයාගත් ඉන්දියා වෙරළ ආරක්ෂක භටයෝ ඔවුන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට එවන බව කියති
බෝට්ටුවලින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි උතුරේ වැසියන් 26 දෙනකු ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත අසලදී සොයාගත් ඉන්දියා වෙරළ ආරක්ෂක භටයෝ ඔවුන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට එවන බව කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්! (නි)
මලික්, මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තමයි. ඔයා කියන විදියට යන්තම් පණ ගැටගහගෙන ඉන්න අය මම නම් දැක්කේ රෝහල් වල තමයි. ඔයාට ඉංග්‍රීසි ප්‍රවෘත්ති තේරෙන්නේ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න නිකන් බොරු ලියන්නේ නැතුව. බෝට්ටු සංක්‍රමණිකයෝ සහ ස්ථිර පදිංචියට මෙහෙ එන මිනිස්සු එකට සසඳන්න එපා. ඔයා ඕස්ට්‍රේලියාවේ ඉඳලා නම් මේවා කියන්නේ ඔච්චර දුක් විඳගෙන මෙහෙ ඉන්නේ නැතුව අාපහු ලංකාවට ගිහිල්ලා සැපට ඉන්නකෝ. ඔයා ලංකාවේ ඉඳලා නම් මේවා ලියන්නේ තව විස්තර ටිකක් හොයලා අදහස් පළ කරන්න. (නි)
අනේ ඉතින් ඔය බෝට්ටුවල එන කට්ටිය කිසි කෙනෙකුට ඕස්ට්‍රේලියාව දකින දුරකටවත් එන්න දෙනවද? අපරාදේ මේ හොර තැරැව්කරුවන්ට දෙන සල්ලි.(නදී)
දර්ශනගේ කතාව ඇත්ත. ස්ථිර පදිංචියට සුදුසුකම් ලබපු කිසි කෙනෙකුට වැරදුනේ නැහැ. වසර දහයක් ඉඳලත් පන ගැට ගහගෙන ඉන්න කට්ටිය මෙච්චරකල් අහවල් එකක් කරලද? (නදී)
පුරවැසිකම් ලැබීමට සුදුස්සෙක් උන පලියට රජය රැකියා දෙන්න බැඳිලා නැහැ. උපරිම සුදුසුකම් නැත්නම් ඉහල රැකියා ලබාගැනීමටඅ පහසුයි. අවරුදු දහයක් ඉඳලත් පනගැටගහගෙන ඉන්නේ බොරු සෝබන කාරයෝ වෙන්න ඇති. මොකට ඔපමන අමාරුවෙන් ඉන්නවද?. (නදී)
ඔය පනගැටගහගෙන ඉන්න අය කොයි හරියේද? අනිවාර්යෙන් උදව්කරන්න වෙනවා අාපහු යන්න මොකද එක්කෙනාට 6000 ගානේ අවසාන කටයුතුවලට වෙන් කරලා තියන්න කියලනේ උපදෙස් ලැබිල තියෙන්නේ.(නදී)
අසරණ මිනිස්සු. අපරාදේ තමුන්ගේ සල්ලි. යන හැමෝටම කියන්න තියෙන්නේ බෝට්ටුවෙන් ගියොත්, ගුවන් යානයෙන් එන්න පුළුවන්. එච්චරයි. (ස)
හැමදාම කියනවා බෝට්ටුවෙන් යන්න එපා කියලා (දී)
මිනිස්සුන්ගේ නැතිබැරිකමට හිනාවෙන්න නරකයි (නි)
සිරියලතා,ඔයා ඉන්නේ ඇත්තටම කෙන්යාවේද? (නි)
සුලෝච්,ඔව් අනේ මම ඉන්නේ කෙන්යාවේ තමයි. ඔයා එන්න මෙහෙ නිවාඩුවකට (නි)
මෙම බෝට්ටු සවාරි යන්නේ නැතිබැරි අයම නොවේ. එවන් අයට ලක්ෂ ගානක් ගෙවන්න බැහැ. මේවායේ යනවා අපේ රට පාවා දෙන කොටසකුත්. සිතෙන් මවා ගත් සුර ලෝකයක් කරා යන කොටසක්. (නි)
තැරැව්කරුවන්ට තමන්ගේ සන්තකයම පුජා කරලා ආවට වැඩක් නැහැ.ඕස්ට්‍රේලියාවේ වැලි කැටයක්වත් පාගන්න ලැබෙන්නේ නැහැ.වෙනත් රටක අනාත කදවුරකට වෙලා තමයි මුළු ජීවිත කාලයම ඉන්න වෙන්නේ. ඇයි මේ අසරණ මිනිස්සු දැන්වත් මේ පිලිබදව දැනුවත් නොවෙන්නේ ?(දිල්)
ඔය අන්දමන් දුපත් හරියේ තමා අර මැලේසියන් ගුවන් යානය නැති වෙලා තියෙන්නේ. මේ කට්ටිය ඒක හොයන්න ගියාද? බෝට්ටුවෙන් ගිහින් ගුවනින් එන්නත් වාසනාව තියෙන්න ඕනේ. (ස)
බෝට්ටු සවාරිය ද ගුවන් සවාරිය ද දන්නෑ වඩා හොඳ.. (ස)
මම මේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ යන්න බලාගෙන ඉන්න අනිත් ඇත්තන්ටත් එක්ක. දැන් එහෙ ආර්ථික අවපාතයක් තිබෙනවා. පුරවැසියන්ගේ පවා රැකියා දහස් ගණනින් නැතිවේගන යනවා. රජයේ දීමනා බොහොමයක් නැති වෙනවා හෝ අඩුවේගන යනවා. ලංකාවෙන් ගිය උගතුන් පවා ජීවත් වෙන්නේ කම්කරු රැකියා කරමින්. සමහරුන්ට එහෙමවත් නැහැ. දැනට අවුරුදු 10 කට කලින් සංක්‍රමණය වුණ උදවිය පමණක් යන්තම් පණ ගැටගහගෙන ඉන්නවා. මෑතකදී සංක්‍රමණය වු අයගේ තත්ත්වය කියලා වැඩක් නැහැ. සොයා බලා ඔබ තීරණය කරන්න. නමුත් බහුතරයක් මේ දේවල් ලංකාවේ නෑයන්ට හිතවතුන්ට අඟවන්නේ නැහැ. මේක තමා තිත්ත ඇත්ත. (නි)