බංගලාදේශයේ චිතගොංහි බෞද්ධ භික්ෂුන් වහන්සේ කිහිප නමක් දකුණේ පන්සල්වල වාසය කරති.
ඇල්පිටියේ තලගස්පේ කැටැන්දොල ශ්‍රී බෝධි රාජාරාමයේ බංගලිදේශ භික්ෂුන් වහන්සේලා පස් නමක් පමණක් වැඩ සිටිති.
අමුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රධාන දායකත්වයෙන් පාලනය වන කැටන්දොල ශ්‍රී බෝධිරාජාරාමයේ විහාරාධිකාරී ලෙස බංගලාදේශ භික්ෂූන් වහන්සේ නමක් වන උපනන්ද හිමි වසර හතක් තිස්සේ සිටිති.
උන් වහන්සේ කියා සිටියේ වසර හතක් පුරා කැටන්දොල ගලාන්ඩුකන්ද ගෝනාපාමුල දෙනිය,බෝංගොඩ ,පන්විලහේන,උඩෝවිට යන ගම් වල වෙසෙන දෙසීයකට අධික බෞද්ධ සැදැහැවතුන් වෙනුවෙන් තමන් වහන්සේ ඇතුළු අනිකුත් බංගලාදේශ ජාතික භික්ෂුන් වහන්සේලාගේ ධර්ම ප්‍රචාරක කටයුතු බණ දහම් දේශනා ඇතුළු අනිකුත් දහම් කටයුතු වෙනුවෙන් හා විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් සියළු කටයුතු කරන බවයි.
උපනන්ද හිමියන්ට අමතරව බංගලාදේශ ජාතික හිමිවරුන් වන සුභරත්න,සුප්‍රිය පියනන්ද හා නාරද යන හිමිවරු මෙහි වාසය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහාල්, ඔයා හීනෙන්ද කියවන්නේ? කවදාද බංගලාදේශය බෞද්ධ රටක් වුණේ? බොරු කියන්න එපා (නි)
නිහාල් ඔබ හරි ! (නි)
වැඩක් ඇති දේකටද මේ කොමෙන්ට් දාන අය පිස්සෝ වගේ එක එකෙනා විවේචනය කරලා නටන්න හදන සෙල්ලම,පිස්සු නැත්නම් ෂෝක් කිව්වලු.(නදී)
ඇයි මේ පිරිස කලබල වෙන්නේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා ගැන කියූ පමණින්, ලංකාවේ විදේශ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ සිටියේ අද ඊයේ නොවෙයි. ඇයි මතක නැද්ද නිදහස් සටනට උරදුන් ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි. අනික බොහෝ විදේශ භික්ෂුන් වහන්සේලා, අධ්‍යාපන කටයුතු සඳහා ලංකාවට වැඩම කරනවා. සෙන්තිල්, බංගලිදේශය විතරක් නොවෙයි ඉන්දීය උප මහාද්වීපයම බෞද්ධ රටවල් එදා ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය ඇතුළු බෞද්ධ අරම වැනසුවේ ඉරානය හෙවත් පෙරකළ පර්සියාවෙන් පැමිණි මුස්ලිම් බලවේග. එක්දිනකදී බෞද්ධ භික්ෂුන් 10000 කට අධික ප්‍රමාණයක් එකම තැන ඝාතනයට ලක් කළ බව මා අසා තිබෙනවා. බෞද්ධ භික්ෂුන් සංහාරය කර බුද්ධාගම වැනසූ ඉරානයත් අතීතයේ බෞද්ධ රටක්. නමුත් බුද්ධාගමේ තිබෙන අවිහිංසක බව නිසා නිතරම අන්‍යගමිකයන්ගේ අතින් පහරදීම් වැනි ව්‍යවසනයට පත්වී තිබෙනවා එක තමයි සත්‍ය. (ස)
මේ බංගලි හිමිවරුන්, හිමිවරු වෙසින් ලංකාවට පැමිණි අය වෙන්න බැරිද ? (නදී)
මංජුල ඔබ හරියටම හරි.(නදී)
මංජුල ඔබ හරියටම හරි. (ස)
මම අනාගතය දෙස බලා කණගාටු වෙමි (නි)
සෙන්තිල් මෝඩයෙක් වගේ කියවන්න එපා. (ස)
අතීතයේ බෞද්ධ රටක් වූ බංගලිදේශයේ අද බෞද්ධාගමට අත්වී තිබෙන තත්වය ඛේද ජනකයි. ඒ ඉරණම ශ්‍රී ලංකාවටද මීලගට සිදුවීමට පුළුවන්. අවධියෙන් සිටිමු. (ස)
මට නම් ටිකක් පැහැදිලි මදි (නි)
මංජුල ඔබ හරියටම හරි. (ස)
වීසා බලපත්‍ර එහෙම කොහොමද? (නි)
මම මේ ගැන සතුටු වෙනවා (නි)
සෙන්තිල් නම් මෝඩයෙක් වගේ කියවනවා... (ස)
බංගලා දේශය හුගාක් අතීතයේදී බෞද්ධ රටක්. ඒත් පකිස්ථාන පාලනය නිසා ඒ බෞද්ධ රට අද තනිකරම මුස්ලිම් රටක් උනා. අද බංගලාදේශයේ ඉන්නේ බෞද්ධ අතලොස්සයි. ඉන්දියාවටත් උනේ ඔය දේම තමයි. දැන් බෞද්ධ ආගම හොඳටම තියෙන්නේ ශ්‍රී ලංකාව තායිලන්තය වගේ රට වල විතරයි. ඒ නිසයි මේ ස්වාමින් වහන්සේලා මෙහෙට වැඩම කරන්නේ.(නදී)
හරි වීසාවකින් නේද ඉන්නේ? දන්නවානේ නැත්නම් වෙන දේ! (නි)
විසා ලැබී ඇත්දැයි මට සැකයක් පවතිනවා. (නි)
බංගලාදේශයේ ඕනෑ තරම් බෞද්ධයෝ ඉන්නවා. (නි)
නිර්මල වූ බුදුදහම රැකගනිමු (නි)
එන්නකො බන්ගලාදේශයට. (නි)
බංගලාදේශ ,ඇෆ්ගනිස්තාන, පාකිස්තානු මුසල්මානු අය ඉගෙනගන්න මුවාවෙන් ලංකාවට ඇවිල්ලා යන්නේ නැති පිරිස ඇති මහත්තයා. මේවා ගැනත් හොයලා බලන්න (නි)
බෞද්ධයෝ හිටියොත් තම ප්‍රශ්නේ හැමෝටම (නි)
බංගලාදේශයේ සිට ලංකාවට වැඩම කල උපනන්ද හිමියන් ඇතුළු මහා සඟ රත්නය ලාංකීය සම් බුද්ධ ශාසනයේ උන්නතිය හා චිරස්ථිත්ය සඳහා අති විශාල සේවයක් කරනවා. වසර හතරක කෙටි කාලයක් තුල කැටැන්දොල ශ්‍රී බෝධිරාජාරාම විහාරය දැවැන්ත කඩිනම් සංවර්ධනය අගය කල යුතුය. උන්වහන්සේ ඇතුළු සියලුම හිමි වරුන්ගේ කැප කිරීම නිරන්තර අගයමු. උන් වහන්සේලාට නිදුක් නිරෝගී බව ලැබේවා. (ස)
ශ්‍රී ලංකාවත් මුස්ලිම් රටක් කියපු අර කට්ටිය කෝ? (නි)