වෙසක් බකට්ටුවක ඉටි පන්දම ගසන තැන බුදු රුවක් යෙදුවැයි කියන බකට් නිෂ්පාදන ආයතනයේ හිමිකරු අද පිළියන්දල පොලිසියේදී රාවණා බලකායේ හිමිවරුනට වැඳ සමාව ගත්තේය.
ඔහු පැවසුවේ මෙය හිතා මතා කළ දෙයක් නොවන බවයි.
එය එතැනින් අවසන් විය.
වෙසක් බකට්ටුවක ඉටි පන්දම ගසන තැන බුදු රුවක් යෙදුවැයි කියන බකට් නිෂ්පාදන ආයතනයේ හිමිකරු අද පිළියන්දල පොලිසියේදී රාවණා බලකායේ හිමිවරුනට වැඳ සමාව ගත්තේය.
ඔහු පැවසුවේ මෙය හිතා මතා කළ දෙයක් නොවන බවයි.
එය එතැනින් අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල්, දෙව්දත් තෙර පසු කාලෙකදී බුදුන්ගෙන් සමාව ගත්තනෙ.(නදී)
මේකේ ගොඩාක් සිංහල නම් වලින් අදහස් පළකරලා තියෙන්නේ මොහොමඩ්ලා සහ ජෝසප්ලා. බෞද්ධයනි, හාමුදුරුවරු කරලා තියෙන්නේ හොඳ වැඩක්. ඔයවගේ දේවල් වලට ඉඩ දුන්නොත් මෙයාලා යට ඇඳුම් වලත් බුදුරූප ප්‍රින්ට් කරන්න අවසර ඉල්ලාවි. කරලා තියෙන දෙය විශාලද? කුඩාද? කියන එක නෙමෙයි වැදගත්. හොඳ දෙයක් කළා නම් එච්චරයි.. මේක හික්මීමක්, හැදියාවක් තිබුණු බෞද්ධයන් සිටි රටක්. ඔයාලාගේ අදහස් වලින් පේනවා ඔයාලාගේ පිරිහීම. වැඩිහිටියෙක්ට, හාමුදුරුවො කෙනෙකුට අවවාදයක් දෙන්නත් බැරිද? (නි)
මෙයට ප්‍රධාන හේතුව තමයි, බොදු කටයුතු වලදී බුදු රුව පුවත්පත්/සඟරා/වෙසක් කාඩ් වලට යෙදීම. අද අපේ ගෙදර දින කැලැන්ඩර් 30 කට වඩා තියෙනවා බුරු රුව දාපු. ගෙදර බුදු මැදුරක් තිබෙන බැවින් මේ ටික රවණා බලයට බාර දෙන්න පුළුවන් වෙයි නේද ?(නදී)
මේ වගේ දේවල් වලට හේතුව සියලුම පාරවල් වල බුදු රුව ගහලා ඒක මෝස්තරයක් කරලා තියෙන එකයි. මිනිස්සු ඒවා බලලා හිත ආධ්‍යෘත්මික කර ගන්නේ නැහැ. දැන්වත් අපේ හාමුදුරුවන් මිනිස්සුන්ට හොඳ දේවල් කරන්න පුරුදු කරවන්න (නි)
බුද්ධාගම බංකොලොත්භාවය පත්වීමට අපි ඉඩදිය යුතු නැහැ (නි)
අනේ අපේ බලකා කරන්නේ ඔය වගේ නියම දේවල් එළකිරි ඔහොම යමු පෙරටම.(නදී)
අනේ මෙහෙම රටක්, කොහේ යන රස්තියාදුකාරයින්ට නඩු විසදන්න අයිතිය දුන්නේ කවුද? මගේ හොදම යාළුවාටත් රාවණා පිස්සුව හැදුනා. මිනිහා මාවත් ඒ කල්ලියට දාගන්න හැදුවා. මම යාළුකමට ආයුබෝවන් කියලා සැනසීමෙන් ඉන්නවා. මේක හරියට අර ඇමරිකාවේ, යුරෝපයේ ඉන්න පිටසක්වල ජීවී පිස්සුව හැදිච්ච අය කරනවා වගේ වැඩක්. (නදී)
බුදුන්ගේ සාසනයේ සිටිය යුතු වන්නේ අර්ථයෙන් ධර්මයෙන් සත්වයන් සුවපත් කරන, විකාල භෝජනය පිළිපදින, නින්දා අපහස ඉවසන සුපෙක්සල බුද්ධ පුත්‍රයන් මිස සුරාව ගෙන වාහන වලින් මිනිසුන් හප්පන, රංචු පිටින් ගොස් නොයෙකුත් සිද්දස්ඨාන වලට පහර දී යකා නටන නොයෙකුත් බහුබූත නම් දමාගෙන පිස්සු නටන බලකායන් නම් නොවේ.(නදී)
මොකද මේ කට්ටියට වෙලා තියෙන්න (දී)
සමාව ගත්තම හරිද ? ඒකද බොදුබල සේනාවල කාර්ය. උපත සිට මරණය දක්වා කරන හැමදේටම බොදුබල සේනාව සමාව දෙනවද? අන් අයට නැවත නොකරන්න ලිහිල් දඩුවමක් දෙන්න විදවන්න නෙවි තේරුම් යන්න.(නදී)
මිනිසුනේ නොහොබිනා වැඩ කරන්න හදන්න එපා (දී)
අනේ රාවනා හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ බකට් කරකවා අල්ලන් දඟලනවා. ඒක හොදයි. අර ලොකු එවුන් කරන දුෂන පෙන්නේ නැත්ද. කැසිනෝ, ගණිකා මඩම්,කරෝකේ. කරුණාකර සත්ත්ව ඝාතනය නැවත වීම වැනි අර්ථවත් දෙයකට යොමු වෙමු. මමත් බෞද්ධයෙක්මි.(නදී)
රාවණා බලකායට වදින්නේ මොකටද? බුදුහාමුදුවන්ට වදින්න තියෙද්දී.(නදී)
බුදු රුවේ අයිති කාරයෝ මේ ගොල්ලද? (නදී)
මා මෙම බකට්ටුව ඇහැට දැක්කේ නැහැ. නමුත් හැඟෙන්නේ මෙහි ඇතුලට ඉටිකූර රඳවන පතුලට බුදු පින්තුරයක් ඇති කාඩ්බෝඩ් කැබැල්ලක් දමා ඇ.ිබවකි. බොහොම කණගාටුයි. (නි)
යන්තර මන්තර ගුරුකම් කරන, වෙදකම් කරන, කේන්දර බලන, සෙත් සාන්ති කරන, බෝධි පූජාවට, බණ පිංකමට මුදල් අය කරන, භික්ෂූත්වයට නොගැලපෙන කටයුතු කරන හාමුදුරුවරු අල්ලන්නත් ඔය රාවණා බලකාය වැඩ කරනවානම් අගෙයි.(නදී)
ලංකාවේ ඉන්න ශීලය ආරක්ෂා කරන හොද හාමුදුරුවන්ට මේ රාවනාල කරන දේ හින්ද කරදර එන්න පුළුවන්.(නදී)
නොර්වෙන් කීවද සමාව දෙන්න කියලා.(නදී)
සුද්දා මොන තරඟ කපටිද? කාලයක් කොමියුනිස්ට් වාදෙට සල්ලි විසිකළා. තව කාලයක් බෙදුම් වාදෙට සල්ලි විසි කලා. මේ පාර ආගම අල්ලගන. මේ වැඩ කරන්නේ සෝල්හයිම්ගේ සල්ලි.(නදී)
ජයවේවා..... නිහතමානි කමට කමට ගරු කරනවා (දී)
මම මේ කල වැඩේ අනුමත නොකලත් සමාව ගත්තු දේ නම් අනුමත කරනවා (දී)
චානක , ලියල තියන දෙය , ජයසිංහ ,මෝරලා වගේ නොමග ගිය අය දෙතුන් පාරක් හරි කියවල අවබෝද කරගත්තා නම් මුළු රටටම හොඳයි.(නදී)
ඔය රාවනා කතාව තායිලන්තේ පන්සල්වල විහාර බිත්තිවල ඇඳලා තියෙනවා. ඒක දැක්කට පස්සේ එහෙටත් මේ කතාව සම්බන්දයි කියල මට හිතුනා. රාවනා බලකාය මේ ගැනත් හිතලා බලන්න. බැන්කොක්වල එමරල්ඩ් ටෙම්පල් එකෙයි, ගෝල්ඩන් ටෙම්පල් එකෙයි තමයි පැහැදිලිවම ඇඳලා තියෙන්නේ. (නදී)
රටට හොදක් විතරක් කරන්න (දී)
සෑම්, ඔබට රිදුනට ඇත්ත කිව්වම? ඒකද අදහස් දාලා තියෙන ආය මෝහමෙඩ්ලා ජෝසෙප්ලා වුනේ? ඔබ වැනි අයයි අපේ රට 30 වසරක කුරිරු යුද්ධයෙන් පසු තවත් එවැනිම දෙයකට යොමු කිරීමක් කරන්නේ. පොඩ්ඩක් ලෝකය දිහා ඇස් ඇර බලන්න. කියවන්න. දැනුමක් ලබා ගන්න. (නි)
අනේ රාවනා අපේ රට විනාශ කරන්න ඔබ වහන්සේලා දරන මේ අප්‍රතිහත ධෙර්‍ය වෙන වැඩකට යෙදුවා නම් මොනතරම් දෙයක්ද? (නදී)
බලමු ඉස්සරහට මේ අය ඇත්තටම රටට ආදරේ අයද කියලා. (නි)
මෙතන නොදැනුවත්කමක් වෙලා තියෙන බව මට හැගෙනවා. නමුත් මම කියන්නේ මීට වඩා අර සදකඩපහන් හොරු අල්ලන්නකෝ. (නි)
මේ යන විදියට අපිට ඉදිරියේදී බුදුරුවක් ගෙදර තබා ගැනීමත් භයානක දෙයක් වෙනවා. ඇෆ්ගනිස්ථාන් වල තලේබාන් වරු ඔවුන්ගේ ආගම වෙනුවෙන් කරන වැඩ දැන් අපේ සිවුර දා ගත් බල සේනාවක් කරනවා . බුදු දහම ලංකාවෙන් නැති කරන සේනාවක් වගේ.(නදී)
රාජ්‍ය නොවෙන සංවිදාන වලින් යෙපෙන කොටසක් රට හිනස්වනවා. අද අපේ රටට අවශ්‍ය නිර්මල බුදු දහම දන්නා සිල්වත් හිමිවරුන් මිස මුදල් මත යැපෙන චන්ඩි කම් කරන බල සේනාවක් නොවේ. මේ දේශපාලනයට හා අන්තවාදී කණ්ඩායම් වල සිටින සිවුරු දාගත් අය නිසා අපේ උතුම් බුදු දහමට නිගාවක් මිස හොඳක් සිදුවන්නේ නැත.(නදී)
බුදුරජානන් වහන්සේගෙ විතරක් නෙහෙයි ක්‍රිස්තුත් වහන්සේගෙ පින්තූරත් පලවෙනවා. මේවා ටිකක් හොයලා බලලා කරන්න ඕනෑ. මේ කෙනා සමාවගත්ත එක උතුම් (නි)
අපේ රටේ හැමදෙනාම වගේ දන්නවා කව්ද බකට් අදින්නේ කියලා. (නදී)
බුද්ධාගම කියන්නෙ බුද්ධිමතුන්ට අවබෝධ කරගත හැකි ආගමක්. බුදුහාමුදුරුවන්ගෙ හිසටත් ගල් පෙරලුවා. ඒත් සමාව ගත්තෙත් නෑ. බුදු හාමුදුරුවෝ කිසිවක් කලෙත් නෑ. මට නම් පේන්නෙ වර්තමාන බෞද්ධයින්ටත් බුදුධාගම පිළිබඳ දැනුම් කේරුම් නෑ වගේ. ඒකනේ චීවරේට වඩා බලේ ලොකු වෙලා තියෙන්නෙ. (නදී)
මමනම් එකඟයි ඒ වැඩේට (දී)
අනේ මන්දා මොනවාද මේ විකාර
වඩා හොඳ නැද්ද සංගායනාවක් කරලා සිවුරේ ඉඳන් පහත් වැඩ කරන අයගෙදර යවන එක ? (නි)