බණ්ඩාරගම බෑග් කඩයකින් බෑග් හොරකම් කළැයි කියන අයිආර්සී කතක ඇතුළු තිදෙනෙක් අද (27) පොලිසියට බාර වූහ.
ඔවුන් බෑග් හොරකම් කරන ආකාරය බෑග් කඩයේ සීසීටීවී ආරක්ෂක කැමරාවේ සටහන්වී ඇත.
ඔවුන් අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. එක් කතක් ගැබිණියකි.
බණ්ඩාරගම බෑග් කඩයකින් බෑග් හොරකම් කළැයි කියන අයිආර්සී කතක ඇතුළු තිදෙනෙක් අද (27) පොලිසියට බාර වූහ.
ඔවුන් බෑග් හොරකම් කරන ආකාරය බෑග් කඩයේ සීසීටීවී ආරක්ෂක කැමරාවේ සටහන්වී ඇත.
ඔවුන් අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. එක් කතක් ගැබිණියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලොත් අර මල්වානේ ඉඩම, සිඑස්එන් එක වගේ හොරකම් කරපුවා පොලිසියට බාරදීලා මේවා අපේ නෙමෙයි, බාර අරගෙන කැමති දෙයක් කරන්න කියලා වෙන්න ඇති පොලිසියට එන්න ඇත්තේ. (නි)
අවවාද දීල නිදහස් කරන්න බැරිද ? (ම)
ඉපදෙන්න ඉන්න දරුවාට දෙවි පිහිට තමයි! (නි)
අසරණ ගෑනු කෙනෙක් දුප්පත්කමට රුපියල් 500 වටිනා දෙයක් හොරකම් කළත් වැරදියි. එ්ත් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදලින් හදපු නිවස සහිත අක්කර 16 යේ පොල් වත්තේ පොල් ගස් ටික විතරයි අපි දැක්කේ (නි)
ඔය වගේ අල්ලගමුකෝ බලන්න රුපියල් බිලියන ගණන් හොරකම් කරපු හොරු. පොලිසියේ කට්ටිය එක්ක ගිහින්ම එක්ක එන්න. (නි)
පව් මේ මිනිස්සු.(හේ)
මේ හොරකම දවසින් අල්ල ගනියි.ඒත් මහාපරිමාණ හොරු තාම නිදැල්ලේ.(හේ)
මොළේ ඇති හොරු සෙට් එකක්. උස්සපු බෑග් දෙක දීලා බාරවෙලා. සීසීටීවී නැති තැන් කීයකට වැඩේ දීලා ඇද්ද? (නි)
දුප්පත්කමට වුණත් රුපියල් 500 -1000 හොරකම් කරන්න එපා. කරනවා නම් රුපියල් කෝටියකට වඩා වැඩි හොරකම් කරන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (නි)
පොලිසියට මේ වගේම රාජකාරිය කරන්න බැරිද මන්දා රාජ්‍ය දේපල මහා පරිමාණයෙන් සොරාගෙන ඉන්න ප්‍රබලයන්ටත්? ලංකාවේ පොලිසියත් උස් තැන් දැක හැකිළෙන මිටි තැන් දැක පුප්පන තත්වයට පත්වී තිබීම ගැන ලැජ්ජා විය යුතුයි. (නි)
අසරණකමට කළාද දන්නෙ නැහැනේ (නි)
නිරංජන්, බලය ළඟ ලංකාවේ පොලිසිය දෙකට තුනට නැවෙනවා. මම නම් හිතන්නේ නැහැ ලංකාව පවතිනතුරු ඔය තත්වය වෙනස් වේවි කියා කවදාවත් (නි)
මේ මිනිස්සු හොරකම් කරන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුය. අසරණකම නිසාද නැත්නම් රැකියාවක් වශයෙන් සොරකම් කරන්නේද. ගැබිණි මවක් කෙසේ සොරකම් කරන්න පෙලඹෙන්නේද? (නි)
මොවුන් තවම අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් යැයි ඔප්පු වී නැහැනේ (නි)
රටේ හැමතැනම බලනකොට හොරකම්
මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. නමුත් අර කෝටි 100 වංචා කළ අය රටින් පැන්නා. (නි)