රුපියල් කෝටි දෙකක් පමණ වටිනා හෙරොයින් තොගයක් ගමන් මල්ලේ සගවාගෙන මෙරටට පැමිණි බංගලිදේශ ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය ඒකකය මගින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු 38 වියැතිය. ඔහු මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 508 දරණ ගුවන් යානයෙන් බංගලිදේශයේ ඩකා නුවර සිට මෙරටට පැමිණ තිබේ.
ඔහුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම හෙරොයින් තොගය සගවා තිබු බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 400 කි.
සැකකරු නිමාඩුවක් ගත කිරීමේ මුවාවෙන් මෙරටට පැමිණ ඇති බව කරණ ලද විමර්ශණ වලින් අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න (නි)
ලංකාවේ හෙරොයින් බාවිතය අධික නිසා නිසා ඉල්ලුම වැඩිය. කෙසේ හෝ රැගෙන අවොත් ඉහල මිලට වෙලදාම් කිරීමට හැකියාව තිබෙන නිසා මෙසේ සිදුවෙයි , මත් කුඩු බාවිත කරනා අයටත් ඉහලම දඬුවම් ලබා දිය යුතුයි (බ)
බංගලිදේශයෙන් ොවනම් ඉතින් අපේ සහෝදරයෙක්ම තමයි. මේ අය අපිට හරි ආදරෙයි කුඩු පොවන්න (බ)
දැන් කුඩු අදින්නෙත් කෝටි ගණන් වලින් (නි)
මේගොල්ලෝ තමයි නියම නිහඬ ත්‍රස්තවාදීන්. බෝම්බ ගහනවට, වෙඩි තියනවට, කඩු වලින් කපලා මරනවට වඩා මේ ක්‍රමය හරිම පහසුයි. මේ නිසා තමයි අපි බොහොම පරිස්සමට ජීවත් වෙන්න ඕනෑ (නි)
මේ ඇස්තමේන්තු රටට කියන නිසා මේ කියන මුදල් ප්‍රමාණය හොයන්න තවත් අය පොළබවනවා. (බ)
උපරිම දඬුවම් කරන්න (බ)