බකමූණ පොල් අතු වාඩියේ ගෙදරක නිදා සිටි කතුන් දෙදෙනෙකු (65,55) කපා කොටා එක් අයෙකු මරා දමා ඇතැයි පොලීසිය කියයි.
අනෙක් කත බරපතල තත්වයෙන් දඹුල්ල රෝහලට මාරු කරනු ලැබ සිටී.
මේ දෙදෙනා පමණක් ගෙදර සිටි බව කියති.
බකමූණ පොල් අතු වාඩියේ ගෙදරක නිදා සිටි කතුන් දෙදෙනෙකු (65,55) කපා කොටා එක් අයෙකු මරා දමා ඇතැයි පොලීසිය කියයි.
අනෙක් කත බරපතල තත්වයෙන් දඹුල්ල රෝහලට මාරු කරනු ලැබ සිටී.
මේ දෙදෙනා පමණක් ගෙදර සිටි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ,චමත් හැම තැනදීම ඔහොම කියන්නේ...? මිනි මරණ එක හොදයි, දඩුවමක් ගැන කියන එක පව් ., අනේ ඔයාගේ බණ..!! (අ)
ජයවර්ධන,ඔබගේ අදහසට 100% ක්ම එකගයි. ඒ අතින් මේ රටවල් මොනතරම් හොදද?දෙවියනේ කියලා රෑ 12 ට වුණත් ලස්සන ගෑනු ළමයකුට රත්තරන් කිලෝ එකක් බදාගෙන වුණත් තනියම යන්න පුළුවන්.මේ රටවල මිනිසුන් මොනතරම් වාසනාවන්තද? (නි)
ඔව් චමත් ඉතාලිය, අපිත් ඒ මිනීමරුවන් නිසා සිය වරක් හදවතින් මිනී මරුවෙක් වෙනවා. ඉවසීම නැති වෙනවා මේවා දැක්කම. සමාවෙන්න, ඒත් එල්ලුම් ගහනම් ඕනේ මයි, මම රටේ ජනපතිකමට පත් උනොත් මම ජනතාවට සේවයට වාර්තා කරන්නේ එල්ලුම් ගහට අත්සන් කරලයි. අවරුදු 100 කට කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බැරි විදියටයි ඒක කරන්නේ.(නදී)
පාන්දර මේවා දැක්කම අදහස් අමතක වෙනවා .(නදී)
කොටකෙතන සිටිය උන් පොල් අතු වාඩියට පැනලද?? (ස)
අනේ මෙහෙම ලංකාවක්, මිනිසුනි ලැබේද මින් සැනසීමක්. (ස)
ඔය මිනී මරුවෝ අල්ලාගෙන කවන්න ඕනෑ මරපු කෙනාගේ මස් එතනම තියාගෙන, නැතුව මේක අවසන් වෙන දෙයක් නෙමෙයි. හැමදාම මරනවා, මරනවා...අපිට නිවාඩුවකට ලංකාවේ සහෝදරයින් නෑදෑයින් බලන්නවත් යන්න බයයි.මැරෙනවා අපිත් දවසක.ඒත් මෙහෙම මිනිසුන්ගේ කඩු පහරක් කාලා අකාලයේ මැරෙන්න අපි කැමති නැහැ (නි)
අයියෝ දවස පටන්ගන්න කොටම මිනී මරු පුවතක්. මේ වගේ ගියානම් ඉන්දියාවේ මුතු ඇටය සොහොන් ඇටය බවට පත්වෙන්න හුග දවසක් නැහැ.(නදී)
ඝාතන මිනීමැරුම් දිනපතා පුවත්පත් වල තියෙනවා. පාලකයෝ නෑසු කන්ව සිටිති. වචනයක්වත් ඒ උදවිය කතා කරන්නේ නැහැ. එල්ලුම් ගහ කෝ? (නදී)
හැමදාම එකම දේම අහන්න හද සසල කරන ප්‍රවෘත්තිමනේ එන්නේ. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියල මේ මිනිසුන්ට තේරෙන්නෙම නැද්ද? (නදී)
මම ළගදීම එනවා. ඔය මිනීමරුවන්ව දඩුවම් කරන්න. ඕනෑම අපරාධකරුවන්ව අපායේ දඩුවම් දෙනවා. (ස)
මම ඊයේ ලිවුවා හෙට තවත් මිනීමැරුමක්,.අනිද්දට තවත් එකක් කියලා. හරියටම හරි.මොකද මේවට දඬුවම් නැහැනේ (නි)
සමහරුන්ට තියෙන්නේ පුදුම නොඉවසිල්ලක්. එල්ලුම් ගහේ එල්ලෙන්න වගේ දඟලනවා. ඕක ගෙනාවයි කියලා අපරාධ අඩුවෙයි කියලා හිතෙනවා නම් ඒක ලොකු මුලාවක්. සමහර විට අදුරදර්ශී පාලකයින්ව අල්ලලා එල්ලුම් ගහේ ගැට ගහල තිබ්බා නම් මුදල් හා කාමාශක්ත බව නිසා වෙන අපරාධ බොහෝ දුරට අඩුවෙන්න ඉඩ තියෙනවා.(නදී)
මරණවා කපනවා කොටනවා වෙඩි තියනවා ඉවරයක් නැහැ. එක්කෙනකේ දෙන්නෙක් එල්ලලා මැරුවානම් හරි නේ.(නදී)
කොට කෙටන ගමේ බිෂණය මටකද එක විසදපු හිටපු නියෝජ්‍ය පොලිස්පතිi වාස් ගුණවර්ධන මහතා අද හිර ගෙදර කොට කෙටන වැරදි කරුවන්ට නිසි දඩුවම දුන්න අදටත් කොට කෙටන සාමකාමි තැනක්.(ස)
මොනවද මේ වෙන්නේ? (ස)
ලංකාව දැන් මිනි කන්නන්ගෙ දේසයක් කරලා ඉවරයි. (ස)
මිනි මැරුමක් කලේ නැති නම් ගණන් ගන්නේ නෑ ලංකාවේ ඉස්සරහට. (ස)
පිරිත් නුල් සීයක් විතර බැඳ ගත්තු, හැම වෙලේම පන්සල් වටේ කැරකෙන අය නේද රට පාලනය කරන්නේ. (ස)
බුදුන් 3 වරක් වැඩිය දේශය ,මොකක්ද මේ සිරි ලංකාවට උන විපත්තිය.(නදී)
වන්නි තිලක්, මම මරණය ට භය නැති නිසා එල්ලුම් ගහ ගැන මට භයක් ඇතිවන්නේ කෙසේද? මගේ පවුලේ කිසිකෙනෙකු අපරාධ වලට සම්බන්ධ නැති නමුත් කාලීන දේශපාලනයේ ඉහළින්ම වැජඹෙන මගේ ඇතැම් මිතුරන් කරනා කියනා දේවල් ගැන මා තුළ ඇත්තේ පිළිකුලක් හා කළකිරීමක්. ඉතාලි චමත්, එක්කෙනෙක් දෙන්නෙක් එල්ලලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියා කියන්න තරමට ඔබගේ විචක්ෂණ දැනුම පහළට දාගන්න එපා. ඇමෙරිකාව වියට්නාම යුද්ධයේදී වියට්කොන් ගරිල්ලා භටයින් හා සිවිල් වැසියන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් ඝාතනය කළා පාඩම් උගන්වන්න. නමුත් වියට්නාම් වැසියන් තම සටන ජයග්‍රහණය දක්වාම ගෙනගියා. ඒකයි මේකයි දෙකක් වුණත් දඬුවම දුන්න අයගේ පැත්තෙන් බැලුවහම ක්‍රියාමාර්ගය අති අසාර්ථකයි. (නි)
වන්නි තිලක්! මම මරණය ට භය නැති නිසා එල්ලුම් ගහ ගැන මට භයක් ඇතිවන්නේ කෙසේද? මගේ පව්ලේ කිසිකෙනෙකු අපරාධ වල ට සම්බන්ද නැති නමුත් කාලීන දේශපාලනයේ ඉහලින්ම වැජඹෙන මගේ ඇතැම් මිතුරන් කරනා කියනා දේවල් ගැන මා තුල ඇත්තේ පිළිකුලක් හා කළකිරීමක්. ඉතාලි චමත්! එක්කෙනෙක් දෙන්නෙක් එල්ලලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියා කියන්න තරමට ඔබගේ විචක්ෂණ දැනුම පහළ ට දාගන්න එපා. ඇමෙරිකාව වියට්නාම යුද්ධයේදී වියට්කොන් ගරිල්ලා භටයින් හා සිවිල් වැසියන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් ඝාතනය කළා පාඩම් උගන්වන්න. නමුත් වියට්නාම් වැසියන් තම සටන ජයග්‍රහණය දක්වාම ගෙනගියා. ඒ කයි මේකයි දෙකක් උනත් දඬුවම දුන්න අයගේ පැත්තෙන් බැලුවහම ක්‍රියා මාර්ගය අති අසාර්ථකයි. (අ)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න පාලකයන්ට බැහ , මොකද එයාලට එල්ලන්න වෙන්නේ එයාලගේ කට්ටියම නිසා , එයාල කවදාවත් එල්ලුම් ගහ කිර්යත්මක කරන එකක් නැහැ එක නිසා (අ)
මේ මිනිමැරැම් වලට හේතුව නිසි දඩුවමක් නැති කම. (ස)
සමහර අය කියනවා 95% මීනී මැරුම් සිදුවෙන්නේ සිංහල අයගෙන් කියා, නමුත් හොඳින් විග්‍රහ කර බලනවා නම් ඔය සමහර ජාතිකයන් ලංකාවට මත් කුඩු, ගංජා වගේ දේවල් ගෙනත් පොවන්නේ සිංහල අයට, මනස විකෘති වෙලා වැරදි වැඩ කරනවා. නමුත් අර කියපු කට්ටිය ඕව ගන්නේ නැත. වැනසෙන්නේ අපේ ජාතිය ඔවුන් දියුණු වෙලා සිංහල ජාතිය හංවඩු ගහනවා. (ස)
මහලොකුවට කතාකරන හෙළදිව සදාචාරය පත්තර බැලුවම පේනවා. බටහිර සංස්කෘතියට නිගරු කරන අය බටහිර කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. ලංකාවේ ගැහැණු කෙනෙක්ට බස් එහක යන්න පුලුවන්ද, සිෂ්‍යවකට තනියෙන් පන්ති යන්න පුලුවන්ද. කොල්ලෝ පනහක් විතර පස්සෙන් වැටෙනවා ආදරය ඉල්ලලා. කුඩා දරුවෙකුටත් අරක්කු, සිගරේට් කඩවල් වල විකුනනවා. මත කුඩු නිදහසේ අලෙවිකරනවා. මිනීමරුවන් වසර දෙකකින් නිදහස්. පාතාලය දේසපාලන රැකවරණය ලැබ හොදින් වෙදෙනවා. සියදිවි නසාගැනීම්, පවුල්පිටින් ඝාතන, මාර්ග අනතුරු නිමක් නැහැ. බටහිර රටවල මොන තරම් සදාචාරයක් තියෙනවද. අගමැතිට උනත් දඩුවම එකඊ. දුෂණය, වංචාව, අපරාධ ඉහවාහ ගිහිල්ල. දෙසපලකයිනි, ආගමික නායකයිනි දැන්වත් ඇස අරින්න. (අ)
ඒක හැබෑව ඩයස් මුස්ලිමි හින්දු සමාජයේ ඇත්තන්ගේ සහයෝගීතාවය අපට ආදර්ශයක් මෙන්ම අප ගැන ලැජ්ජා විය යුතුයි.(නදී)
ගරු ජනාධිපතිතුමනි, එල්ලුම් ගහ බල ගන්වන්න (නි)
අර සත්‍යා එල්ලුම්ගහට ඔය තරම් බය මොකද? එයාගේ කවුරුහරි වරදක් කරලා ඉන්නවද? මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුයි. එය බහුතර ජනතාවගේ මතයයි. (නදී)
රිස්වාන් ඩුබායි.. ඉන්දියාවේ මුතු ඇටය නෙමෙයි, ඉන්දියන් සාගරයේ මුතු ඇටය. දැනටත් මේක සොහොන් ඇටයක් වෙලා ඉවරයි. (ස)
අපෝ මහේෂ් වැස්සකටවත් ඉස්කොලෙ ගිහින් නැති පාටයි. මෙතන ජාති බේදක් ඕන නැහැ හලෝ වැඩක් පලක් නැති කාලකණ්නි කොහෙත් ඉන්නවා. (ස)
සත්‍යා,මරණ දඩුවමට මාත් විරුද්ධයි.ඒත් එක්කෙනෙක් දෙන්නෙක් එල්ලනකොට. මරණ බය අනිත් අයට නිකන්ම දැනෙනවා. මහේෂ් කුඩු ගේන්නේ වෙන ජාතියේ අය විතරද? ඇයි සත්‍ය යටපත් කරන්නේ..පහු ගිය දවස්වල කුඩු කන්ටේනර්.... ස්ප්‍රීතු කන්ටේනර්, ගෙනාවේ ඔයා ඔය කියන ජාතියේ අයද? අපේ අයද?මේවාට වග කියන්න ඕනේ රටේ පාලකයොයි මහේෂ්. නිකරුනේ අනෙක් ජාතියට දොස් කියන්නෙපා කොච්චර වුනත් එයාලාගේ හීත් රිදෙනවා...අපි අපේ අය හදාගමු එතකොට අනෙක් අය නිකන්ම හැදෙයි.(නදී)
ජයවර්ධන, ඔවුන්ට ඇස් හරින්න කියන්න එපා. මොකද මේ ගොල්ලෝ අන්ධයෝ හැටියට මේ තරම් දේ කරනවා නම්, ඇස් පෙනෙනවා නම් මොනවා නොකර ඉඳීද? (නි)
හොඳට හොයල බලන්න ධර්මසිරිය බකමුනෙක් වගේ බකමුනට රිංගලද කියලා.(නදී)..
ටිකිරි බණ්ඩාගේ ප්‍රකාශ දැක්කාම මතක් වෙන්නේ උතුරේ ත්‍රස්තවාදීන් මීනී මරද්දී දකුණේ මානසික සංග්‍රාමය කල අය. (ස)
රූපවතී,කට ..කට... නිකන් පව් පුරවා ගන්නේ නැතුව ඉන්නවද? (නි)
මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා මේ මුර්ගයින්ට නීතියෙන් සුදුසු දඬුවම් නොලැබෙන කල සොබාදහමවත් බලා ගනිත්වා ! (ස)
ටිකිරි බන්ඩෝ, ලංකාව මිනි කන්නන්ගේ දේශයක් කියල ලෝකය චිත්‍රපටි ගැහැව්වේ 88-89 කාලයේදී .පාරක් පාරක් ගානේ මිනි දැකලා.දැන් එහෙම එකක් නැහැ.පුද්ගලික දේවල් වලට ඔහොම දේවල් වෙනවා.ඒවත් අඩුකර ගත්තොත් හොඳා. (ස)
චන්දි, සිත කය වචනය කියන තුන් දොර සංවර කරගත්තේ නැත්නම් පව ඒ තුන් දොරෙන්ම අපි ලගා කර ගන්නවා ... ඇයි අපි නිකරුනේ පව් පුරවා ගන්නේ ... මම ඒක කිවේ රුපවතිට .... රුපවතිගෙන් එකට උත්තරයක් නෑ. ඔයාගෙන් තියෙනවා ඔයා බුදු දහම අදහන කෙනෙක් නම් මම කියන දේ තේරෙයි වෙන ආගමක කෙනෙක් නම් මට සමාවෙන්න, මට පොඩ්ඩක් වගේ දුකක් දැනුනා ඔයා ලියපු අවසන් පේලියට... (ස)