බංගලිදේශයේ සිට ලංකාව හරහා මාලදිවයින වෙත යෑමට ආ මගියකුගේ බෑගය කටුනායකදී පරීක්ෂා කරද්දී එහි තිබුණු වෙඩිබෙහෙත් සහිත ඉටිපන්දමක් පත්තුවී ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි කියයි.
පස්වරු 5.20ට ලංකාවට ආ එම් ජේ 502 දරණ මිහින් ලංකා ගුවන් යානයේ පැමිණි එම බංගලිදේශ ජාතිකයා එම් ජේ 117 දරණ මිහින් ලංකා ගුවන් යානයෙන් මාලේ බලා පිටත් කළ හැරි බව ද එම ආරංචි සඳන් කරයි.
ගිනි ඇවිලෙන සුළු කිසිවක් ගුවන් යානයක ගෙන යෑමට නොහැකි බවත්, එය ප්‍රශ්නයක් බවත් ගුන්තොටුපොල ආරංචි කියයි.
යුද්ධ වල දී අඳුරට ආලෝකය ලබා ගැනීමට මෙවැනි දෑ පාවිච්චි කරන බව ආරක්ෂක අංශ ආරංචි කියයි.
(ඡායාරූපය ප්‍රසාද් මුතුකුඩ)
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංගලි මගියාගේ මල්ල කටුනායකදි පත්තුවේ
නිහාල් Thursday, 11 February 2016 04:20 PM
බංගලිදේශයේ සිට කටුනායකට ආවේ බංගලි දේශයේ දි හරියට ඒ මගියා පරීක්ෂා නොකරයි නේද.(අ)
ලලිත් Thursday, 11 February 2016 04:33 PM
කට්ටිය ඊයේ පෙරේද ලැප්ටොප් පරිඝනකයක් පුපුරුව හැරිය. මේ පාර ඉටිපන්දමක් අත්හද බැලුව. ළඟදීම මහා විනාසයකට අරාන්දිනවා වගේ. මේ ගැන ජාත්‍යන්තර ගුවන් ගමන් ආරක්ෂක ආයතන වලට දැනුම් දුන්නොත් හොඳයි.(අ)
yoonus Thursday, 11 February 2016 04:44 PM
මෙය වාහනවලට එන පන්දම.....වාහනයේ හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන පන්දමකි..(අ)
ආනන්ද ආර් Thursday, 11 February 2016 04:51 PM
මෙය කිසියම් කඩාකප්පල්කාරී කටයුත්තක පෙරහුරුවක්ද? (අ)
පිටබැද්දර ජයා Thursday, 11 February 2016 04:56 PM
අවදානමට පෙර සුදානම කියලා අපිත් ටිකක් කල්පනාවෙන් හිටියොත් හොඳයි. රාජකාරිය හරියටම කළ නිලධාරින්ට මගේ ගෞරවය (නි)
ලලිත් Thursday, 11 February 2016 08:27 PM
මගේ වාහනෙත් මේවා එකක් තිබෙනවා. නමුත් යෝනුස් හිතනවද යානයට අහස උඩදී හදිසි අවස්ථාවක් එයි කියලා මේවා පත්තු කරන්න? ගහට නැගලා රා බීපු එකා අහුවුණාම කිවුවේත් තණකොළ කපන්න ගියා කියලා නේද? (නි)
අබය Thursday, 11 February 2016 08:49 PM
හදිසියේ ගුවන් යානයේ විදුලි බලය නැතිවුණොත් කියලා හිතෙන්න ඇති. පව් අසරණයා....! (නි)
සමන්ති Thursday, 11 February 2016 09:39 PM
බොහෝ නාලිකාවල වැඩ සටහන් වලට එන ජෝතිස කාරයන්,ගුප්ත විද්‍යා කාරයන්,සිප්පිකටු වෙළෙන්දන් මිනිසුන් මුලාකරන අතර ඇතැම් නාලිකා දුවන්නේ ඔවුන්ගේ සල්ලිවලින්. මොවුන් මිනිසුන් මුලාකිරීමට නොයෙකුත් නම්බු නාම භාවිතා කරනවා (කෞ)
අජිත් Friday, 12 February 2016 01:40 AM
මේක මේ වාහන වල තියන පන්දමක් වගෙයි මට නම් හිතෙන්නේ. කොහොමද ඕවා නිකන් පත්තු වෙන්නේ? එහෙනම් ජපන් වාහන වල ඇතුළේ තියන ඒවත් පත්තු වෙන්න එපැයි. හැබැයි ඉතින් මේකක් ගුවන් යානය ඇතුළට නම් ඕනෑ නැහැ. ඒ පුද්ගලයා ගමනාන්තයට තමයි ගෙනියන්න ඇත්තේ. නමුත් ඉතින් ඒක ගුවන් යානයේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුලුවන් දෙයක්. (නි)
මගලි ෆොන්සේකා Thursday, 11 February 2016 03:07 PM
කොහොමද වෙඩි බේත් අරගෙන නැග්ගේ.මොකද පුදුම විදිහටනේ බලන්නේ.අන්තීමට ගුවන් යානයට නගින කොටත් බලනවා ආයේ .අනික නිකන් පත්තු වෙනවද නෑනේ. (අ)