මුදලට ක‍්‍රිකට් තරග පාවාදුන්නේ යැයි චෝදනා එල්ල වූ බංග්ලාදේශ විනිසුරු නදීර් ෂා මහතාට වසර 10 ක තහනමක් පැනවීමට බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම චෝදනා පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ විශේෂ කමිටුව විසින් අද (18) මෙම දඩුවම නියම කළේය.
ඉන්දීය රූපවාහිනී ආයනයක් පසුගිය වසරේ ඔක්තෝබර් මස විකාශය කළ වැඩසටහනකින් නදීර් ෂා විනිසුරුවරයා ඇතුළු ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ පාකිස්තානු විනිසුරුවන් කීප දෙනකු මුදලට තරග පාවාදීමට හවුල් වූ යැයි හෙළි කළේය.
නදීර් ෂා විනිසුරුවරයා 2006 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළදී එක්දින ජාත්‍යන්තර තරග 40 කදී විනිසුරු ලෙස කටයුතු කර තිබේ.
තහනමට ලක්වූ නදීර් ෂා මහතා පවසන්නේ තමන්ට පැනවූ දඩුවම සම්පූර්ණයෙන්ම වැරදි බවත් ඒ සඳහා සාක්කි නොමැති බවත්ය.
‘‘මෙම තීරණය පිළිබදව යළි සළකා බලන ලෙස මා බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා’’ යැයි නදීර් ෂා විනිසුරුවරයා වැඩි දුරටත් පවසයි.
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.
පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බංග්ලාදේශ ක‍්‍රිකට් විනිසුරු නදීර් ෂා ට වසර 10 කට තරග තහනමක් පනවයි