
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 8 වැනි දා සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු - මැද නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වර්ධනයක් බලා පොරොත්තු වේ.
නැගෙනහිර, මධ්‍යම ඌව, උතුරු - මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වේ.
ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොලොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකියි.
COMMENTS
මේක බලල දෙරණට කියන්න පුළුවන් 1.කොහාටද වහින්නේ කවදද, කොතනටද, කොච්චර MM ගානක්ද 2. කොයි ගඟද උතුරන්නේ ,කොයි ගඟද උතුරන්නේ නැත්තේ. 3.කොයි හරියේද නාය යන්නේ.කොයි හරියේද නාය යන්නේ නැත්තේ. 4.කොතනද ජනතාව ට තාවකාලික කඳවුරු හදන්නේ. 5.කවද ඉඳලද හරියටම වහින්නේ. 6.100MM ද 500MM ද වහින්නේ. 7.කොයි වැවේද වතුර අඩු කරලා තියෙන්නේ. කොච්චරකින්ද. 8.කොයි DAM එකේ ද වතුර අඩු කරලා තියෙන්නේ,කොච්චක් ද. 9.ගොවියන්ට වතුර දෙන්න කොච්චර ඕනෙද ඒවා ටික ටක්කෙටම මේ පාර කීවොත් , අපි කැලණියේ නයාත් පිලිගන්නවා
8 කෙසේ වෙතත් අද(6) උදේ ඉඳන් කලින් වගේම වහිනවා.