IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බැංකු පනත විවාදයට නොගත් රහස පාඨලී හෙළි කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකු පනත විවාදයට නොගත්තේ  විපක්ෂයේ ඉල්ලීමක් නිසා නොව  මහ බැංකු පනත අනුමත වුණා නම් ලංකාවේ ණය සීමාව වැඩි කර ගත නොහැකි නිසා බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකාව නැවතත් පරණ මාවතටම වැටීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ද රණවක මහතා කීය.

"මේ යන්නේ පරණ පාරෙමයි. මේ යන්නේ මේ නව ජනාධිපතිවරයා හෝ මේ නව මහ බැංකු අධිපතිවරයාගේ පාරේ නෙවෙයි. මේ යන්නේ පරණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපති ගිය පාරේ.

ඒ අයවැය පරතරය සීමා කර ගැනීම සඳහා සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලියයි. ඒකේ ප්‍රතිඵලය අපි දන්නවා. ඒකෙන් තමයි මේ අධි උද්ධමනය ඇති වුණේ. ඒකෙන් තමයි මේ ආකාරයට ඉහළ පොළී අනුපාතයක් දීලා හරි වෙළඳපොලේ තියෙන ධනය ආපසු ගන්න සිද්ධ වුණේ. ඒ විෂම චක්‍රයට රට නැවත යටවීම තමයි මෙයින් සිදුවන්නේ යනුවෙන් ද චම්පික රණවක මහතා.



අදහස් (1)

බැංකු පනත විවාදයට නොගත් රහස පාඨලී හෙළි කරයි

සෙනෙවිරත්න Friday, 12 May 2023 07:47 PM

ගෙවුම් ශේෂ හිඟය, ඩොලර් උපයන මාර්ග කිසිවක් වෙනස් වෙලා නැහැ... ණය ටිකක් අරගෙන ඩොලර් තියෙන නිසා ලද මේ අස්වැසිල්ල තාවකාලිකයි. නැවතත් විශාල අර්බුදයකට රට තල්ලුවීම නතර කළ නොහැකිය.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site