අයි. පී. එල්. තරගාවලියේ 46 වැනි තරගය ලෙස බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ පූනේ වොරියස් පිල අතර අද (2 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියස් පිල පරදවා ලකුණු 17 ජයක් ලබාගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ ඒ. බී. ඩිවිලියර්ස් (නොදැවී 50) සහ මොරිස් හෙන්රික්ස් (නොදැවී 27) එක්ව ලකුණු 68 ක නොබිදුන සම්බන්ධතාවයක් ගොඩනගමින් බැංගලෝර් පිලේ ලකුණු ප‍්‍රමාණය 187 දක්වා ඉහළ දැමීමට සමත්වූහ.
පන්දු 23 කින් වාර්තා වූ ඩිවිලියර්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.
පූනේ වොරියස් පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 19 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 3 ක් ද සමගිනි. මැතිව්ස්ගේ හයේ පහර 3 න් 2 ක්ම මුත්තයියා මුරලිදරන්ගේ පන්දු හමුවේ විය. පන්දු යැවීමේදී ඕවර 2 ක් යවා ලකුණු 23 ක් දුන් නමුත් එකදු කඩුල්ල හෝ දවා ගැනීමට මැතිව්ස්ට නොහැකිවිය.
කලකට පසු බැංගලෝර් පිල නියෝජනය කළ මුත්තයියා මුරලිදරන්ද ඕවර 3 ක් යවා ලකුණු 32 ක් දුන් අතර කඩුලූ දවාගැනීමට අසමත්විය.
පෙර පැවති තරගයකදී පූනේ පිලට එරෙහිව නොදැවී ලකුණු 175 ක් රැුස්කරමින් ලෝක වාර්තාවක් පිහිටවූ කි‍්‍රස් ගේල්ට අද තරගයේදී පූනේ පිලට එරෙහිව ලබාගත හැකිවූයේ ලකුණු 21 ක් පමණි.
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 187
(කි‍්‍රස් ගේල් 21, සෞරව් තිවාරි 52, විරාට් කෝලි 25, ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 50, මොරිස් හෙන්රික්ස් නොදැවී 27, අශෝක් ඩින්දා 52/2)
පූනේ වොරියස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 170
(රොබින් උක්තාපා 75, ඒරන් ෆින්ච් 15, තිරුමලසෙට්ටි සුමන් 11, යුවරාජ් සිං 16, ඇන්ජලෝ මැතිව්ස් 32, විනේ කුමාර් 31/3, මුරලි කාර්තික් 29/3)
(*)
2025 දෙසැම්බර් මස 18
3
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංගලෝර් පිලට ලකුණු 17 ක ජයක්