ස්කොට්ලන්තයේදී දැන් පැවැත්වෙන ‘ස්කොටිෂ් අන්තර්ජාතික විවෘත’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න අද (24) සමත්විය. ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 90 වැනි ස්ථානයේ සිටින ජර්මනියේ මාෂල් රුයිටර් තරග වට 2-0 කින් පරාජය කිරීමට නිලූක සමත්විය. එහිදී ලකුණු තත්ත්වය (21/17, 21/17) සටහන්විය.
ඇමරිකාවේදී පැවැති අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලි දෙකක්ම ජය ලැබු නිලූක මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) 98 වැනි ස්ථානය සිටියි. නිලූකගේ සොහොයුරු දිනුක කරුණාරත්න ද ස්කොට්ලන්ත තරගාවලියට සහභාගිවීම කැපී පෙනේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා හරි ඔලිමිපික් පදක්කමක් ගෙනෙයි