රුපියල් දහතුන් ලක්ෂ අසූ පන්දහසක් වටිනා රත්තරන් කූරු දෙකක් සිය ගමන් මල්ලේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පනස් හය හැවිරිදි පුද්ගලයෙකි.
අත් අඩංගුවට ගනු ලැබූ රන් කැබලි දෙකෙහි බර ග්‍රෑම් දෙසිය හැත්තෑ හතකි.
ඔහු ඉන්දීය ගුවන්සේවයට අයත් අයි.එක්ස් 672 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති බව රේගුව කියයි.
මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීත්ෂනය යටතේ සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්මුනේ අය ලංකාවට හරිම ආදරෙයි. රත්තරන් කූරු කරනවා. කූරු රත්තරන් කරනවා. රත්තරන් කුඩු කරනවා. කුඩු රත්තරන් කරනවා .කුඩු රජාලත් ජනතාව අතර රත්තරන් වගේ බැබළි බැබළි ඉන්නවා. අනේ මගේ රත්තරන් දුපත. (නදී)