බංගලිදේශයේ සිට ලංකාව හරහා මාලදිවයින වෙත යෑමට ආ මගියකුගේ බෑගය කටුනායකදී පරීක්ෂා කරද්දී එහි තිබුණු වෙඩිබෙහෙත් සහිත ඉටිපන්දමක් පත්තුවී ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි කියයි.
පස්වරු 5.20ට ලංකාවට ආ එම් ජේ 502 දරණ මිහින් ලංකා ගුවන් යානයේ පැමිණි එම බංගලිදේශ ජාතිකයා එම් ජේ 117 දරණ මිහින් ලංකා ගුවන් යානයෙන් මාලේ බලා පිටත් කළ හැරි බව ද එම ආරංචි සඳන් කරයි.
ගිනි ඇවිලෙන සුළු කිසිවක් ගුවන් යානයක ගෙන යෑමට නොහැකි බවත්, එය ප්‍රශ්නයක් බවත් ගුන්තොටුපොල ආරංචි කියයි.
යුද්ධ වල දී අඳුරට ආලෝකය ලබා ගැනීමට මෙවැනි දෑ පාවිච්චි කරන බව ආරක්ෂක අංශ ආරංචි කියයි.
(ඡායාරූපය ප්‍රසාද් මුතුකුඩ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලිදේශයේ සිට කටුනායකට ආවේ බංගලි දේශයේ දි හරියට ඒ මගියා පරීක්ෂා නොකරයි නේද.(අ)
කට්ටිය ඊයේ පෙරේද ලැප්ටොප් පරිඝනකයක් පුපුරුව හැරිය. මේ පාර ඉටිපන්දමක් අත්හද බැලුව. ළඟදීම මහා විනාසයකට අරාන්දිනවා වගේ. මේ ගැන ජාත්‍යන්තර ගුවන් ගමන් ආරක්ෂක ආයතන වලට දැනුම් දුන්නොත් හොඳයි.(අ)
මෙය වාහනවලට එන පන්දම.....වාහනයේ හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන පන්දමකි..(අ)
මෙය කිසියම් කඩාකප්පල්කාරී කටයුත්තක පෙරහුරුවක්ද? (අ)
අවදානමට පෙර සුදානම කියලා අපිත් ටිකක් කල්පනාවෙන් හිටියොත් හොඳයි. රාජකාරිය හරියටම කළ නිලධාරින්ට මගේ ගෞරවය (නි)
මගේ වාහනෙත් මේවා එකක් තිබෙනවා. නමුත් යෝනුස් හිතනවද යානයට අහස උඩදී හදිසි අවස්ථාවක් එයි කියලා මේවා පත්තු කරන්න? ගහට නැගලා රා බීපු එකා අහුවුණාම කිවුවේත් තණකොළ කපන්න ගියා කියලා නේද? (නි)
හදිසියේ ගුවන් යානයේ විදුලි බලය නැතිවුණොත් කියලා හිතෙන්න ඇති. පව් අසරණයා....! (නි)
බොහෝ නාලිකාවල වැඩ සටහන් වලට එන ජෝතිස කාරයන්,ගුප්ත විද්‍යා කාරයන්,සිප්පිකටු වෙළෙන්දන් මිනිසුන් මුලාකරන අතර ඇතැම් නාලිකා දුවන්නේ ඔවුන්ගේ සල්ලිවලින්. මොවුන් මිනිසුන් මුලාකිරීමට නොයෙකුත් නම්බු නාම භාවිතා කරනවා (කෞ)
මේක මේ වාහන වල තියන පන්දමක් වගෙයි මට නම් හිතෙන්නේ. කොහොමද ඕවා නිකන් පත්තු වෙන්නේ? එහෙනම් ජපන් වාහන වල ඇතුළේ තියන ඒවත් පත්තු වෙන්න එපැයි. හැබැයි ඉතින් මේකක් ගුවන් යානය ඇතුළට නම් ඕනෑ නැහැ. ඒ පුද්ගලයා ගමනාන්තයට තමයි ගෙනියන්න ඇත්තේ. නමුත් ඉතින් ඒක ගුවන් යානයේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුලුවන් දෙයක්. (නි)
කොහොමද වෙඩි බේත් අරගෙන නැග්ගේ.මොකද පුදුම විදිහටනේ බලන්නේ.අන්තීමට ගුවන් යානයට නගින කොටත් බලනවා ආයේ .අනික නිකන් පත්තු වෙනවද නෑනේ. (අ)