බෙංගාල බොක්කේ පීඩන අවපාතය ‘කයන්ට්‘ නම් සුළිකුණාටුව දක්වා වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1200ක් දුරින් ‘කයන්ට්‘ සුළිකුණාටුව කේන්ද්‍ර ගත වී ඇති බවත් ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවත් උතුරු පළාත් හැර සෙසු පළාත් වල සවස් කාලයේ වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.
බස්නාහිර.සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත් හී උදේ කාලයේ මීදුම පැවතිය හැකි බවත් තද සුළං හා මීදුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්තුමේන්තුව අනතුරු අඟවයි.
‘කයන්ට්‘ යනු මොන් භාෂාවෙන් කිඹුලා යන්නයි.මොන් භාෂාව තායිලන්තයේ සහ මියන්මාරයේ භාවිත වන භාෂාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිටි රජ කෙනෙක් වූ “මහසෙන්" නමින් කාලයක් සුළි කුණාටුවක් හැඳින්වුවා. කුණාටුවේ නම උවමනා නැත. සිදුවන දේ පමණයි අපි කාලගුණයෙන් බලාපොරොත්තු වන්නේ. නැත්නම් ජ්‍යෝතිෂය වගේ අනුමාන අනාවැකි තත්ත්වයට පත්වෙනවා (නි)