ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලෙස 2006 වසරේ දී ශ්‍රී ලංකා රජයට රුපියල් විසි එක් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු කළැයි කියන නඩුවෙන් චෝදනා ලබා සිටින හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමට එතෙර යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර දුන්නේය.
ඇමැතිවරයාට එතෙර ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා මාස හතරකට ඔහුගේ ගමන් බලපත්‍රය මුදා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ඉල්ලා සිටියේය.
වැඩිදුර විභාගය පෙබරවාරි 17 වැනි දා ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා රට ගියේ එයාගේ වියදමින් නම් අපිට ප්‍රශ්නයක් නැහැ (නි)
අපේ සමහරු නම් මේක දැකලා කලබලවෙලා වගෙයි (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
දුප්පත් අපිටත් මේ නීතිය මෙසේමද? (නි)
හිතනවද එයා ගිහින් ආයෙත් එයි කියලා? (නි)