කොළඹ ආනන්ද-නාලන්ද මහා ක්‍රිකට් තරගය පැවැති අද අක්ෂිදාන සංගමයේ ගිලන් රථය හොරෙන් පදවාගෙන ගිය බව කියන නීති ශිෂ්‍යයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
ගිලන් රියදුරා ගිලන්රිය සෝදා බැහැරට ගොස් සිටිය දී මෙම රථය රැගෙන ගොස් ඇතැයි ද, ඔට්ටුවක් ජය ගැනීමට තමා එසේ කළැයි ද ඔහු පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ හිලකින් රිංගන්න ලස්සන රඟපෑමක් (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
උපාලි, මේ ලොක්කෙක්ගේ පුතෙක් නෙවෙයි.. (ර)
ඔය වගේ දේවල් කරන්නේ ප්‍රසිද්දියක් ලබාගැනීමේ අශාවෙන්, දන්නවනේ නීතියෙන් උනත් බරපතල දඩුවමක් මේවට නොලැබෙන බව,. (ර)
මේ බිග් මැච් පිස්සුව නතර කරන්න ඕනේ. මේක කිසිම පදනමක් නැති විකාරයක්. ක්‍රිකෙට් තරඟයත් පාරවල් ගානෙ දඟලන එකත් අතර සම්බන්දය මොකද්ද. තරඟය වෙලාවට ළමයි ඉන්න ඕනේ පිට්ටනියේ අදාල කණ්ඩායම දිරිමත් කරන්න. එහෙම නැතුව පාරවල් අවහිර කරගෙන සල්ලි එකතු කර කර විනය විරෝධී දේ කරන්න නෙමෙයි. ආණ්ඩුව මේවා නතර කරන්න ඕනේ. මේ ප්‍රදර්ශනය කරන්නේ මද්යම පාන්තික හීන මානය. (ර)
ලොක්කෙක්ගේ පුතෙක් නේද? (ර)
මෙන්න නියම පොරක් පාර්ලිමේන්තුවට යවන්න... (බ)
දැන් දැක්ක නේද මේවගේ ලොකු පාසල් වලත් මේ වගේ නුගත් අයත් ඉන්නවා කියලා. (හේ)
මේ තරුණයාගෙන් රටට ගතහැකි වැඩ ගොඩක් තියෙයි.(හේ)
ප්‍රසිද්ධ විද්‍යාල දෙකේ නම පලුදු කළ මෙම නීති ශිෂ්‍යයාට පළමුව නීතිය ඉගැන්විය යුතුය (නි)
දැන් ඔට්ටු අල්ල එක පාසල් වලටත් ගිහින්.(හේ)
කොළඹ අපේ ඉස්කෝල වල කොල්ලෝ ආසාවට කරන වැඩනේ. (නි)
මමත් ඔහොම කළ හැටි මතකයි... මට හොහැටි මතකයි...කෝ මේ කට්ටිය..? (නි)
මෙයාට නීති කැඩීමේ පලවිපාක දැන්ම පෙන්වා දුන්නොත් හොඳයි (නි)
අනාගතයේ හොඳ දේශපාලුවෙකු වීමේ පෙරනිමිති තිබෙනවා. (නි)
මේගොල්ලෝ දැන්ම පාලනය කළේ නැත්නම් ඉදිරියේදී රටට ප්‍රශ්නම තමයි. (නි)
මෙයා නීතිය ඉගෙනගන්න එක දැන්ම නවත්වන එක රටට යහපතක් (නි)
මේගොල්ලෝ අනාගත දේශපාලනයට පුරුදුවෙනවා. හරිම හොඳ විනයක් තමයි මේ පාසල් වලින් කියාදෙන්නේ (නි)
නීතිය කැඩූ මෙම නීති ශිෂ්‍යයා පොලිස් කූඩුවේ දමා නීතිය ඉගැන්විය යුතුය (නි)
මෙන්න නියම කොල්ලෝ. මොනදේටත් බය නැහැ. ජය වේවා !! (නි)