
(යොහාන් භාසුර, දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 38 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිල්ලිහි අරුන් ජෙට්ලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් කරමින් කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා කැඳවා සිටින අතර දිමුත් කරුණාරත්න සහ දුෂාන් හේමන්තට ස්ථාන අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා , කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර , ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත
බංග්ලාදේශ කණ්ඩායම:
නජ්මුල් හොසේන් ශන්ටො, ලින්ටන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, ටන්ෂීඩ් හසන්, තවුහිඩ් හිඩෝයි, ශකීබ් අල් හසන්, මහුමුදුල්ලා, මෙහෙදි හසන් මිරාෂ්, ෂොරිෆුල් ස්ලාම්, ටන්සිම් හසන් සකීබ් සහ ටස්කින් අහ්මඩ්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොල්ලනේ, දැන් ඔය ඇති. ගෙදර වරෙල්ලා...!
වෙනත් රටක ඉන්න අපට රෙද්දක් ඇඳගෙන ඉන්න බැරි විදිහට වැඩේ දීලා පොර ටෝක් එකකුත් දාපල්ලා.
අද බංගන්ගෙන් මදි නොකියන්න කනවා ෂුවර්...!!!
ශ්‍රී ලංකාව නැවත වතාවක් පරාජය වීම තෝරා ගනී. දැක්කනේ හිටපු නායකයා ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති ගැන දන්නා තරම.