ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පැමිණෙන සියලුම සරණාගතයින් වහාම දකුණු ශාන්තිකර සාගරයේ පැපුවා නිව් ගිනියාවට ගුවන් මගින් පිටත්කර යැවීමට ඕස්ට්‍රේලියාවේ අගමැති කෙවින් රඩ් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ගිවිසුමක්ද පැපුවා නිව් ගිනියා අගමැති පීටර් ඕ‘නෙයිල් සමග අත්සන් කැරිණි.
මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්‍රියා කලාපයන් වහාම නතරකර දැමීමට කාළය එළඹ ඇතැයි ද අගමැතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.
ඕස්ට්‍රේලියා කම්කරු පකෂයේ නායක හා රටේ අගමැතිගේ මෙම තීරණය සමගම දැනට නාවුරු දිවයිනේ සරණාගත කඳවුරුවල සිටින රැඳවියන් විශාල පිරිසක් ඉන් ළියට අවුත් කළහකාරීව හැසිරුණහ. කඳවුරු කිහිපයකට ගිනි තැබූහ. ශ්‍රි ලාංකික බෝට්ටු සරණාගතයෝ ද මෙම කඳවුරුවල සිටිති.
කළහකාරී ලෙස හැසිරුණු 50ක් පමණ නාවුරු පොලීසිය අත්අඩංගුවට ගත්හ.
ගැටුමේ කඳවුරු නිලධාරීන් කිහිප දෙනෙක් හා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ද තුවාල ළදහ.
ඕස්ට්‍රේලියා අගමැතිගේ මෙම තීරණය ඉදිරි මැතිවරණයට හානිදායක බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
මෙම තීරණය අගමැතිවරයා තම රටගැන සිතා ඝෘජුව ගත් තීරණයක් බව මධ්‍යස්ථ මතධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැපුවා නිව් ගිනියා කියන රටේ තවම ඉන්නවාලු නේද මිනීමස් කන ගෝත්‍රිකයෝ? (නි)
තමන්ගේ රට බේරාගන්න ගත් අභීත ක්‍රියාමාර්ගයක් (නි)
මෙන්න හොද රටක්.. (නි)
මේකේ .අදහස් දමල තියන අය හිතුවද? නිකමටවත් ...? සද්ද කරන්න එපා? ගියපු සේරම කොටි, උන්ට දැන් තියෙන්නේ එහෙන් කැල්ලක් ඉල්ලලා යුද්ද කරගන්න දීල අපේ පාඩුවේ ඉමු. අපේ රටේ ප්‍රශ්නෙත් ඉවරයිනි එතකොට...?තේරෙන් නැද්ද (අ)?
මේක හොද දෙයක් මොකද ලංකාවේ ඉදල විතරක් නොවෙයි ලෝකේ හැම රටකින්ම වගේ එනවා මේ අය නිසා වැගත් විදියට අපු අයාට කරදරයක් (අ)
මම පාපුවා වල රැකියාවක් කලා..එක නගරෙකින් තවත් නගරෙකට යන්න පුළුවන් බොහෝ දුරට ගුවනින් පමනයි .ලස්සන රටක්..නගර බද දියුනුයි ..නමුත් ගම්බද ගොඩක් දුෂ්කරයි ..හොදට සල්ලි හම්බ කරන්න පුළුවන් රටක්..අපේ අය ගොඩක් ඉන්නවා හොද රැකියාවල් වල..ඔස්ට්‍රේලිය යන්න අවශ්‍ය සුදුසු කම්ම ඕන විසා ගන්න..කොහොම උනත් මෙයාලව දන්නේ කදවුරකට..එළියේ ජීවත්වෙන්න හම්බ වෙන්නේ නැහැ..බොහෝ දුරට දුපතකට වෙන්න පුළුවන්..ආයෙ පැනිලිනම් බොරු. (දී)
කණිෂ්ක පුතේ කනගටුයි .මම ඔස්ට්‍රලියාවට ගියේ සමහර විට ඔයා උපදින්නත් කලින්. 70දස්කයෙ අගබාගෙ.දැන් වගේ යන්න කරදර වුනෙත් නැහැ බාගෙට උගත් අය ගෙනිච්චේත් නැහැ.ඉහලම රැකියාවක් කලේ. මම හිතන්නේ ගිය එකම තනිකඩය මම.විසේට ගිය මිසක් රැකියාවක් නැති කමවත් ,තව කෙකුට ඉරිසියාවට වත් රට දල ගියේ නැහැ.තනි මම 48% බදු ගෙව්වා පවුල් පිටින් ගිය අය නම් සදා බැංකුවට නයයි .කාල ඇදල කාටවත් අප නොපා ජීවත් වෙතහැකි.එත් නීරස ජීවිතයක්. අපේ රටේ පොල්සම්බෝලය් බතුයි කාල හිටියත් සැපයි .හැබයි ඊටපසු අද වන තුරු රට. කොහෙවත් ඉස්තිර පජින්ති ගත්තේනැහැ එක රටක උපරිම සිව් වසරයි .විසල විදෙස විනිමයක් රටට ගෙනත් තිබෙනවා මම මගේ රටට නය නැහැ .දැන් වයස 66 තවම රට.නරකද (දී)
කණිෂ්ක සහ ජගත් පැපුවා නිව්ගිනියාවේ සිට දැක්වූ අදහස් වලට ස්තුතියි. මේ ලඟදි තමයි බෝට්ටු වලින් යන එකට පියවර ගත්තේ. ඊට කලින් තොග ගණන් ගිහිපු අය ඔස්ට්‍රේලියාවේ පුරවල ඉන්නවා, ඔයාලට හිතට අමාරු ඇති. ඔස්ට්‍රේලියාව හොඳ රටක් තමයි. එත් ඉන්න ලංකාවේ මිනිස්සු 10% ඇති උගත් වැදගත්. අනිත අය සෝබනේට ඉන්නවා ඔයාල දෙන්නත් ඇතුළුව. ලිඳට වැටුන එකා ලින් කටෙන් ගොඩ එන්න එපයි. අපි දන්නවා ඇත්ත. ඔය බෝට්ටු වලින් අපු කට්ටියට එකතු වෙන්න නොගියට ලංකාවේ තමන්ගේ ගෞරවය තියාගෙන ඉන්න පුළුවන් රටක්. ඔයාල කොච්චර පෙන්නන හැදුවත් ඔයරටේ සලකන්නේ සංක්‍රමිනිකයෝ විදියට. හමේ පාට නැති වෙන්නේ නෑ. බොරු එපා. අපි නොදන්නා ඔස්ට්‍රේලියාව. (දී)
පිටබැද්දර ජයා, දැන් එහෙ ඉන්න සුද්දෝ බහුතරයක් එන්ගලන්තයේ අයගෙන් පැවතෙන අය. (නි)
එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිව්වලු . උගත් අය විතරලුද එහාට ගන්නේ.දැන් කොහේ කාගේ සල්ලි වලින්ද මෙයාලා ඉගන ගත්තේ? මහත්වරුනේ, තමන්ගේ කට බොරු කිව්වත් දිව නම් බොරු කියන්නේ නැහැ නේද? උඩ පැනගෙන සිහින මාලිගා ඔලුවේ තියගෙන ගිය අයට තවමත් ඒවා සිහින බව මම මීට කලිනුත් කිවුවා. 70 වේ 80 වේ දශකයේ ගිය අය නම් අද ඕස්ට්‍රේලියන් ජාතිකයෝ වගේ ජීවත් වෙනවා. ඒත් හුග දෙනෙක් අප අතර නැහැ. ටික දෙනෙකුගේ දරුවො නම් තවම අප හා දොඩමලු වෙනවා. (නි)
රංජනීගේ ලොකු හීන මානයක් තියෙන්නේ. මේක සංක්‍රමනිකයන්ගෙන් හැදුනු රටක්. 50%ක් විතර ශ්‍රම බලකායෙන් ඉන්නේ ආසියානුවෝ. ඔය කියන විදියේ වර්න බේද වාදයක් මෙහෙ නැහැ. ඔය බෝට්ටු කාරයෝ හින්දා තමයි වැදගත් මිනිස්සුන්ටත් ලැජ්ජා වෙන්නේ. දන්නවනේ,ලංකාවේ සමහර අයියාලට පොටක් පෑදුනොත් ඉහගෙන කන්න හදනවා කියලා. අපි නම් ඔය සෝබන කතාවක් දන්නේ නැහැ. නමුත් ලංකාවේ කරපු රැකියාවම කරගෙන ඉන්නවා. අපේ සුදුසුකම් මෙහාට හරියන නිසා. සමහර විට ඔයාට ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා ඇති. ඔයාල වගේ අයගෙන් මෙහෙට වැඩක් නැති නිසා.(නදී)
හොද තීරණයක්. මෙහෙ ඉගෙන ගන්න ළමයි කොච්චර වියදම් කරනවද මෙහෙ නවතින්න. සරණාගතයෝ නිසා දැන් මෙහෙ රැකියාවල් අඩුයි. මෙහෙම එන අයගේ හැසිරීමත් හොද නැහැ.(නදී)
කොල්ලොයි බල්ලොයි එන එක නවතියිලු. දැන් කලින් ගියේ කෙල්ලොයි බැල්ලියොයිද එහෙනම්.(නදී)
ගොවි තැනක් බතක් කරගෙන තමන්ගේ රටේ ඉන්නේ නැතිව සැප ගන්න යනවට හොඳ වැඩේ.(නදී)
යුරෝපේ අයට තව ඉස්සරහට තේරෙයි ඕකේ රඟේ. අපේ රටට කරපු දේවල් ඉතින් එයාලටත් ලැබෙන්න එපැයි (දී)
ඔස්ට්‍රේලියාවේ යන ගමන දෑන්වත් අතහෑරපල්ල මිනිසුනේ.(නදී)
රන්ජනී හා අසාදි ෂුවර් එකටම ඕස්ට්‍රේලියා යන්න උත්සාහ කරලා කරලා යන්න බැරුව කෑගහන අයද කොහෙද? මම කලින් කිව්ව විදියට ශ්‍රී ලංකික උගත් වෘත්තිකයින් මෙහෙ හොද අභිමානයෙන් ඉන්නවා. ලංකාවට හදවතින්ම උදව් කරනවා. ඔයාල පිට ඉදගෙන අනුන් කියන දේවල් අහලා මේකේ අදහස් දාන්න එපා. (නි)
හොඳ වැඩක්. කොටින්ව ලෝකයෙන් තුරන් කරමු. (නදී)
ඔස්ට්‍රලියාවේ ඉන්න කොල්ලගෙන් අහන්න කොහොම ආවත් විදින්නේ දුකම දුක ජිවිතයක් ලංකාවට එනකොටනම් එන්නේ ඉර හද අරන් එනවා වගේ අපි නොදන්න ඔස්ට්‍රලියාව දන්නෝ නනිති සුද්දන්ට ගොට්ට අල්ල අල්ල ඉදපල්ලා (දී)
ඔහොම යං. ඉල්ලගෙන පරිප්පු කන අය මෙහෙත් ඉන්නවා. ඔයගොල්ලත් කැවම මොකද? (නදී)
මොනවා උනත් බෝට්ටුවලින් එන මේ ගමන නවත්තන්න ඕන .අනිත් එක ඔස්ට්‍රේලියාව පලි නැහැ අපේ රටේ දුප්පත්කමට .මේ අය ගිහිල්ලත් වද දෙනවා .හරියට ඔස්ට්‍රේලිව පලි වගේ (දී)
ඕස්ට්‍රේලියාව, එංගලන්තය , ඇමරිකාව, මේ රටවල් ඇරෙන්න වෙන රටවල් නැද්ද? මැදපෙර දිග යන්න... බලන්න අපේ ජනාධිපති තුමා සංචාරය සඳහා යන්නෙත් ස්වාසිලන්තය, උගන්ඩාව, ටැන්සානියාව නිකරගුවාව වැනි රටවල් වලටනේ. (දී)
කණිෂ්කට ලොකු කැක්කුමක් තියෙනවා වගේ ඕස්ට්‍රේලියාව ගැන. ඔයා විතරක් එහෙ ඉන්නව වගේ කතාව. හංගන්න දෙයක් නැහැ. ඔය රටේ හිටපු සහ දැනට ඉන්න අය දන්නවා මොන වගේ ශ්‍රී ලංකාවේ අයද වැඩියෙන් ඉන්නේ කියලා. වැඩියෙන් ඉන්නේ නීති විරෝධී විදියට පැනපු අය. වැදගත් උගත් මිනිස්සු දැන් ඕස්ට්‍රේලියාවට යන්නේ නැහැ. මොකද දැන් එහෙ තියෙන ශ්‍රී ලංකාවේ සමාජයේ හැටි දන්න නිසා. (දී)
මෙහෙ ඇවිල්ල දුක් විඳින අයත් ඇති. සමහරු උගත් උනත් මෙහෙ රස්සාවක් කරන්න ආවම මෙහෙ තියන අවශ්‍යතාවලට ඒගොල්ලන්ගේ සුදුසුකම් හා පළපුරුද්ද ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙහාට පැමිණි බොහෝ වෘත්තිකයන් හොද පිලිගැනීමක් තියෙන රැකියාවල තමයි ඉන්නේ. ඒ අය දිහා ඊර්ෂ්‍යාවෙන් බලන්න එපා. හැමෝම කැමතියි වැඩිපුර මුදල් උපයාගෙන හොඳ ජීවිතයක් ගෙවන්න. නමුත් ඒ සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. මෙහෙ ආණ්ඩුවේ මනුස්ස කමින් වැරදි විදියට ප්‍රයෝජන ගන්න හදපු කපටින්ට හොඳ කනේ පාරක් දීල තියෙන්නේ. දැන්වත් අපිට ලංකාවේ කියලා ලැජ්ජා නැතුව නෙතුව පාරේ බැහැලා යන්න පුළුවන්. ඇත්ත,මෙහාට පැමිණිය යුත්තේ මෙහෙ ආර්ථිකයට අගයක් එකතු කල හැකි බුද්ධිමතුන් මිසක් රටට බරක් වෙන වංචාකර සරණාගතයෝ නෙමෙයි.(නදී)
ඉගෙන ගන්න ගිය කෙල්ලෝ,කොල්ලෝ සුද්දගේ කීයක් හරි හොයාගන්න දහදුක් විදිනවා. බෝට්ටු වලින් ගිය අය සුර සැප විදිනවා. ඕස්ට්‍රේලියාවේ ඇත්තම තත්වේ මේ තමා. ලංකාවට වෙලා නම්බුකාර විදියට කුලී වැඩක් කර මැරුණත් කමක් නැහැ. නම්බුකාර විදියට ඕස්ට්‍රේලියාවේ ඉන්න නංගීලා,මල්ලිලාට රිදෙයි මෙය දැක්කම බුදු පුතලා සමා වෙයල්ලා මේක තමා ඇත්ත.(නදී)
ඔන්න නියම නායකයෝ. ඔබට අපගේ ප්‍රණාමය. නියත වශයෙන්ම ඡන්දය දිනනවා.(නදී)
ඉතාම හොද තීරණයක්. වැඩ කරන මිනිස්සු ටැක්ස් ගෙවනවා. මෙයාල ඇවිත් හොදට ආණ්ඩුවේ පිහිටෙන් ජීවත් වෙනවා.(නදී)
මහි ඉන්නේ මෙල්බෝර්න් නේද? දැන් ඔයාලට සතුටුයි නේද?(නදී)
මම දන්නා තරමින් ඕෂ්ට්‍රෙලියාවට යන්න අපේ රටේ පොලිස් වාර්ථාව පවා ඉල්ලනවා. හැබැයි මේ බෝට්ටු වලින් යන අයගේ පැටිකිරිය කවුරුත් දන්නේ නැහැ. හොරුද මිනිමරුවොද, මංකොල්ල කාරයෝද කියලා, දැන් පේනවනේ ඉතාලියේ වෙලා තියෙන දේ , අපේ රටේ ගෞරවය උනත් රැකෙනවා නිවරදි විදියට ගියොත්. මොනවා උනත් තමන්ගේ රටට ආදරේ කරන නායකයෙක්.(නදී)
ඉදිරි මැතිවරණයට හානි දායක වෙයි කියන්නේ ඕස්ට්‍රේලියාවේ දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්. මෙහෙ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රධාන සටන් පාඨයක් තමය බෝට්ටු නැවත්වීම. ගොඩක් හොඳ ගිවිසුමක්. දැන්වත් ලංකාවෙන් කොල්ලයි බල්ලයි හැම කෙනාම මෙහෙ එන එක නවතියි.(නදී)
ඔස්ට්‍රේලියාවේ ඉන්න ගොඩක් ලාංකිකයෝ හොද උගත් පිරිසක්. බොහොම අභිමානයෙන් ඉන්නවා. ඕනෑම ලොකු කොම්පැනියක ලංකාවේ අය ලොකු තැන්වල ඉන්නවා. රජයේ ආයතනවලත් එහෙමයි. විශේෂයෙන් ඔස්ට්‍රලියාවේ විශ්ව විද්‍යාලවල ගොඩක් ලංකාවේ මහාචාර්යවරු, පීඨාදිපතිවරු ඉන්නවා. විශේෂයෙන් තරුණ කථිකාචාර්යවරු ඉන්නවා. ඕස්ට්‍රේලියානු වැසියෝ දන්නවා හරි විදියට ඉන්න ලංකාවේ අයගේ වටිනාකම. ඒ හැමෝම බොහොම හොද ජීවිත ගතකරනවා. ලංකාවටත් උදවු කරනවා. මෙහෙ එන්න උත්සහ කරලා කරලා බැරිවුණ අය තමයි මේ වැරදි ප්‍රතිචාර දාලා තියෙන්නේ. (නදී)
සමහරවිට මෙහෙම සංක්‍රමණිකයන් නොදියුණු පැපුවා නිව්ගිනියාවට සේන්දු වෙලා ඉදිරියේදී ඇමරිකාව වගේ දියුනුවට පත් වෙන්නත් පුළුවන්.(නදී)
ඕස්ට්‍රේලියාවෙම ඉන්න බලවතුන් තමයි මේ ප්‍රශ්නේ මෙච්චර දුරට වැඩි කළේ දැන් මොනවා කළත්. (නි)
කෙවින් රඩ් මැතිතුමාට මගේ ප්‍රණාමය! මේ වගේ පියවර ගත්තාම තමයි ඔය විදියට බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට පනින අය නවත්වන්නේ. (නි)
අපිට අපේ රට සම්පතක්, පිටරට වලට ගිහිල්ලා අනුන්ට බැලමෙහෙවරකම් කරනවට වැඩිය. (නි)
දැන් ඉතින් ලංකාවේ ගැන බොරු කිය කියා තමන්ගේ වාසියට ඉපදුනු රට පවා දීලා එන්න හදන හා හදපු අයට පැපුවා නිව්ගිනියා පුරවැසිභාවය ගන්න පුළුවන්.ජීවිතේ ආරක්ෂා කරගන්නනේ එන්නේ.නේද? මේකෙන් මෙහෙ වර්තමාන අගමැති ගැන හොඳ පිළිගැනීමක් ඇතිවුණා. මොකද විපක්ෂය චෝදනා කර කර හිටියේ ආණ්ඩුවට බෝට්ටු නවත්තන්න හරි ප්‍රතිපත්තියක් නැහැ කියලා.මෙහෙ මිනිස්සු අදායමෙන් තුනෙන් පංගුවක් ආදායම් බදු ගෙවනවා,ඒ සල්ලි වලින් මේ වගේ අයව පෝෂණය කරන්න එපා කියලා මෙහෙ මිනිස්සු හරි තරහෙන් හිටියේ. (නි)
මෛ තීරණයෙන් ඕස්ට්‍රේලියා රජයට වෙන්නේ වාසියක් නේද? බෝට්ටු ආපසු හරවලා යවනවා නම් මීටත් වැඩිය හොඳ තීරණයක් කියලයි මට නම් හිතෙන්නේ.මම මේ ගැන ගොඩක් සතුටුයි. ඕස්ට්‍රේලියාවට එන්න ඕනෑ ඉගෙන ගත්තු දැනඋගත් අය පමණයි. (නි)
ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ, ඇමරිකාවේ වෙන සුළු සිද්ධියක් වුණත් අපිට හරිම වටිනවා (නි)
ශ්‍රී ලංකාවේ යාපනය අවට ඇතැම් දුපත් වල ජනගහනයක් නොමැති තරම්. අපි එම රටින් ඉල්ලීමක් කරලා එම පිරිස ලංකාවට ගෙනල්ලා එම දුපත් වල පදිංචි කරවලා රතු ලුණු සහ පරිප්පු වැනි වගාවකට යොමු කලොත් එම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට යන මුදල් ඉතිරි කර ගැනීමට හැකිවනවා නොවේද? එම ආහාර ද්‍රව්‍ය මිල අඩු කරන්නත් හැකිවේවි (නි)
කාට එන්න දුන්නත් ඔය ජාතිවාදී හැගීම් අවුස්සන අයට නම් එන්න දෙන්න එපා. කෙලින්ම කියන්න පුළුවන්.අද ඒ වගේ අය ලෝකෙන්ම ඈත්වෙලා (නි)
පවන්,වැඩිය මුකුත් කියන්න එපා. එයාලා මෙහෙ ඉන්න අයට පෙන්නන්නේ එයාලා ස්වර්ගයේ ඉන්නවා වගේ තමා. අපි ඕස්ට්‍රේලියාව ගැන නොදන්නවායැ? (නි)
සරණාගතයන් වසයෙන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඒ රටෙත් කලබල කරනවා. ඒ රටේ අගමැතිවරයා හරියටම හරි. ලංකාවටත් නොයෙක් මුහුනුවරින් ඇවිල්ලා සමහරු ලංකාවට කරපු දේ මතකනේ. දැන් කරන්න හදන දේ පෙනෙනවානේ. මානව හිමිකම් කියලා නිශෟශබ්දව හිටියොත් ඕස්ට්‍රේලියාවට වන්නේත් ලංකාවට සිදුවූ දෙයම තමා.නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරොවෙන් කැපීමට සිදුවන තුරු බලා නොසිටිය යුතුයි. ලංකාවටත් දැන් අවශ්‍ය ඔය වගේ තීරණ ගන්න අයයි. සඳරුවන්, නරකද ඔයාගේ ඉඩම,කොපමණ කුඩා වුනත් නැති බැරි පවුල් කිහිපයක් පදිංචි කරවා ගත්තහම. මම නම් ඉතින් සිංහල ජාතිවාදිම තමයි.මොකද සිංහල අපි ගැන සිතන වෙනත් රටක් නැති නිසා. (නි)
චූලනී, මෙය සුළු සිද්ධියක් නොවේ (නි)
පවන්ගේ කතාව සම්පූර්ණ ඇත්ත. පේනවට වඩා ඇත්ත තත්වේ තිත්තයි. නීතියට අනුව එහෙ ගිහින් ඉන්න අය ඉන්නේ ටිකයි. වැදගත් උගත් අය බොහොම අඩුයි. ලජ්ජාවට ඉතින් ඇත්ත කිවුවේ නැති වුනාට ඉන්න අය දන්නවා මොනවගේ පිරිසක්ද ඉන්නේ කියලා. ඕස්ට්‍රේලියාව, එංගලන්තය රටවල් දෙකේම තත්වේ ඕක තමයි. ඇත්ත වහගෙන ඕස්ට්‍රේලියාව, එංගලන්තය ගරුත්වය තියාගෙන ඉන්නවා (නි)
බලන්න. අපේ රටේ ගිනි අවුලන්න හේතුවුන අයත් ඔතන සමහරවිට ඉන්න පුළුවන් (නි)
මේ මෙතන ඔක්කොමලා කතකොරන්නේ පිටරටක ජිවිත ගැන.මේ හැම එකකටම මුල මුදල්ය.උගත් අය,මෙහෙට වැඩිය ලොකු පඩියක් බලාගෙන ඒ රටවලට යනවා.මේක වැරදි කියලා මම කියන්නේ නැහැ.මෙයින් ඔප්පු වෙන එකම කරණය නම්,මේ අය ලංකාවේ ජිවත් වුනොත් මුදල් වලින් අපහසු තත්වයකින් පසුවෙන බවය.කිසිම රටක" බිලියනර්"කෙනෙක් තම රට දාලා තව රටක සේවයට යන්නේ නැත.වෙළද කටයුතු සදහා යාමට ඉඩ ඇත.සල්ලි ඇත්නම් ඒ රටවල් දැක බලා විනෝද වීමට තමන්ට කැමති ඕනෑම වෙලාවකට යන්න පුලුවන්ය.මැදපෙරදිග රටක ගෘහසේවයට හා බටහිර රටක දොස්තර, ඉංජිනේරු සේවයට යන මේ දෙකොට්ඨාශයේම ඇත්තේ එකම අරමුණකි.ඒ නම් වැඩියෙන් කීයක් හෝ සොයා ගැනීමය.මා මේ ක්‍රමය හෙළාදකින්නෙක් නොවේ.විමර්ශනය කරනවා පමණි . (නි)
දැන්නම් ඕස්ට්‍රේලියාවට තේරිලා ඇති බෝට්ටු සරණාගතයෝ කියන්නේ මොනවගේ පිරිසක්ද කියලා. (නි)
යුරෝපයට පැන්න අය අතර නම් ත්‍රස්තවාදීනුත් සිටිනවා නේද? මෙහෙට පනින අය අතරත් ත්‍රස්තවාදීන් ඇති නේද? ඉදිරියේදී මොවුන් කුලියට අනෙක් ත්‍රස්ත කණ්ඩායම් වලට එකතු නොවෙයි කියා සිතිය හැකිද? (නි)
නාමල්,පවන්,ටෙනිසොන්,රංජනී, නරියත් මිදී තිත්තයි කිව්වලු නේද? ඔහොම හරි හිත හදාගන්න. ඔයාලා ගැන පව් කියලා හිතෙනවා. ස්ථිර පදිංචියට මෙහෙ ආවට මෙහෙට අවශ්‍ය රැකියා සඳහා උගත් පළපුරුද්ද තියෙන,ඉංග්‍රීසි හොදට පුලවන් අයට ඔය කතා අදාල වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ආව අය ගැන නෙමෙයි මම කියන්නේ. ඒ ගොල්ලෝ තමා මෙහෙ ස්ථිර පදිංචිය ගන්න උත්සහ කරන කට්ටිය. ඕස්ට්‍රේලියාවට ආව උගත් අය කියන කොටසට ඒගොල්ලෝ අයිති නැති බව මතක තියාගන්න.(නදී)
මොනවා වුනත් ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසයි පොඩි ළමයින් වුනත් අරගෙන මේ වගේ භයානක ගමනකින් ඕස්ට්‍රේලියාවට යන්නේ. දුප්පත් කෙනාටමනේ හැමදේම වෙන්නේ. (නි)
මේ වගේ අපේ රටට සුද්දන්ගේ කාලේ අපු දමිළ අය නිසා තමයි අපිට අද ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. (නි)
මේගොල්ලොන්ව ආපු රටටම සතියක් ඇතුලත නැවත යැවුවා නම් හරි. ඕස්ට්‍රේලියා අගමැතිගේ හොඳ තීරණයක්. (නි)
නමේ හැටියට පැපුවා නිව්ගිනියාවේ වැඩිපුර තියෙන්නේ පැපොල්ද දන්නෙ නැහැ. හැබැයි ඒගොල්ලෝ රගර් වලටත් දක්ෂලු. (නි)
මිනිපෙගේ අදහස් හොදයි, එත් බොහොම පටු අදහස් තියෙන්නේ. මැද පෙරදිග යන අය නම් සල්ලි හොයන්න තමයි යන්නේ. ඒත් ඔස්ට්‍රලියාවේ එන්නේ නම් සල්ලි හොයන්න නෙවෙයි. මෙහෙ සල්ලි හොයල ඉතිරි කරලා ලංකාවට යවන්න බැහැ. මෙහෙ තියෙන එකම දේ නිදහස්, නිවහල් ජීවිතය විතරයි. බණක් බාවනාවක් කරගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න පුළුවන්. ලංකාවේ හොදට සල්ලි තියෙන අය, හොද දොස්තර ඉංජිනේරු අය ඒවා සේරම දාල මෙහෙ ඇවිත් අඩු පඩියට වැඩ කරනවා. ඒත් ජීවිතය ලංකාවට වඩා හොදයි කියල තමයි එයාලත් කියන්නේ. (නදී)