මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැළේට රැගෙන යාමත් සමග එම ඓතිහාසික ස්ථානය අද සිට දින පහක් පුරා දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත. එල්ලුම් ගහ, ඇහලේපොල කුමාරිහාමි ගිල්ලවූ ස්ථානය, බෝ ගස නැරඹීමට වැඩි දෙනක් උත්සහා ගන්නා ඇයුරු දක්නට ලැබිණි. එම බෝගසේ එල්ලුම් ගස පැත්තේ අත්තේ කොළ හට නොගන්නා බව බන්ධනාගාර නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු බය කරන්න හොද වැඩක් (දී)
මෙවැනි තැන් සුරක්ෂිතව තබා ගත යුතු තැන් මෙහි ඇති භයන්කරත්වය මිනිස් සිතට දැනෙන සේ ප්‍රදර්ශනයට තැබීම වැදගත්. (දී)
දිවි ඇති තුරු මෙවැනි තැනකට යන්න නොලැබේවා (අ)
පුසෙකුත් හිරේ දාල (අ)
දියවන්නාවේ වැඩ වාසය කරන ඒ ඇත්තන්වත් එක්කරගෙන ගිහිල්ල පෙන්නුවානම් හරි අපුරුයි.(අ)
"කබාය ඉරිලා ඊට කමක් නැහැ - එල්ලුම් ගහ ඇත දැන් නිදැල්ලේ." (අ)
මැති ඇමති වරුත් ටිකත් ගියානම් බලන්න .......
මේකත් ජනතා ආදර්ශයක්ද දන්නේ (දී)
මගේ අදහස නම් ඔය ගොඩනැගිල්‍ල තවදුරටත් ආරක්‍ෂා කිරීමෙන් වැඩක් නොමැති බවයි. ඕක බිමට සමතලා කරල මිනිසුන්‍ට නිදහසෙ ඉන්‍න පාක් එකක් හදල දුන්‍න නම් ඊට වැඩිය හොඳයි. (අ)
මොනවා බලන්නද? මේකේ සියලු සිර කරුවෝ මනුෂ්‍යයෝය නේද? (දී)
මේ ඉඩම සමාගමට ගනී වගේ. (අ)
හිර කරුවොත් මනුස්සයෝ තමයි. සමාජයට නරක හා තිරිසන් ක්‍රියා නොකරනවානම්. (අ)
අර පුස හොරකමකට අහුවෙලා හිරේ ගිය කෙනෙක්ද...? (අ)
ඇයි මෙච්චර මෝඩ. වෙන වැඩ නැද්ද? (නදී)
1876 වසරේදී මෙය ඉදි කළ දිනයේ සිට බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා දේශප්‍රේමීන් කී දෙනෙක් මෙහි සුද්දන් යටතේ දුක් විඳින්න ඇත්ද?. අධිරාජ්‍යවාදීන් භංග වේවා කියා කෑ මොර දෙන වත්මන් කාඩ් බෝඩ් විප්ලවවාදීන්ට දැන් හොඳ මාතෘකාවක් තියෙනවා එල්ලුම් ගහේ කොකු පෙන්න පෙන්න "මුව හම් වලට" තලන්න. (අ)
කට්ටිය හොදට පිරුණු වෙලාවක් හිරගෙදර දොරවල් සියල්ල වසාදමා නැවත බන්ධනාගාරය අරම්බ කරමු .ඕක බලන්ඩ යන්නේ හිරගෙදරට යන්ද අසාවෙන් හිටපු අයතමා (අ)
දළදා මාලිගාව අසල මෙවැනි සිර මැදිරියක් පවත්වාගෙන ඒම ගැන අප බෞදයන් වශයෙන් ලැජ්ජා විය යුතුයි. කෙසේ හෝ මෙය ඉවත් කිරීම කලෝතින් පරණ ගොඩනැගිලි කඩා දමා වැදගත් සංවර්ධන කටයුත්තකට යොදා ගන්නවානම් හොදයි. මම අදහස් කරන විදිහට, ඉංග්‍රීසි ආන්ඩුව මෙය ඉදිකරන්නට ඇත්තේ බෞද්ධයන්ට මරු පහරක් එල්ල කිරීමට විය හැක. (නදී)
ඕස්ට්‍රේලියාවේ, තස්මෙනියාවේ, පෝට් ආතර් කියන ස්ථානයේ ඇති සංරක්ෂණය කරන ලද හිරගෙය තස්මෙනියාවේ දෙවන හෝ තෙවන සංචාරක ආකර්ෂණය හැටියට වසරකට සංචාරකයින් ලක්ෂ ගණනක් නරඹා කෝටි ගානක ආදායමක් ලබා දෙනවා. මේකත් ඒ විදියට දියුණු කරලා ගන්නයි තියෙන්නේ. (නධී)
එල්ලුම් ගස පිහිටි පරිශ්‍රය පමණක් කෞතුගාරයක් ලෙස සංරක්ෂනය කර තැබිය හැකිනම් ඉතාමත්ම වටිනවා. අනාගත පරපුර වෙනුවෙන් බලධාරීන්ගේ නෙත් යොමුවේවා.(නදී)
ලොව සියලුම පිරිමි සිරකරුවෝය.(නදී)
බෝගම්බර හිර ගෙදර අයින් කලාට කමක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ මේ බිම පාවිච්චි කරන්නේ චීන කොම්පැනියක උවමනාවකටයි. ගානක් කොටා ගන්නයි. අනෙක, හිටිය හිරකරුවෝ ටික අනික් ඒවාට පැක් කලේ කොහොමද?(නදී)