රුපියල් දහතුන් ලක්ෂ අසූ පන්දහසක් වටිනා රත්තරන් කූරු දෙකක් සිය ගමන් මල්ලේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පනස් හය හැවිරිදි පුද්ගලයෙකි.
අත් අඩංගුවට ගනු ලැබූ රන් කැබලි දෙකෙහි බර ග්‍රෑම් දෙසිය හැත්තෑ හතකි.
ඔහු ඉන්දීය ගුවන්සේවයට අයත් අයි.එක්ස් 672 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති බව රේගුව කියයි.
මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීත්ෂනය යටතේ සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බෑග් වාටියෙන් රන්කූරු
සත්‍යයා Tuesday, 04 February 2014 07:07 AM
කල්මුනේ අය ලංකාවට හරිම ආදරෙයි. රත්තරන් කූරු කරනවා. කූරු රත්තරන් කරනවා. රත්තරන් කුඩු කරනවා. කුඩු රත්තරන් කරනවා .කුඩු රජාලත් ජනතාව අතර රත්තරන් වගේ බැබළි බැබළි ඉන්නවා. අනේ මගේ රත්තරන් දුපත. (නදී)