ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ට අනුබද්ධ සෙක්සා පදනම හෙවත් ශී‍්‍ර ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සාමාජීය සංවිධානය වාර්ෂිකව මෙහෙයවන සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරීම පසුගිය දා පැවැත්වුණේ ල බුර්ෂේ නගර සභාවට අයත් ජිම්නාස්ටික් ක‍්‍රීඩාංගාරයේදී ය.ආගමික චාරිත‍්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ ශි‍්‍ර ලංකා ජාතික ධජය එසවූයේ ප‍්‍රංශ තානාපති කාර්යාලයයේ පළමුවැනි ලේකම් ජෝර්ජ් කුක් මහතා විසිනි.
පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරෙනු මෙම අවුරුදු උත්සවයේදී ප‍්‍රංශ හා ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් පසුව කිරි උතුරවා අවුරුදු කෑම මේසය විවෘත කර භික්ෂුන් වහන්සේලාට දන් පිළිගන්වා සියලු දෙනාම කැවුම් කිරිබත් භුක්ති වින්දේ මහත් සතුටිනි. පසුගිය වසර වල මෙන් මෙවරද අවුරුදු කෑම මේසය පිළියෙළ කර තිබුණේ සමන් ගීතානී සමනක්කොඩි යුවළ සහ සුබෝධනී චන්දන මැණිකපුර යුවළ සිය හිතවතුන්ගේද සහභාගිත්වයෙනි.
ඉන් අනතුරුව භික්ෂුන් වහන්සේලා හා දෙමාපියන්ට චාරිත‍්‍රානුකූලව බුලත්දී වන්දනා කිරීම සිදු වූ අතර හිස තෙල් ගා ආශිර්වාද කිරීමේ චාරිත‍්‍රය ද සිදුවිය.
මූලික කටයුතු වලින් පසු ජාතික ක‍්‍රීඩා ආරම්භ වූ අතර සවස 05 ට ආරම්භ වන්නට තිබූ සංස්කෘතික සංදර්ශනය ආරම්භ වූයේ සවස 06 පසුවී ය.
ප‍්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති මහාචාර්ය කරාණාරත්න හඟවත්ත හා ප‍්‍රංශයේ ල බුර්ෂේ නගරාධිපති ද මෙ අවස්ථාවට සහභාගී වී පහන් දල්වා ආලෝකය උදා වේවායි ප‍්‍රාර්ථනා කළහ.
තානාපතිතු හා නගරාධිපති කෙටියෙන් සභාව ඇමතීමෙන් පසු තිසරාවී කලායතනය ඉදිරිපත් කළ නැටුම් සන්දර්ශනය පැවැත්වුණි. අවුරුදු උත්සවයේ වේදිකාව පිළියෙල කිරීම රංජිත් කුලතුංග මහතා සහ අජිත් ගමආරච්චි අනුර පෙරේරා ආදී පිරිසගේ සහභාගිත්වයෙන් සිදු විය.
ප‍්‍රංශයේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය මෙවරද සාලවේ වියදම් පියවමින් අනුග‍්‍රහය දැක්වීම විශේෂ සිද්ධියක් විය.
මෙම අවස්ථාවට පැරිසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති ශාස්ත‍්‍රපති , කෝ ආනන්ද හිමි පැරිසියේ ජේතවන විහාරාධිපති මුරුංගාලස්යායේ ඤාණිස්සර නාහිමි කිරුළපන පූර්වාරාමාධිපති පත්බේරියේ විමලඤාණ නාහිමි,ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමි , ඔලිදළුවේ සිරිවිභූති හිමි ද වැඩම කැර සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (නි)
අපේ හාමුදුරුවන්ට දිගාසිරි පතන්නෙමු. (නි)
සාමය ලොව පතුරුවන අපේ නායක හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ වේවා! (නි)
හරිම ලස්සනයි! (නි)
සංවිධානය කළ හැමෝටම ස්තුතියි! (නි)
සුර්ය මංගල්‍යය හෙවත් සිංහල, දෙමල අලුත් අවුරුද්දේ විදේශයේ සිටියත් අපේ සංස්කෘතිය ශ්‍රී ලාංකීය දරු දැරියන්ට දකින්න,විඳින්න කටයුතු සංවිධානය කළ පරවාහැර චන්ද්‍රරතන නායක හාමුදුරුවෝ හා ජිනානන්ද පොඩි හාමුදුරුවෝ ඇතුළු මෙවන් ජාතික මෙහෙවරකට දායක වූ පිංවතුන්ට ගොඩක් පිං! සියල්ලන්ට චිරං ජයතු !!! (නි)
වේදිකාවේ මල් පිපිලා, පරිසරයම හරි සුවඳයි !!! (නි)
නායක හාමුදුරුවන් වහන්සේටත් පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමටත් අපගේ ගෞරවය පුද කරන අතරම ලබන අවුරුඅදට මෙටත් වඩා උත්කර්ෂවත් උත්සව කරන්න දහිරිය ශක්තිය ලැබේවා! (නදී)