නවසීලන්ත කිරිපිටි නිදහස් නොකිරීමට රේගුව පියවර ගනි. නවසීලන්තයේ මහාපරිමාන කිරිපිටි හා කිරි ආහාර නිශ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා සමාගම තම සමාගමෙන් නිකුත් කරනු ලැබූ කිරිපිටි හා කිරිපිටි ආශ්‍රීත නිශ්පාදන වල තිබී බොටුලිස්ම් බැක්ටිරියාවන් සොයාගැනීමට හැකිවූ බව නිවේදනය කිරීමත් පෙරදී ශ්‍රී ලංකාවට නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කිරිපිටි වල ඩයිසයනයිඩි ඇමයිඩ් (ඩී.සී.ඩී.) නම් කෘෂිරසායනය තිබේයැයි පළවූ මතය සැළැකිල්ලට ගෙන මේ තීරණය ගෙන තිබේ. චීනය , රුසියාව හා වියට්නාමය වැනි රටවල්ද නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම අත්හිටුවා ඇත. මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කළ ඇතැම් කිරිපිටි වර්ග වල අපද්‍රව්‍ය පවතී යැයි නැගුණු චෝදනා නිසා සෞඛ්‍ය අමාත්‍යංශය එම කිරිපිටි වර්ගයන් ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ පසුගිය මැයි මාසයේදීය. එසේ වුවද අපද්‍රව්‍ය පවතීදැයි සෙවීමට තායිලන්තය වෙත යැවුණු එම කිරිපිටි වර්ගයන්ගේ සාම්පල වල කිසිදු අපද්‍රව්‍යයක් නැති බව හෙළිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියේ පසුගිය 29 වැනිදාය. නමුත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සිදුකළ පර්යේෂණ වලින් එම කිරිපිටි වර්ගයන්ගේ ඩී.සී.ඩී. පවතින බව තහවුරු වී තිබේ. ඩී.සී.ඩී යනු තණ බිම් වලට ඉසිනු රසායනික පොහොර වර්ගයකි.විෂ සහිත වුවත් කුඩා ප්‍රමාණ වලින් මිනිස් සිරුරට ඇතුල්වී කිසිදු හානියක් සිදුකිරීමට ඩී.සී.ඩී හට නොහැකි බව නවසීලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණී.
1
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමින්ද ,කඩවල ඉදිරියෙන්ම තියලා තිබෙන කිරි පිටි පැකට් එකක් අරගෙන නිෂ්පාදිත රට සහ ලංකාවේ නැවත අසුරන සආගම බලාගන්න.ළදරු කිරි නම් තියන්නේ ටින්වල . (නි)
රට කිරට තිත. (නි)
නවසිලන්තයෙන් විතරක් නෙමෙයි, ලෝකයේ කොහෙන්වත් කිරි පිටි හා නිෂ්පාදන ලංකාවට එන එක තහනම් නරන්න ඕනෑ. ඇයි අපි සුද්දෝ විසි කරන ඒවා ගන්නේ? ඒ හැම දෙයක්ම ලංකාවේ හදන්න පුළුවන්නේ. අපේ ගොවියන්ටත් ඒක හොදයි. (නි)
ශ්‍රී ලංකාවට නවසීලන්තයේ සිට ගෙන ආ කිරිපිටි වල ඩයිසයිනයිඩ් ඇමයිඩ් (ඩී.සී.ඩී.) නම් කෘෂිරසායනය නැත කිව්වත් ලංකාවට ආනයනය කිරීම තහනම් කිරීම ගැන සතු විය යුතූය. මන්දයත් අපේ ලංකාවේ අහිංසක කිරි ගොවියන්ටත් ඒක හොදයි. ලංකාවේ නිෂ්පාදනය වන අපගේ කිරි පිටි කම්හල් වැඩි දියුණු කිරිම හා කිරි පිටි කම්හල් ආරම්භ කිරිමට උත්සාහ කරමු. සිංහලයිනි, අවදි වී අපේ ලංකාවේ අපේකම රැක ගනිමු.කිරි ගොවියාත් සමග අත් වැල් බැද ගනිමු. නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම තහනම් කිරීමට ගත් තීරණයට ප්‍රශංසාව පල කර සිටිමු. (නි)
චන්ඩි බන්ඩි හම්බවෙයි ඔහොම ගියොත්. (නි)
නවසීලන්තයේ කිරි ගොවිපලක කිරි දොනවා බලන්න ගියාම දැක්කා අන්තිමට තන පුඩුවලට බෙහෙතක් විහිදනවා විසබීජ වලකන්න. (අ)
කිරිපිටි වල නම් ජනතාවට කියන්න (නි)
හෙරලි බතල ටික නුපුරුදු අම්මා රට හාලේ බත කාලා..// කිරි නැති හින්දා රට කිරි බීලා සිංහල දරුවෝ මරන්නා..// (අ)
ලංකාවේ නිෂ්පාදනය වන අපගේ කිරි පිටි කම්හල වැනි තවත් කිරිපිටි කම්හල් ආරම්භ කර දියුණු කර ගැනීමට උත්සාහ කරමු.
ලංකාවේ නිෂ්පාදනය වන අපගේ කිරි පිටි කම්හල වැනි තවත් කිරිපිටි කම්හල් ආරම්භ කර දියුණු කර ගැනීමට උත්සාහ කරමු.
කිරි පිටිවල නම් ප්‍රකාශයට පත් කරන්න (නි)
මිනිසුන්ට වස කවන මොවුන්ට හොදක් නම් වෙන්න එපා (නි)
ලැබෙන්නාවූ මුදල් හමුවෙහි අසරණ වූ සාරධර්ම, සදාචාරය, මනුස්සකම.... අනේ අපොයි! (නි)
මමත් කියන්ෙන් පුළුවන් ඉක්මණින් කිරිපිටිවල නම් ප්‍රකාශයට පත් කරන්න (නි)
ඇත්තටම වැඩිහිටියන්ට මෙන්ම මව් කිරිබොන වයස පහුකළ ළමයින්ට එළකිරි හෝ කිසිදු කිරි වර්ගයක් අවශ්‍ය නැත.සතුනුත් පොඩිකාලේ කෑම ගැනීමට හැකිවන තෙක් මවගෙන් කිරිබිව් පසු නැවත කිරි බොන්නේ නැත.ඇයි මිනිස්සු විතරක් වයසට ගිහිල්ලත් කිරිබොන්නේ.අනික සතුන්ගේ කිරි තියෙන්නේ උගේ පැටියට මිසක් මිනිස්සුන්ට නොවේ.කිරි ඕනෑම නම් නවසීලන්තේ ඕස්ට්‍රේලියාවේ කිරි වෙනුවට ලංකාවේ නිෂ්පාදිත කිරි බාවිතා කරන්න.නිකම් සුද්දන්ට සල්ලි පුදන්න ඕනෑ නැහැනේ. (නි)
අපේ දරුවෝ මෙහෙම ගියොත් ලෙඩ්ඩු වෙයි. කරුණාකරලා මේකේ ඇත්තම අපිට කියන්න (නි)
මිනිස්සුනේ එල කිරි ටිකක් බීපල්ලා උදේට, දැන් ඔය ඩයිනමයිට් කිරිබීල තමයි, ශරීරයේ නහර පුපුරන්න ලේ රත්වෙලා එකාට එකා, මර මරා ,දුවන්නේ,මිනිස් ශරීර වල හෝර්මෝන වෙනස් වෙලා, වකුගඩු රෝගීන් වැඩිවෙලා, වතුර විසවෙලා ,කෘමිනාශක විසවෙලා,මෙහෙම යනකොට,ලංකාවේ සේරම ටික වදවෙලා යාවි ...? සිංහලයෝ ...? දෙවියනේ ...?කව්රුවත් බොන්න එපා ඔය දහජරාව...? මොකවත්ම නැතිනම් බොන්න උදේට ලුණුකැද ටිකක් බීපල්ලා සිංහලයිනේ ..(අ)
දැන් මාර වැඩේ අපේ රටේ දරුවෝ හැමෝම මන්ද පෝෂණය බඩේ ලෙඩ හැදෙන්න ගනීවි. මන්ද බුද්ධික වේවි. මොකද පොඩි ලමින්ගේ මොලේ වර්දනය වෙන්නේ ක්‍රියාකාරකම් වර්දනය වෙන්නේ දරුවන්ගේ බන්ඩිය අරංශ වෙන්නේ ඔය බහු ජාතික සමාගම් වල කිරිපිටි හා කිරිපිටි සම්බන්ද කෑම ජාති නිසානේ. සල්ලි බලෙන් විශාල ලෙස වෙළද දැන්වීම් දල මිනිස්සුන්ව නොමග යවන මේ වගේ සමාගම් මේ රටේ තහනම් කරන්න ඕන. මේවට නිසි පාලනයක් ඕන. (අ)
අර කිරි වීදුරුව දිහා බලලා තත්ත්ව පරීක්ෂණ කරනවා රූපවාහිනී දැන්වීම් වල පෙන්වන්නේ... (නි)
ඇත්තම කියා කිරි පිටි හදමු.(දී) '
දන්නා තරමින් නම් කිරි නිරෝගී ශක්තිමත් ජනතාවක් බිහි කිරීමට ඍජුවම දායක වෙනවා. නමුත් කිරි සහ කිරිපිටි වල සැළකියයුතු වෙනසක් තිබිය හැකියි. අපිට විස වෙලා තියෙන්නේ කිරිපිටිද කිරිපිටි ගෙන්වන උදවියද කියලා තමයි සොයා බැලියයුතු. (නි)
විමල්, සමහරවිට ඒ දොස්තරටත් තව සබන් දැන්වීමක ඉන්න දොස්තරට වගේ බැක්ටීරියා විසබීජ පේනවා ඇති.ඒ විශ්වකර්මයෝ දෙන්නව යවන්න ඕනෑ ගිනස් පොතට.ව්‍යාපාරිකයෝ හිතාගෙන ඇති අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා (නි)
කොහොමද අපේ දියර කිරි වයාපෘතිය,හොඳින් ක්‍රියාත්මකද?.පිටිකිරි බීමට අවශ්‍ය නැහැ .(දී)
හාල් වල ආසනික්ලු. ආනයනික සිනි වල වහ ලු. පරිප්පු වල වහ ලු. එළවලු වලත් ඇති. පලතුරු ගැන කතා කරලා වැඩක් නැහැ. සල්ලි දීලා අකාලයේ විදවල මැරෙනවට වඩා හොදයි එක පාර සයනයිඩ් වගේ දෙයක් දාලා දුන්නා නම්. (නි)
අපේ අය පහසුවට පිටි හැන්දක් දියකරගෙන බීලා පිළිකා හදාගන්නවා. අඩුම ගණනේ අපේ දියර කිරි ටිකක් බොන්න හිතේ සැනසීමෙන්. එතොකොට දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන්. (නි)
පිටිකිරි අවශ්‍ය නැහැ. දියුණු රටවල් වල මිනිසුන් බොන්නෙ දියර කිරි.. අපෙත් තියෙනවා. ඒත් ඇයි වැඩි දියුණු කරලා ගන්නෙ නැත්තෙ? (නි)