IMG-LOGO

බීච් බෝයි තර්ජනය බරපතලයි

කල්පිටිය, පුත්තලම, ගම්පහ, කළුතර හා ගාල්ල ,  බිච්බෝයි නමින් මුදලට අසම්මත ක්‍රියාවන්  සඳහා ඉඩදෙන පිරිමින්  ලෙස හැඳින්වෙන   තිස් දහසක්  පමණ  ඒඩ්ස් රෝග වාහකයන් වීමේ  තර්ජනයක් ඇතැයි මීගමු මහා රෝහලේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ  දොස්තර මහේෂ් රත්නායක  පුත්තලම් දිසාවේ  රාජ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවැසීය. වෙරළ ආශ්‍රිත මත්කුඩු කාරයෝ  හතලිස්දහසක් සිටින බව ද  අසම්මත ලිංගික ක්‍රියාවන්හි යෙදෙන  පිරමින් නිසා ඔවුන්ගේ බිරියට හා දු දරුවන්ට ද  බෝවීමේ බර පතල අවදානමක් ඇතැයි ද  ඔහු අනතුරු ඇඟවිය.



අදහස් (0)

බීච් බෝයි තර්ජනය බරපතලයි

මංජු Sunday, 08 July 2012 11:56 PM

බීච් බෝයිලා නිසා හුගක් වෙලාවට වෙන කරදර වලින් වෙන්නේ අන්තිමට සුද්දෝ ටික මාලදිවයිනට යන එක විතරයි

:       0       0

රත්තරන් Friday, 06 July 2012 07:13 PM

මේක ඉතාම පුළුල් ලෙස අවදානය යොමු විය යුතු කාරණයක්. මෙම බීච් බෝයි නමින් හදුන්වන්නන් සංචාරක කර්මාන්තයට විශාල විනාශයක් සිදුකරමින් සිටිනවා.නමුත් පුදුම සහගත කරණය වන්නේ මොවුන්ට සංචාරක මග පෙන්වන්නන් ලෙස ලියාපදිංචි කර බලපත්‍ර නිකුත් කර තිබීමයි.මොවුන් මුදල් ඉලක්ක කර ඕනෙම ජරා වැඩක් කරන අය,තවද මොවුන් සංචාරකයන්ට පහරදෙන අවස්ථාද ඇත.අධික මිල ගණන් වලට භාණ්ඩ විකිණීම, වැනි දේ ද සිදුකරයි. සංචාරකයන්ට නිදහසේ වෙරළේ ගැවසීමට අවස්ථාව මෙම පුද්ගලයන් අහිමිකරයි. එම නිසා බොහෝ සංචාරකයන් මාලදිවයිනට ගමන් කරයි. හැකි නම් රජයේ විශ්ව විද්‍යාල වලින් ඉතිහාසය, විවිධ භාෂා , පිළිබද උපාදිධාරීන් යොදවා ආරක්ෂක අංශ සම්බන්න කර මෙම සංචාරකයින්ට ගුණාත්මක සේවයක් හා රට පිළිබද ඉතා වටිනා චිත්‍රයක් ලෝකයට ලබාදිය හැකිය.

:       0       0

රිස්වාන්-saudi arabia Friday, 06 July 2012 07:09 PM

රටේ ලොකුම ආදායම් මාර්ගය ගැන රජය මීට වැඩිය සැළකිළිමත් විය යුතුයි නේද?

:       0       0

සමන් Monday, 09 July 2012 12:11 PM

හොයලා බැලුවොත් නරකද සුද්දෝ එන්නේ කොල්ලන් හොයා ගෙනමද කියලා.ඒ කියන්නේ කොල්ලන් නැත්නම් සුද්දොත් සුන්

:       0       0

nishan Friday, 06 July 2012 07:44 PM

ඔබ හරි නිමල් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ හේතුව ඉක්මනට හොයාගෙන පිළියම් යෙදිය යුතුයි.

:       0       0

අචලා වික්‍රමනායක Sunday, 08 July 2012 03:59 PM

දවසක් මට මගේ යෙහෙළියක් කිව්වා එයාගේ විදේශීක මිතුරියකගේ සැමියා අපේ රටේ පිරිමි ලමුන්ට මහත් සේ ප්‍රිය කරන බව.එයාගේ සැමියා අපේ රටට එන්නේම මේ පිරිමි ලමුන් ඇසුරු කිරීම සඳහාම බවත් එයා මා සමඟ පැවසුවේ බොහෝම හිතේ අමාරුවෙනුයි.

:       0       0

bakthi Saturday, 07 July 2012 01:07 PM

මේක බරපතල කාරණයක් තමයි. මෙහි සඳහන් සෞඛ්‍ය සහ ආරක්ෂක අමාත්‍යංශය හරහා රජයේ පූර්ණ මැදිහත් වීම සිදු විය යුතුයි. මේ ප්‍රදේශවල විතරක් නොවේ රට මැදත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් කොතරම් ඉන්නවාද. ඒ අයකේ බහුතරය ලිංඝාශ්‍රිත රෝග සහ ඒඩ්ස් සඳහා වැඩි අවධානමකින් ඉන්නවා.

:       0       0

වසන්ත Friday, 06 July 2012 09:35 PM

මේ ප්‍රතිචාර දාන ැයටයි කියන්නේ.නිකන් පිස්සු නටන්න එපා.ළග එන ඡන්දෙට කරන්න වැඩ රජයට ඕන තරම් තියෙනවා

:       0       0

පී.රත්නායක Friday, 06 July 2012 10:15 PM

දැන්වත් පරක්කුවෙලා හරි ඇස් ඇරුණ එක හොදයි!!

:       0       0

සරත් Saturday, 07 July 2012 11:38 PM

අලුත් දෙයක් නෙමේ

:       0       0

අචලා Tuesday, 10 July 2012 07:48 PM

මම අවංකව මගේ අදහස කියුවාම සමහර අය මාව ප්‍රයෝජනයට ගන්න හදන බව මට තේරෙන්නේ නැතුවා නෙවෙයි.ඒත් ඇයි එහෙම කරන්නේ. ගැහැණු අපි ඉන්නේ පිරිමි ඔයාලට බිලි වෙන්නම කියලා ඇයි ඔයාලා හිතන්නේ.අනික පිරිමි හිතනවා සැමියා වරදේ බැඳුනම බිරිඳත් අනිවාර්යයෙන්ම වරදේ බැඳිය යුතුමයි කියලා.එකත් එහෙම නැහැ. මේ විදේශික කාන්තාවන් අතර ඉන්න බොහෝ අය ඉතා ධනවත්. අනික සුදු ජාතික විදේශික කාන්තාවන් ඒ ගොල්ලන්ගේ පිරිමින්ට වඩා ලංකාවේ පිරිමින්ට හරි කළු ඇමෙරිකානු ජාතික පිරිමින්ට හරි තමයි වැඩිපුර කැමති.මෙහෙම මම වීවෘතව කිව්වා කියලා මා ගැන වැරදියට හිතන්න එපා.මොකද මමත් කාලයක් විදේශගතව හිටියා.ඒ නිසා මම මගේ අදහස් නිතරම විවෘතව කියන්න පුරුදු වෙලා ඉන්නේ.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 06 July 2012 10:44 PM

සංචාරක කර්මාන්තය කියන්නේ එකක්.ලිංගික ශ්‍රමය කියන්නේ තවත් එකක්. මේ දෙක කොහොමටවත් එකක් වෙන්නේ නැහැ. නමුත් අනවබෝධය හා නූගත්කම සමඟ බද්ධවූ දරිද්‍රතාවය නිසා මිනිසුන් කරන්නේ කළ යුතු දේ නොව නොකළ යුතු දේම වීම හරිම අවාසනාවක්. අපිට තරම් ඉතිහාසයක්, සංස්කෘතියක්, ආගමික පසුබිමක් විදේශිකයින්ට නැහැ. අපේ රටට පැමිණෙන උගත් විදේශිකයින්ට අවශ්‍ය මෙරටට විත් කාම සම්භෝගයෙහි නිරතවීම හෝ පසිඳුරන් ප්‍රීණනය කරවීම නෙවෙයි. අද මේක මේ රටේ උගත් නූගත් හැම දෙනාම වරදවා වටහා ගෙන ඉන්න කාරණයක්. ඒක හරිම වැරදි නිගමනයක්. ඒ වගේ පහත් අරමුණු පෙරදැරිව එන අයත් ඇති.ඒත් ඒ පිරිස හරිම සුළුතරයක්.බහුතර විදේශික පිරිස එන්නේ ඒ වුවමනාව ඇතිව නොවේ. ඒ අය බොහෝවිට සැමියා බිරිඳ දරුවන් සමඟ මේ රටට එන්නේ මේ රටේ ස්වභාවික සෞන්දර්යය රසවිඳීමට හා අපේ රට සතුව ඇති සාමයික සංස්කෘතිය පසුබිම සිය දෙනෙතින් රස විඳ ගැනීමටයි. ඒත් අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු හිතනවා සුද්දෝ එන්නේ කාම පවස නිවා ගැනීමට කියලා.මේක හරිම වැරදි දෙයක්.මේකෙන් වෙන්නේ අපේ දරු පරම්පරාව විනාශ වෙන එක විතරයි. කරුණාකරලා මේ වැරදි වැඩේ නතර කරන්න. ඔය ගොල්ලෝ විනාශ වෙන්නත් එපා. අපේ දරු සම්පත විනාශ කරන්න උඩගෙඩි දෙන්නත් එපා.ඒක අපාගත වෙන පාප කර්මයක් බවත් හොඳට මතක තියා ගන්න.මේවා කියන්නේ තරහට නෙවෙයි.හැදෙන්න.තෙරුවන් සරණයි!!

:       0       0

හරීන් Monday, 09 July 2012 08:32 AM

ඇත්තටම මෙයාල එල්ලන්න ඕනි !!!....

:       0       0

ටාසන් පුතා Friday, 06 July 2012 10:49 PM

මට උපාධියක් නැති නිසා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට තනතුරක් ලැබිලා තියෙන්නේ. ඒත් මම රස්සාව කරන වෙලාවේ කරන්නේම මගෙත් එක්ක වැඩ කරන අයට අපහාස කරලා කමෙන්ට් දාන එකමයි.මේකෙන් මගේ දියුණුවක් වෙන්නෙත් නැහැ.අර පුද්ගලයාට ඇති වැඩකුත් නැහැ.බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ.යන්තම් අට සමත් නිසා කටින් ගහලා දිනන්න පුළුවන් නිසා වැඩපොලේ බොස් බය කරගෙන සියලු ශිල්ප දක්වගෙන ඉන්නේ. බැරිම වුනොත් නම් මම තරහ අයට පෙත්සමක්වත් ගහලා පහලට දාන්න මට පුළුවන්

:       0       0

එම්.එච්.එම් Tuesday, 10 July 2012 03:34 PM

දෙයියෝ සාක්කි...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 July 2012 08:30 PM

මෙවැනි ස්වභාවයකට බොහෝ විට ජීව විද්‍යාත්මක හේතු බලපෑ හැකි බවට නූතන මනෝ විද්‍යාත්මක පර්යේෂණ මඟින් සාධක හමුවෙලා තියෙනවා. ඊට අමතරව ආරය හා පරිසරයද හේතුවිය හැකියි.කොහොම වුනත් අපේ වගේ රටක මේ වගේ අය සැලකෙන්නේ විකෘති අසම්මත චර්යා ඇති මානසික රෝගීන් ලෙසයි.නරක දේවල් මඟින් ඉක්මනින් ගොඩක් සල්ලි හම්බ කිරීමට ගොස් නරක ලෙඩ රෝග හදාගෙන සමාජයේ අවනම්බු විඳීමට වඩා හරි දේවල් කිරීම මඟින් අමාරුවෙන් සල්ලි ටිකක් හම්බ කිරීම වඩා උතුම් බව සලකා කටයුතු කිරීම මැනවි.අනික අපේ රටේ ගැහැණු සංඛ්‍යාව පිරිමි සංඛ්‍යාවට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා නිසා, ඕනෑ තරම් ස්ත්‍රීන් මෙවැනි දේවල්වලට භාවිතා කිරීමේ හැකියාව තිබියදී අසම්මත විකෘති විකාරරූපී ලිංගික චර්යාවන්ට ඇබ්බැහිවීම මහ මෝඩකමක්.සමහරු මේක මෝස්තරයක් විදිහට කරන්න ගිහින් අවසානයේදී ඒවාටම ඇබ්බැහි වෙලා ලස්සන තරුණ ජීවිත අකාලයේ විනාශ කරගන්නා බවක්ද දැන් දැන් පැහැදිලිව දක්නනට තිබෙනවා. මේ කාලේ ගැහැණු තවත් ගැහැණු සමඟ ඕනවට වඩා කායික මානසික බැඳීම් ඇති කරගෙන තිබෙන බව පැහැදිලිව වීවෘත සමාජයේ දක්නට ඇති අතර පිරිමි තවත් පිරිමි සමඟද මේ ආකාරයේ අනවශ්‍ය සබඳතා පවත්වාගන්නා බව දක්නට ලැබේ.මේවා විකෘති ස්වභාවයන්ය.

:       0       0

කුමාර Sunday, 08 July 2012 12:47 AM

රජයට ඇතිවෙලා තිබෙන තත්ත්වයේ හැටියට ඔවුන්ගෙනුත් බදු ගනියිද දන්නේ නෑ. කබ්රාල්ට නොපෙනී වැඩේ කරගන්නයි තියෙන්නේ.

:       0       0

පිලිපීනෝ Friday, 06 July 2012 11:46 PM

රත්තරං කියන කතාව හරි. මේ අයව මුලින්ම පුරුදු කළ යුතුයි. පස්සේ ඒ රැකියාව ගැන මනා පුහුණුවක් හා අවබෝධයක් ලබා දී සේවය ලබා ගත යුතුයි

:       0       0

මංජුල Thursday, 12 July 2012 09:21 PM

රත්නායක කියන එකෙත් ලොකු ඇත්තක් තියෙනවා.

:       0       0

උදාර Thursday, 12 July 2012 08:45 PM

අපේ රත්නායක සර් කියපු කතාවට මමත් එකඟයි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 July 2012 09:57 PM

මේ ලෝකය දුකින් පිරි තැනකි.මින් නිදහස්වීමට මාර්ගයක් මිස තව තවත් ලෝකයම හොය හොයා සිටීමෙන් වත් ලෝකයම බදා වැළඳ කටයුතු කිරීමෙන් වත් ඒ දුක සමනය කළ නොහැකිය. බුද්ධිමත් ගුණවත් අය වටහා ගනිත්වා.නිවන් අවබෝධ කරගනිත්වා. තෙරුවන් සරණයි !!!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 July 2012 09:25 PM

සදාචාරය විශ්වමය සම්මුතියයි.එය ලෝක ධර්මතාව ලෙස හැඳින්වුවද වරදක් නැත.එනම් කුමන සමාජයීය, සංස්කෘතික පසුබිමක්තුළ වුවද එහි අගය නොවෙනස්ව පැවතීමයි.නමුත් සාරධර්මවල මේ ලක්ෂණය නැත.එය ඒ ඒ අවස්ථාවට,සමාජයට,සංස්කෘතියට අනුව වෙනස් අගයක් ගනියි. නමුත් මේ සියළු දේ අතර පවතින පොදු සමානත්වයක් ඇත.එනම් ජීව හා අජීව ලෝකයේ පැවැත්මට හිතකර පරිසරයක් මේ තුළින් ඇති වන බවයි.නිදසුනක් ලෙස අවිධිමත් ලෙස ගස්වැල් කැපීම නිසා ජීව පැවැත්වමට හානිදායි පරසරයක් ඇතිවේ.ඒ නිසා හිතුමතයේ ගස්වැල් සිඳ නොදැමීම යහපත් සිරිතකි. පොදු සමාජයීය සම්මතයකි.එය බෞද්ධ ගිහි පිරිසහට ප්‍රතිමානයක් ලෙස පංචශීල ශික්ෂණයට ඇතුළත් නොවුවද බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා සේඛියා ශික්ෂාපදවලට ඇතුළත්කර ඇත. එබැවින් බෞද්ධ පැවිදි සමාජයට නම් එය ප්‍රතිමානයකි.නූතනයේ පාරසරික අවශ්‍යතාවක් සේ සලකා ඇතැම් වටිනා වෘක්ෂ සිඳ දැමීම තහනම්කර නීති රීති පණවා තිබේ.මින් පැහැදිලිවන්නේ නීතියක් බවට විකාශය වීමේදී පවතින සමාජ සම්මුතීන්වල හා ප්‍රතිමානවල වැදගත්කමින් වැඩි එක්තරා කොටසක් ප්‍රධානත්වය ගනුලබන බවයි.

:       0       0

මගියා Monday, 09 July 2012 09:30 AM

පිස්සු හැදුන බල්ලන් මැරෙන තෙක් ගැට ගසා තැබීම යහපත් ක්‍රියාවකි ලේසියට මුදල් සොයන තරුණ සුලු පිරිසක් නිසා රටටම තවත් විපතක් ඇතිවී ගෙන යන බව පෙනේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 July 2012 09:31 PM

සාරධර්ම ආරක්ෂා කිරීම නිසා රටක නීතිය උල්ලංඝනය විය හැකි වරදකාරී පසුබිමකින් නිදහස් වීමට ලැබේ.මිනිසා තුළ ස්වභාවිකව පිහිටි ක්‍රෝධ හා කාම ආවේග පාලනය කරගත හැක්කේ සාරධර්ම ආරක්ෂා කිරීමෙනි. සාරධර්ම නොතකන සමාජය කෙතරම් භෞතික අංශවලින් දියුණුවුවද එය නිවැරදි වූ දියුණුවක් බවට නූතන දියුණු සමාජය නොපිළිගනු ලබන්නේ මේ නිසාය.බෞද්ධ පංචශීල ප්‍රතිපදාව හුදෙක් ආගමික ප්‍රතිමාන පද්ධතියක් පමණක් නොව එය පොදු විශ්වමය සදාචාර පද්ධතියක් බවට පත්වනුයේ එමඟින් නියමකොට දක්වා ඇති ශික්ෂාපද මඟින් ආරක්ෂාවනුයේ පොදු විශ්වමය සදාචාර නීති බැවිනි. එබැවින් පංචශීල ප්‍රතිපදාවෙන් පිලිබිඹුවන්නේ බෞද්ධ ආගමට පමණක් සීමා නොවූ පොදු විශ්වීය සදාචාරාත්මක ප්‍රඥප්තියක ලක්ෂණයි.කතෝලික දහමේ දස පණත තුළද පංචශීලයෙහි සදාචාර මූලධර්ම පහ අන්තර්ගත බැව් නිරීක්ෂණය කළහැකිය.මින් පැහැදිලිවනුයේ පංචශීල ආගමික ප්‍රතිමාන පද්ධතියක් ලෙස අර්ථ දැක්වුවද,ඒ තුළ පොදු සනාතන විශ්වමය මූලධර්ම අන්තර්ගත බවයි.

:       0       0

ඇටිකිච්චා Monday, 09 July 2012 10:52 PM

කොල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්නේ නැති නම් කෙල්ලෙක් එක්කද ඉන්න ඕන.

:       0       0

ඇටිකිච්චා Monday, 09 July 2012 11:05 PM

වෙනත් කාර්යයන් සදහා වෙන්ව ඇති ස්ථාන ආදායම් මාර්ගයක් කරගැනීමට එරෙහිව මාගේ බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිමි.

:       0       0

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ Monday, 09 July 2012 10:29 PM

උපාධියක් නැති නිසා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ වුනෙමි.

:       0       0

අසේල Monday, 09 July 2012 10:30 PM

සුද්දෝ එන්නේ ඇටිකිච්චා වගේ ගෑනූ හොයාගෙන නෙවෙයි.

:       0       0

පී.රත්නායක Monday, 09 July 2012 10:33 PM

අචලා, ඔයාගේ යෙහෙළියගේ විදේශික මිතුරියට කියන්න මහත්තයා නැහැ කියලා දුක් වෙන්න එපා කියලා.

:       0       0

චමීර Sunday, 08 July 2012 09:31 AM

ඕවට මුල ලොකු අයනේ ඕක දැන් සාමාන්‍ය දෙයක් වෙලා .

:       0       0

ජගත් Saturday, 07 July 2012 06:26 PM

.මේක බරපතල කාරණයක් තමයි.කරුණාකරලා මේ වැරදි වැඩේ නතර කරන්න.ජනතාව දෙනුවත් කිරීම කළයතුය. අනවබෝධය හා නූගත්කම සමඟ බද්ධවූ දරිද්‍රතාවය නිසා,අපේ දරු පරම්පරාව විනාශවනවා .සෞඛ්‍ය සහ ආරක්ෂක අමාත්‍යංශය හරහා රජයේ පූර්ණ මැදිහත් වීම සිදු විය යුතුයි. පොරොන්දම් බලනවාට වඩා ලිංඝාශ්‍රිත රෝග සහ ඒඩ්ස් තිබෙනවාද යන්න සොයා ගත යුතු කාලය යි මේ .....

:       0       0

ගොනා ගේ විග්‍රහය Saturday, 07 July 2012 07:53 AM

අද අපේ රටේ මොන අංශෙද ආයිබෝං හරියට වැඩ කොරන්නේ...ලෝකෙ වටේ ගිහිල්ලා කයිය ගහනවා..අර ආසියාවේ අයිස්චර්යද මොකක්ද කොරනවා කියලා...පරිපාලනය,සෞඛ්‍ය,ප්‍රවාහනය,අධ්‍යාපනය තව කියනවනම් කොච්චර දේවල් තියෙනවද? පාලනාධිකාරියේ හොද වෙලාවට අපි වගේ අය බත් ගිල ගිල ඇස් පියාගෙන ඉන්නේ...

:       0       0

සෑම් Saturday, 07 July 2012 07:58 AM

අපි යන්නේ ආසියාවේ ආශ්චර්යටනේ

:       0       0

පොතේගුරා Saturday, 07 July 2012 08:29 AM

මේවා පෙන්නන්නේ මාධ්‍ය වලට පමණයිද?

:       0       0

ටාසන් පුතා Friday, 06 July 2012 06:12 PM

අර සුජිත් ආචාර්යතුමාට ඉංග්‍රීසි බැහැ වගේ.ඒක දන්නවා නම් බූරුවට අං ලැබුණා වගේ තියෙයි

:       0       0

දර්ශන Friday, 06 July 2012 06:22 PM

හරිම අපැහැදිලියිනේ.

:       0       0

අසේල Saturday, 07 July 2012 08:06 PM

වෙරළ බඩ එවුන් ඒ කාලෙ ඉඳලම එන ඕනෙ එකෙක්ට අල්ලන්න බලාගෙනනෙ ඉන්නෙ.නැත්තන් මේ වගේ සුද්ධ භූමියක් මෙතරම් ඉක්මනට වැනසෙන්නෙ නැහැ.අනික මහචාරයට මොලේ කොලොප්පන්.මේ රටට එන හැම එකාම එන්නෙ අපේ හොඳකට නම් නෙමේ

:       0       0

සුපුන් Saturday, 07 July 2012 09:15 AM

සංචාරකයන්ට කරදර කරන මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය ප්‍රමාණවත් නැහැ. තාමත් ඒවැනි මිනිසුන්ට විරුද්ධව ලංකාවේ ක්‍රියාත්මක වන්නේ වැරදි ආඥා පනතක්. එම නීතියෙන් වරදකරුවන්ට රිංගල යන්න හරිම ලේසියි. ඒම නිසා නව නීති හදුන්වා දිම හා ඒවා ක්‍රියාත්මක කිරිම හරිම වැදගත් වෙනවා. එම නිතී දේශපාලනිකරණය නොවිය යුතුයි.

:       0       0

sancharakaya Friday, 06 July 2012 06:26 PM

බේරුවල, හික්කඩුව, මීගමුව, පැත්තේ බිච් බොයිලා මුහුදු වෙරළ බදු අරගෙනයි ඉන්නේ. හොටල් වලට සහ සන්චාරකයනට හරිම කරදරයි. බේරුවල පැත්තේ බිච් බෝයිල ළඟ ගිනි අවි පවා තිබෙනවා. මේ මාෆියාවට විරුද්ධව පියවර ගන්න.

:       0       0

සිරිල් Friday, 06 July 2012 06:27 PM

ලංකාවේත් ඕවා තියෙනවද?

:       0       0

සදුන් Saturday, 07 July 2012 09:18 AM

ලස්සන ලංකාව අවලස්සන වෙන වැඩ මේවා..

:       0       0

සත් Friday, 06 July 2012 06:27 PM

මෝඩ පිස්සෝ

:       0       0

නිමල් Friday, 06 July 2012 06:28 PM

ආශ්චර්යය කිය කියා රටකරවන ඇත්තෝ වේදිකා වීරයෝ වෙලා වැඩක් නෑ පනේ. සමාජ විද්‍යාමකව මේ රටේ සාරධර්ම ගුණධර්ම පිරිහී හා විෂමාචාර ලිංගික මෙහෙවරක යෙදෙන්නේ ඇයිද කියලා සොයා බලා විසදුමක් දෙන්න මහන්සි වෙන්න. මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිපලයක් ලංකාවේ ප‍්‍රථම සමලිංගික විවාහය මෙයට ස්වල්ප මොහොතකට පෙර සිදු විය. කියා ලංකාදිපේ වෙබ් එකට ලියන්න වන දිනය වැඩි ඇතක නෑ වගේ

:       0       0

ලෙස්ලි හර්බට් Saturday, 07 July 2012 10:00 AM

මේ බීච් බෝයිස් ලා ලංකාවේ විතරක් නොව ජර්මනියට් ගීහිල්ල එහෙ ඉදන් ලංකාවේ නම කනවා. ඒ වගේම ලාබාල ගැහුණු ළමයිනුත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 148 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2264 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site