රුපියල් ලක්ෂ දාහතරහමාරක් පමණ වටිනා රත්තරන් කූරු දෙකක් තම ගමන් මල්ලේ පතුලේ දාර වල සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික තරුණයෙකුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ රේගුව එම රන් කැබලි දෙක රාජසන්තක කළේය.
සැකකරු 24 හැවිරිදි කොළඹ මරදාන ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු මීට පෙර බ‍්‍රිතාන්‍යයේ රැකියාවක් කළ අයෙකු බවද අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කූරු දෙකෙහි බර ග‍්‍රෑම් 287 කි.
ඔහු අද මදුරෙයි බලා යාමට කටුනායක ජාත්‍යක්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි. ඔහුගේ ගමන් මල්ලේ පතුලේ රෝද සවිකරන ඇළුමිනියම් දාරයේ තිබී මෙම රන් කූරු සොයාගත් බව රේගුව කියයි.
රේගු නිලධාරින් විසින් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ රන් පවුමක් මෙරටින් පිටකිරීම සඳහා සඳහා රුපියල් 4500 ක මුදලක් ගෙවන බව තැරව්කරුවෙකු විසින් පැවසු බැවින් එම මුදල් ලබා ගැනීම සඳහා මෙම ක‍්‍රියාව සිදු කළ බවයි.
මින් පෙර මෙවැනි දේ නොකළ බවත් මේ පළමු අවස්ථාව බවත් ඔහු රේගුවට පවසා ඇත.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී එච්.කේ.කේ කරුණාසේකර, සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.බී.ඞී වීරසිංහ, ආර්.ඒ.එල්.වී රණතුංග, ඩබ්ලිව්.වී.එම් මධුෂංක යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තබුක් සිල්වා,මේ අල්ලන රත්තරන් පසුව යකඩ කරලා පරණ යකඩ වලට විකුණනවා වෙන්න ඇති. පිළිතුරින් ඔබ සෑහිමකට පත් වුණාද? (නි)
මෙහෙ අල්ලන රත්‍රන් වලට මොකද වෙන්නෙ ? (ස)
මම නම් හිතන්නෙ අපි කොපමණ මේ වගේ ප්‍රවෘත්ති ඇහුවත් ඒ අහුවෙනවට වඩා ප්‍රමාණයක් කොහොම හරි රටින් පිටවෙනවා ඇති.නැත්නම් මේ අහුවෙන විදියට තවත් මෙහෙම කරයිද?? (ස)
අනේ මේ වගේ මෝඩයෙක්,කුරු නම් වෙන ඕන තරම් තියෙනවා හංගගෙන යන්න (ස)
කුමාරි කියන දෙය හරි . ඔය එකක් දෙකක් අහුවන විට රේගුවේ ඇස වසා ගොඩක් යනවා එති . රෙගු නිලදාරීන් සියලුම දෙනා අවංක නැති නිසා . (අ)