ප‍්‍රවීණ බැඞ්මින්ටන් විනිසුරුවරයකු වන රෝහණ ද සිල්වා මහතා ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ විනිසුරු කමිටුවට සුදුසුකම් ලබා සිටියි. පසුගියදා චීනයේ පැවැති ජාත්‍යන්තර බැඞ්මින්ටන් විනිසුරුවරුන් තෝරා ගැනීමේ ප‍්‍රායෝගික පරීක්‍ෂණයට ඉදිරිපත් රෝහණ මහතා එහිදී ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙස උසස්වීම් ලැබීය.රෝහණ මහතා ජාත්‍යන්තර බැඞ්මින්ටන් විනිසුරුවරුන් ශ්‍රේණිගත කිරීමේ ඉහළම ශ්‍රේණියට උසස්වීම් ලැබු පළමු ශ්‍රී ලංකා විනිසුරුවරයා ද වේ. ඒ අනුව ඔහුට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඇතුළු අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිවල දී විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවේ. 2008 වසරේ බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පැති රේඛා විනිසුරුවරයකු ලෙසද කටයුතු කළ රෝහණ මහතා ලෝක ශූරතා බැඞ්මින්ටන් තරගාවලි දෙකක් ඇතුළු ජාත්‍යන්තර තරග කිහිපයකම විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ. වසර 17 ක් පුරා බැඞ්මින්ටන් විනිසුරුවරයකු ලෙස සේවය කරන මොහු බැඞ්මින්ටන් පුහුණුකරුවකු ද වේ. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලේකම්ධුරයේ ද සිටි රෝහණ මහතා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම්වරයකු ලෙස ද කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැඞ්මින්ටන් විනිසුරු රෝහණට අන්තර්ජාතික කමිටුවට උසස්වීමක්