IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බැක්ටීරියාව කිරිපිටි හිර කරයි

නවසීලන්ත කිරිපිටි නිදහස් නොකිරීමට රේගුව පියවර ගනි. නවසීලන්තයේ මහාපරිමාන කිරිපිටි හා කිරි ආහාර නිශ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා සමාගම තම සමාගමෙන් නිකුත් කරනු ලැබූ කිරිපිටි හා කිරිපිටි ආශ්‍රීත නිශ්පාදන වල තිබී බොටුලිස්ම් බැක්ටිරියාවන් සොයාගැනීමට හැකිවූ බව නිවේදනය කිරීමත් පෙරදී ශ්‍රී ලංකාවට නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කිරිපිටි වල ඩයිසයනයිඩි ඇමයිඩ් (ඩී.සී.ඩී.) නම් කෘෂිරසායනය තිබේයැයි පළවූ මතය සැළැකිල්ලට ගෙන මේ තීරණය ගෙන තිබේ. චීනය , රුසියාව හා වියට්නාමය වැනි රටවල්ද නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම අත්හිටුවා ඇත. මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කළ ඇතැම් කිරිපිටි වර්ග වල අපද්‍රව්‍ය පවතී යැයි නැගුණු චෝදනා නිසා සෞඛ්‍ය අමාත්‍යංශය එම කිරිපිටි වර්ගයන් ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ පසුගිය මැයි මාසයේදීය. එසේ වුවද අපද්‍රව්‍ය පවතීදැයි සෙවීමට තායිලන්තය වෙත යැවුණු එම කිරිපිටි වර්ගයන්ගේ සාම්පල වල කිසිදු අපද්‍රව්‍යයක් නැති බව හෙළිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියේ පසුගිය 29 වැනිදාය. නමුත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සිදුකළ පර්යේෂණ වලින් එම කිරිපිටි වර්ගයන්ගේ ඩී.සී.ඩී. පවතින බව තහවුරු වී තිබේ. ඩී.සී.ඩී යනු තණ බිම් වලට ඉසිනු රසායනික පොහොර වර්ගයකි.විෂ සහිත වුවත් කුඩා ප්‍රමාණ වලින් මිනිස් සිරුරට ඇතුල්වී කිසිදු හානියක් සිදුකිරීමට ඩී.සී.ඩී හට නොහැකි බව නවසීලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණී.



අදහස් (0)

බැක්ටීරියාව කිරිපිටි හිර කරයි

බන්දුල Wednesday, 07 August 2013 11:34 AM

චමින්ද ,කඩවල ඉදිරියෙන්ම තියලා තිබෙන කිරි පිටි පැකට් එකක් අරගෙන නිෂ්පාදිත රට සහ ලංකාවේ නැවත අසුරන සආගම බලාගන්න.ළදරු කිරි නම් තියන්නේ ටින්වල . (නි)

:       0       0

ශාන් Wednesday, 07 August 2013 03:38 AM

රට කිරට තිත. (නි)

:       0       0

හේමන්ත Tuesday, 06 August 2013 06:06 PM

නවසිලන්තයෙන් විතරක් නෙමෙයි, ලෝකයේ කොහෙන්වත් කිරි පිටි හා නිෂ්පාදන ලංකාවට එන එක තහනම් නරන්න ඕනෑ. ඇයි අපි සුද්දෝ විසි කරන ඒවා ගන්නේ? ඒ හැම දෙයක්ම ලංකාවේ හදන්න පුළුවන්නේ. අපේ ගොවියන්ටත් ඒක හොදයි. (නි)

:       0       0

නීලම්බරී Wednesday, 07 August 2013 07:04 AM

ශ්‍රී ලංකාවට නවසීලන්තයේ සිට ගෙන ආ කිරිපිටි වල ඩයිසයිනයිඩ් ඇමයිඩ් (ඩී.සී.ඩී.) නම් කෘෂිරසායනය නැත කිව්වත් ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීම ගැන සතු විය යුතූය. මන්දයත් අපේ ලංකාවේ අහිංසක කිරි ගොවියන්ටත් ඒක හොදයි. ලංකාවේ නිෂ්පාදනය වන අපගේ කිරි පිටි කම්හල් වැඩි දියුණු කිරිම හා කිරි පිටි කම්හල් ආරම්භ කිරිමට උත්සාහ කරමු. සිංහලයිනි, අවදි වී අපේ ලංකාවේ අපේකම රැක ගනිමු.කිරි ගොවියාත් සමග අත් වැල් බැද ගනිමු. නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම තහනම් කිරීමට ගත් තීරණයට ප්‍රශංසාව පල කර සිටිමු. (නි)

:       0       0

වීර Wednesday, 07 August 2013 12:44 PM

චන්ඩි බන්ඩි හම්බවෙයි ඔහොම ගියොත්. (නි)

:       0       0

චන්දා Tuesday, 06 August 2013 07:45 PM

නවසීලන්තයේ කිරි ගොවිපලක කිරි දොනවා බලන්න ගියාම දැක්කා අන්තිමට තන පුඩුවලට බෙහෙතක් විහිදනවා විසබීජ වලකන්න. (අ)

:       0       0

චමින්ද Wednesday, 07 August 2013 08:26 AM

කිරිපිටි වල නම් ජනතාවට කියන්න (නි)

:       0       0

සජිත් Tuesday, 06 August 2013 07:52 PM

හෙරලි බතල ටික නුපුරුදු අම්මා රට හාලේ බත කාලා..// කිරි නැති හින්දා රට කිරි බීලා සිංහල දරුවෝ මරන්නා..// (අ)

:       0       0

ගංගොඩ Tuesday, 06 August 2013 07:57 PM

ලංකාවේ නිෂ්පාදනය වන අපගේ කිරි පිටි කම්හල වැනි තවත් කිරිපිටි කම්හල් ආරම්භ කර දියුණු කර ගැනීමට උත්සාහ කරමු.

:       0       0

ගංගොඩ Tuesday, 06 August 2013 07:57 PM

ලංකාවේ නිෂ්පාදනය වන අපගේ කිරි පිටි කම්හල වැනි තවත් කිරිපිටි කම්හල් ආරම්භ කර දියුණු කර ගැනීමට උත්සාහ කරමු.

:       0       0

ශ්‍රී Wednesday, 07 August 2013 01:20 PM

කිරි පිටිවල නම් ප්‍රකාශයට පත් කරන්න (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Wednesday, 07 August 2013 09:00 AM

මිනිසුන්ට වස කවන මොවුන්ට හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

නිශාර්ඩ් Wednesday, 07 August 2013 01:26 PM

ලැබෙන්නාවූ මුදල් හමුවෙහි අසරණ වූ සාරධර්ම, සදාචාරය, මනුස්සකම.... අනේ අපොයි! (නි)

:       0       0

චතූ Wednesday, 07 August 2013 09:01 AM

මමත් කියන්ෙන් පුළුවන් ඉක්මණින් කිරිපිටිවල නම් ප්‍රකාශයට පත් කරන්න (නි)

:       0       0

වීර Wednesday, 07 August 2013 09:04 AM

ඇත්තටම වැඩිහිටියන්ට මෙන්ම මව් කිරිබොන වයස පහුකළ ළමයින්ට එළකිරි හෝ කිසිදු කිරි වර්ගයක් අවශ්‍ය නැත.සතුනුත් පොඩිකාලේ කෑම ගැනීමට හැකිවන තෙක් මවගෙන් කිරිබිව් පසු නැවත කිරි බොන්නේ නැත.ඇයි මිනිස්සු විතරක් වයසට ගිහිල්ලත් කිරිබොන්නේ.අනික සතුන්ගේ කිරි තියෙන්නේ උගේ පැටියට මිසක් මිනිස්සුන්ට නොවේ.කිරි ඕනෑම නම් නවසීලන්තේ ඕස්ට්‍රේලියාවේ කිරි වෙනුවට ලංකාවේ නිෂ්පාදිත කිරි බාවිතා කරන්න.නිකම් සුද්දන්ට සල්ලි පුදන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

අනූෂ Wednesday, 07 August 2013 09:08 AM

අපේ දරුවෝ මෙහෙම ගියොත් ලෙඩ්ඩු වෙයි. කරුණාකරලා මේකේ ඇත්තම අපිට කියන්න (නි)

:       0       0

රූපවති Tuesday, 06 August 2013 08:47 PM

මිනිස්සුනේ එල කිරි ටිකක් බීපල්ලා උදේට, දැන් ඔය ඩයිනමයිට් කිරිබීල තමයි, ශරීරයේ නහර පුපුරන්න ලේ රත්වෙලා එකාට එකා, මර මරා ,දුවන්නේ,මිනිස් ශරීර වල හෝර්මෝන වෙනස් වෙලා, වකුගඩු රෝගීන් වැඩිවෙලා, වතුර විසවෙලා ,කෘමිනාශක විසවෙලා,මෙහෙම යනකොට,ලංකාවේ සේරම ටික වදවෙලා යාවි ...? සිංහලයෝ ...? දෙවියනේ ...?කව්රුවත් බොන්න එපා ඔය දහජරාව...? මොකවත්ම නැතිනම් බොන්න උදේට ලුණුකැද ටිකක් බීපල්ලා සිංහලයිනේ ..(අ)

:       0       0

sri Wednesday, 07 August 2013 09:12 AM

දැන් මාර වැඩේ අපේ රටේ දරුවෝ හැමෝම මන්ද පෝෂණය බඩේ ලෙඩ හැදෙන්න ගනීවි. මන්ද බුද්ධික වේවි. මොකද පොඩි ලමින්ගේ මොලේ වර්දනය වෙන්නේ ක්‍රියාකාරකම් වර්දනය වෙන්නේ දරුවන්ගේ බන්ඩිය අරංශ වෙන්නේ ඔය බහු ජාතික සමාගම් වල කිරිපිටි හා කිරිපිටි සම්බන්ද කෑම ජාති නිසානේ. සල්ලි බලෙන් විශාල ලෙස වෙළද දැන්වීම් දල මිනිස්සුන්ව නොමග යවන මේ වගේ සමාගම් මේ රටේ තහනම් කරන්න ඕන. මේවට නිසි පාලනයක් ඕන. (අ)

:       0       0

විමල් Wednesday, 07 August 2013 09:46 AM

අර කිරි වීදුරුව දිහා බලලා තත්ත්ව පරීක්ෂණ කරනවා රූපවාහිනී දැන්වීම් වල පෙන්වන්නේ... (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 06 August 2013 09:22 PM

ඇත්තම කියා කිරි පිටි හදමු.(දී) '

:       0       0

ලංකාසිරි Wednesday, 07 August 2013 02:15 PM

දන්නා තරමින් නම් කිරි නිරෝගී ශක්තිමත් ජනතාවක් බිහි කිරීමට ඍජුවම දායක වෙනවා. නමුත් කිරි සහ කිරිපිටි වල සැළකියයුතු වෙනසක් තිබිය හැකියි. අපිට විස වෙලා තියෙන්නේ කිරිපිටිද කිරිපිටි ගෙන්වන උදවියද කියලා තමයි සොයා බැලියයුතු. (නි)

:       0       0

වීර Wednesday, 07 August 2013 10:24 AM

විමල්, සමහරවිට ඒ දොස්තරටත් තව සබන් දැන්වීමක ඉන්න දොස්තරට වගේ බැක්ටීරියා විසබීජ පේනවා ඇති.ඒ විශ්වකර්මයෝ දෙන්නව යවන්න ඕනෑ ගිනස් පොතට.ව්‍යාපාරිකයෝ හිතාගෙන ඇති අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා (නි)

:       0       0

දුමින්ද Tuesday, 06 August 2013 10:10 PM

කොහොමද අපේ දියර කිරි වයාපෘතිය,හොඳින් ක්‍රියාත්මකද?.පිටිකිරි බීමට අවශ්‍ය නැහැ .(දී)

:       0       0

ශ්‍රී Wednesday, 07 August 2013 10:58 AM

හාල් වල ආසනික්ලු. ආනයනික සිනි වල වහ ලු. පරිප්පු වල වහ ලු. එළවලු වලත් ඇති. පලතුරු ගැන කතා කරලා වැඩක් නැහැ. සල්ලි දීලා අකාලයේ විදවල මැරෙනවට වඩා හොදයි එක පාර සයනයිඩ් වගේ දෙයක් දාලා දුන්නා නම්. (නි)

:       0       0

ශහීවාල් Tuesday, 06 August 2013 11:10 PM

අපේ අය පහසුවට පිටි හැන්දක් දියකරගෙන බීලා පිළිකා හදාගන්නවා. අඩුම ගණනේ අපේ දියර කිරි ටිකක් බොන්න හිතේ සැනසීමෙන්. එතොකොට දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන්. (නි)

:       0       0

බන්ටු Tuesday, 06 August 2013 11:52 PM

පිටිකිරි අවශ්‍ය නැහැ. දියුණු රටවල් වල මිනිසුන් බොන්නෙ දියර කිරි.. අපෙත් තියෙනවා. ඒත් ඇයි වැඩි දියුණු කරලා ගන්නෙ නැත්තෙ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site