කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලයන්හි වාර්ෂික ක්‍රිකට් තරගයට සහාය දක්වමින් එම විදුහල් දෙකෙහි සිසුන් හා ආදි සිසුන් වාහනවල නැගී පාසල් කොඩි ලෙලවමින් මහ පාරේ යෑම නිසා කොළඹ ප්‍රධාන පාරවල් රැසකම වාහන තදබදයක් ඇති විය.
හෝර්ටන් පෙදෙසින් නෙළුම් පොකුණ අසල පාරත්, මහජන පුස්තකාලය අසල පාරත්, ඇස් වාට්ටුවේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට යන වාහනත් මාර්ගය දිගට පෝලිම් ගැසී තිබිණි.
හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ළඟ සිට නෙළුම් පොකුණ අසලට පැමිණීමට වාහනවලට පැයකට වඩා ගත විය.
පොලිසියද සිටි නමුත් නිසි වාහන පාලනයක් දක්නට නොලැබිණි. උදේ කාර්යාලවලට යන සේවකයන්ගේ රතු ඉර පාරේදීම වැදී තිබිණි. විදුහල් දෙකෙහි සිසුන් පාරේ හා වාහනවල යමින් අනෙකුත් මගීන්ට හා රථවාහනවලට බාධාවන පරිදි හැසිරෙන ආකාරය දැකිය හැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ වගේ පිස්සු වැඩ කරන්න ඉඩ දීල පොලිසිය බලාගෙන ඉන්නේ? (ම)
එකට කමක් නැහැ. කට වහගෙන ඉන්නවා හොඳයි! ඒ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න පුර වැසියෝ. (ම)
මේ ළමයි මේ කාලයට ඔව උදුමුවා ගෙන තමයි හැසිරෙන්නේ (ම)
පොලිසියට කරන්න දෙයක් නැහැ.ඉහල අණකින් නියෝගයක් දෙනකම් ඔව්න් බලා ඉන්නවා. අනෙක ඔය පාසල් වල ඉන්නෙත් සුපිරි දරුවොනේ.පොලිසිය හිතු මනාපෙට නාගන්න ගිහින් වුණ දේවල් මතක ඇතිනේ......(බ)
ලොකු උන්ගේ ළමයිනේ එ්කයි පොලිසිය බය (බ)
පුරවැසියෝ නෙමෙයි, මොවුන් අනාගතය උලාකන කට්ටියක් (නි)
ඕවට එන්නේ ලොකු බල ඇති අයගේ ළමයිනේ. තාම රාජ ඌෂ්ණේ තියනවා (නි)
ඔය ලොකු ලොකු පාසල් වල ඉන්නේ කොහොමත් ඔය වගේ පිස්සු ළමයිනේ (නි)
බිග් මැච් ගහන්නේ මෙහෙමද? (නි)
මෙහෙම පොලිසි වලින් වැඩක් නැහැනේ බලනකොට (නි)
මේක දැන් රටේම තිබෙනවා. කොළඹ ඉස්කෝල ගොඩක් තියනවා. කොළඹ ජනාකීර්ණ කරගත්තට ළමයි සහ ඉස්කෝල පළි නැහැ. අනිත් අයට රතු ඉර වැදුනට කමක් නැහැ, ඉරට කලින් ඇවිල්ලා කරපු හරිය නිසා රට දැන් ගොඩක් දියුණු වෙලා තියෙනවනේ. අපි ළමයින්ගේ ලෝකය විනාශ නොකර ඉඳිමු. (නි)
ඔව් මමත් අද උදේ මරදානේ ඉඳලා කොල්ලුපිටියට එන්න පැයක් විතර ගියා. ළමයි හැසිරුනේ හරිම නොහොබිනා විදියට. වාහන කීපයක් හප්පලා තිබුනා. ටවුන් හෝල් හරියට කිට්ටු වෙනකොට පොලිසිය ළමයින් බයෙන් වගේ හැසිරුනේ. මේවා වහාම නැවැත්විය යුතුයි. අහිංසක දෙමාපියන් බැනුම් අහන්නේ. පව්. (නි)
කොච්චර හොඳද? රටේ ප්‍රධාන බොදු පාසල් දෙකක ළමුන් හැසිරෙන හැටි? බිග් මැච් කාලෙට ළමුන්ට බියර් පොවන්න පොළඹවනවා කියන කොම්පැනි වල උත්සාහය සාර්ථකයි වගේ (නි)
ලුම්බිණි, එහෙම වෙන්නේ එක්කෝ පොලිසියටත් පිස්සුද නැත්නම් පොලිසිය මෝඩද කියන එක මත තමයි. හැබැයි ඒ දෙකෙන් කොයිකද කියන එකත් ප්‍රශ්නයක්!! (නි)
ඇයි ළමයින්ට බයද පොලිසිය? (නි)
අනේ හැබෑට දැන් හැදෙන ළමයින්ගේ හැටි? (නි)
මේ ළමයි හිතන්නේ මෙහෙම කරන එක මහා ලොකු වීරකමක් කියලා (නි)
මේ සොඳුරු මතකයන් ගැන කොළඹ අය දන්නවා. කාටහරි අපහසුවක් වුණානම් සමාවන්න (නි)
අපිත් උසස් පෙළ කාලේ ඔහොම "ට්‍රක්" ගියා. 1979 ශත සංවත්සර මැච් එක දිනක පැය පහක් විතර කුරුඳුවත්ත පොලිසියේ අපේ වාහනය ගාල් කරගෙන අපිවත් තියාගෙන හිටියා. අපෙන්ම සල්ලි අරන් අපිට කන්නත් ගෙනත් දුන්නා. හැබැයි එතකොට මෙච්චර වාහන තදබදයක් නැති නිසා ප්‍රශ්න අඩුයි. මම නම් මේ දිහා බලන්නේ උපේක්ෂාවෙන්. අමරදේව මහතාගේ "මමත් ඔහොම ගිය හැටි මතකයි, මට හොඳ හැටි මතකයි'' මතක්වෙනවා (නි)
පාසැල් සමයේදි බිග් මැච් කාලෙදි නොගන්න විනෝදය කවද ගන්නද?. කොල්ලෙක් වුණාම ඒ ඒ කාලෙට කරන්න ඕනෙ දේවල් තියෙනවා. මේත් එයින් එකක් විතරයි. (ම)
සෑම් මහත්තයා, ඇත්තටම "මමත් ඔහොම ගිය හැටි මතකයි, මට හොඳ හැටි මතකයි''. එහෙම තමයි හැමදේම කරන්න පුළුවන් කාලයක් තියෙනවා. වයසට ගියාම ඕවා කරන්නද? (නි)
අර පාර හැමදාම අවහිරකරන විශ්ව විද්‍යාල කට්ටිය වෙන්න ඇති මේ සමහර අදහස් දාලා තියෙන්නේ (නි)
මට මේ සමහර ප්‍රතිචාර ගැන තියෙන්නේ කණගාටුවක්. අපි හැමෝටම පාසල් කාලයක් තිබුනා. අපි ගොඩක්ම විනෝදෙන් ජීවිතය ගතකළේ එම පාසල් කාලයේ තමයි. ඒ අවස්ථාව හැමෝටම තිබිය යුතුයි. අපි ඒවාට අකුල් හෙළන්න හොඳ නැහැ. නමුත් ළමයිනුත් සීමාව දැනගත යුතුයි. මෙතැනදී නම් මේ ළමයින්ට දොස් කියන්න මට නම් හේතුවක් පෙනෙන්නේ නැහැ. මොකද අපි මේ ඉස්සර දේශපාලකයෝ පාරවල් අවහිර කරගෙන ඉන්නකොට ඉවසගෙන හිටියනේ. අනික මේ ළමයි මේ කරන්නේ සමාජවිරෝධී වැඩකුත් නෙමෙයිනේ. (නි)
හැම දේකම දෙපැත්තක් තියෙනවා. මේ වැඩෙන් පාර බ්ලොක් වෙන්න ඇති. ඒත් මේක ළමයින් පාසල් කාලේ ගන්න සුන්දර අත්දැකීමක්. මහා ක්‍රිකට් තරග පාසල් මට්ටමින් හොද ක්‍රීඩකයින් බිහි වීමට ලොකු අවස්ථාවක්. සහෝදර පාසල් අතර සුන්දර සටනක් මේක. අද බනින සමහරක් අය එදා ඒ කට්ටියගේ පාසල් කාලේ මීට වඩා පිස්සු නටන්න ඇති පාරේ. හැමදේකටම ලිමිට් එකක් තියෙන්න ඕන. ළමයි ඒකත් ඔළුවේ තියා ගත්තනන් කාටත් හොදයි. තව එකක් පාර බ්ලොක් නොවෙන්න " වෙහිකල් පෙරඩ් " යන්නත් බෑ. (ර)
චාමර, ඉස්සර දේශපාලනඥයො පාර අවහිර කරගෙන හිටියෙ යුද්ධය නිසා. එහෙම පාරවල් වහගෙන ගිය දේශපානඥයොම තමයි යුද්ධයත් ඉවරකළේ. හැබැයි මේ ළමයි මේ පාරවල් වහගෙන යන්නෙ ආරක්ෂාවටවත් අවශ්‍යතාවයකටවත් නොවේනේ. සති අන්තයේ නම් කමක් නැහැ. වැඩකරන දවසක මෙහෙම කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ. අනෙක ලක්ෂ 3.5 වගේ ඉන්න ශිෂ්‍යයින් අතරින් 25000 ක් වගේ සුළු පිරිසකට විතරනේ මේ වගේ පිස්සු තියෙන්නේ. ගමේ පාසලක ළමයි ටිකක් ක්‍රීඩා උත්සවයට ලී ටිකක් පාරෙ අරගෙන යනකොටත් අත්අඩංගුවට ගන්නා පොලීසියට මේ වගේ දේවල් පාලනය කරන්න බැරි ඇයි. (නි)
"මමත් ඔහොම ගිය හැටි මතකයි, මට හොඳ හැටි මතකයි''. එහෙම තමයි හැමදේම කරන්න පුළුවන් කාලයක් තියෙනවා. (ර)
චාමර, මමත් ඔහොම ගිය හැටි මතක් වෙනවා. ඉස්කෝලේ කාලේ කරන්නේ නැතුව කවදා කරන්නද?(හේ)
ගිය ආණ්ඩු කාලේ මේවට ඉඩදුන්නේ නැහැ. සල්ලි එකතුකරන්න දුන්නෙත් නැහැ. දැන් යහපාලනය යටතේ ඕනෑ සෙල්ලමක් දාන්න පුළුවන්. (නි)
බිග් මැච් දඹුල්ල හෝ මාතරට ගෙනිච්චා නම් නම් හරි (හේ)
මහින්ද මහතාගේ පුතුන් මේවා කරනකොට කවුරුත් මොකුත් කිව්වේ නෑැහැ. අසරණ කොල්ලන්ට තමයි ලොකුකම් දාන්න එන්නේ ඔක්කොම.... (නි)
ඉහළ පාසල් වල ළමයි කොහොමත් ඉන්නේ අනෙක් අයට වඩා ඉහළින්නේ (නි)
ළමයින්ටත් අවස්ථාවක් දෙමු. හැමදාම ඔය කාලය නැහැනේ ... (ර)
මේ පාසල් දෙකෙන් බිහිවුණ දරුවෝ රටට කර ඇති සහ කරමින් ඉන්නා සේවයද අපරිමිතය. අවුරුද්දකට එක දවසනේ. මේ අදහස් දාන අයවත් එයාලගේ දරුවෙක්වත් මේ පාසල් වලට යන්නේ නැති බව පෙනෙනවා. (නි)