මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇහැළේපොළ කුමාරිහාමි මාවතේ කන්දක් අද (05) උදේ කඩා වැටී මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාල ගොඩනැගිල්ලට හානි සිදු විය.
එහි සිටි අයට අනතුරක් සිදු නොවු නමුත් කන්දේ සිටි රිලවුන් රංචුවක් පස්වලට යටවී මිය ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“බෝගම්බර කන්දක් නයා යයි“ - එතකොට කන්ද වැටුනේ නයා ගිය හින්නදද?
මහනුවර විශේෂයෙන් මේ කියන ප්‍රදේශය සහ හන්තාන අවට සිදුවෙන අනවසර ඉදිකිරීම් (දේශපාලන අනුග්‍රහය ඇතුව) නිසා මීටත් වඩා බරපතල සිදුවීම් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.(නදී)
වග කිවයුතු අයම ගොඩනැගිල්ලට යටවෙලා බේරුන එක කොච්චර එකක්ද? අවේ අහංසක රිලව්.(නදී)
නුවර හන්තාන කදු බෑවුම් වසාගෙන ඉදිකෙරන ඉතාම අක්‍රමවත් සහ ඇසට අප්‍රිය ජනක ගොඩනැගිලි නිසා දැන් ඉස්සර වගේ නුවර ලස්සන නැහැ. ඉදිකිරීම් කිසිම ප්‍රමිතියක් නැහැ. කිසිම වාස්තු විද්‍යා ලක්ෂණයක් නැහැ, පල්ලෙහායින් බලනකොට අට්ටාල වගේ කණු ගහලා ඒ උඩ ගෙවල් ගහනවා. දැන් බලනකොට අට්ටාල ගොඩක් පෙනෙනවා. මේවා ඇසට ප්‍රිය උපදන විදිහට කරන්න අදාල නීති සම්පාදනය කරන්න ඕනා වහාම. බලන්න ග්‍රීසියේ ක්‍රීට් දුපත් වල බැවුම් වල ඇති නගරවල ලස්සන. ලෝකේ ඕන රටකින් මේවට උදාහරණ ගෙනෙන්න පුළුවන්. අපි තාම හිතන්නේ තනි තනි පුද්ගලයන් ලෙසයි. සමස්ත පොදු චින්තනයකට අපි තාම හිතන්නේ නැහැ. මේ නිසයි එකම පාරේ විවිධ විදිහට ගොඩනැගිලි හදලා සමස්ත චිත්‍රයම අච්චාරු කරගන්නේ, පාරේ එලවන්න ගියත් අපි එකිනෙකා වාහන වෙන වෙනම මන් තීරු නොතකා ඔහේ එලවනවා මිසක් ඔක්කොම සාමුහිකව මහපාර බෙදා හදාගෙන පේලියට යන්න , පාර පනින්න අපි තාම හුරු නැහැ.(නදී)
මලබාරි රජු සමග උඩරට රදළයෝ ඇහැලේපොල කුමාරිහාමිට කළ අපරාධයට කඳු කඩාවැටීම පුදුමයක් නෙමෙයි.(නදී)
රිලවු. පවු නෑදෑ පරපුර උද්ඝෝෂන කරාවිද දන්නා නැහැ. ලස්සන ලංකා හන්තානට යන පාරට මුකුත් නැහැ නේද?(නදී)
වෙන්න බැරි දෙයක් රිලව් යටවීම. රිලවුන් බේරගන්න පස් හාරමු.(ස)