බාගෙට බාගයක් බෙදා ගැනීමේ කොන්දේසිය මත කැකිරාව විජිත පුර මහ කැලෑවක ගල් තලාවක මැණික් ගනුදෙනුවක් කරද්දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හිටපු එස්.ටී.එප් සෙබළෙකුද, දැනට සේවය කරන හමුදා සෙබළෙකුද තවත් පුද්ගලයෙකුද අත් අඩංගුවට ගනිද්දී කපුව පැන ගිය බව කියති.
නියෝජ්‍ය පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාට ලැබුන ඔත්තුවක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් වැටලීම සඳහා පොලිස් වෙසින් මහ රෑ මහ කැළය තරණය කර ඇත.
එහිදී විජිතපුර පිරිස කියා ඇත්තේ නිධානය ඉබ්බෙකු දමා ලොක් කර ඇති බවයි.
කට්ටඩියෙකු ගෙන්වා මතුරා ඉබ්බා කඩද්දී නිල් මැණිකක් බව කියන ගලක් මතු වු බවත් එය රුපියල් ලක්ෂ පහලොවේ සිට සිට ලක්ෂ පහ දක්වා මිළ අඩුකර ගනු දෙනුව කරන්නට යද්දී සැකකරුවෝ නෙදැනුවත්ව පොලිස් විලංගුවට වැටුනාහ.
කැඩූ ඉබ්බා සිමෙන්ති හා කළුගල් වලින් සාදා ඇත්තේ එය රජ කාලයේ ඓතිහාසික නිධානයක් ආරක්ෂා කිරීමට යොදාගත් උපකරණයක් බව ගැනුම්කරුවෙකුට පෙන්වීම සඳහා යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරෙන අය කරනවා ක්‍රමවේදයක් නම් නෑ. (අ)
කොහොමද? මොළ, මේවා හොද පැත්තට යොමු නොවන්නේ මන්ද? (අ)
කුමාරණ. පහසුවෙන් පොහොසත් වෙන්න මෝඩ වැඩ නොකර දාඩිය මහන්සියෙන් නීති ගරුකව යමක් උපයගන්න ඕනේ.(නදී)
''හොරා පොලිස් '' (නදී)
ඉබ්බා 'ඇන්ටික්' කළා වගේ නිල් මැණිකත් 'ජෙනියුන්' කරලද දන්නේ නැහැ. (නදී)
කොහොම උනත් මේ මහ පොලව යට අපේ රට සුරපුරයක් කරන්න පුළුවන් තරම් වස්තුව අපේ රජ දරුවන් වල දමා තිබෙනවා. මට තේරෙන්නේ නැහැ මේවා කිසියම් ක්‍රම වේදයක් අනුව සොයාගෙන රට සංවර්ධනයට යොදා නොගන්නේ ඇයි කියලා. (නදී)