වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුවේ ජාතික සංවර්ධන බැංකු පරිගණක දත්ත පිරික්සීමට විදේශ විශේෂඥයන් ඇතුළු කණ්ඩායමක් යොදවා ගන්නා බව විත්තියේ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
ඒ සඳහා ඔහු කල් ඉල්ලා සිටියේය.
පැමිණිල්ල නොමනා බලපෑම් කර නඩුව විත්තියේ නඩුව කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා හෙයින් විත්තිය විදේශ පරිගණක විශේෂඥයන් ගෙන්වන බව කී ලද්දුවහෙට්ටි මහතා හිටපු අගවිනිසුරුවරියගේ බැංකු ගිණුම් රජයේ මාධ්‍යයට හා මහජනයාට හෙළි කළැයි ජාතික සංවර්ධන බැංකුවට ද දොස් කීවේය.
බැංකු විධායකයකු වන රසල් දි මෙල් ඇගේ ගිණුම් තුනක විස්තර රජයේ මාධ්‍යයට හා වෙබ් අඩවිවලට ඉදිරිපත් කර ඇත්තේ බැංකු ආචාර ධර්ම උල්ලංඝනය කිරීමෙන් බව ද නීතීඥවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම පවුල් වල වත්කම් හෙළි කළොත් නරකද ? (නදී)
ඔන්න ඔහොමයි ලංකාවේ වැඩ. මතක තියා ගන්න.(නදී)
කාගේ කාගේ ඒවත් බැලුවොත් හොඳයි නේද? (නදී)
ඇයි ගිණුම් බැලුවම අවුල්ද, හොරේ අහුවෙයිද? (නදී)
දාන්, ගිණුම් බැලුවට කමක් නැහැ මෙතන අවුල තියෙන්නේ රටේ නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙනවද කියන එකයි. දහසක් දෙනා මැද්දේ මිනි මරා නිදහසේ ඉන්න අයයි ,හොරු,කුඩු මුදලාලිලා,අල්ලස් ගන්න ලොකු ලොක්කෝ එළියේ පිනුම් ගහද්දි එක්කෙනෙක් වෙනුවෙන් මේ තරම් දෙයක් කරන එක හරිම ආශ්චර්යක් නෙමෙයිද ? (නදී)
මහලොකුවට සුදන වගේ හිටියට කිල්ලොටේ හුණු. ඒකනේ කලබල වෙලා තියෙන්නේ. (නදී)
වෙරංග, සී.ජේ කියන්නේ පොඩි එක්කෙනෙක්ද? අනිත් එක එයාගේ තනතුර මොකක්ද කියල ආයෙත් බලන්න.(නදී)
කසුල් "ආගම දහම" සත්‍ය නම් එයාලගේ කෝටි ප්‍රකෝටි ගණන් ගසා කාපුවා චෙක් කරන කාලයක් ඒවි. ඉවසල ඉන්න.(නදී)
රටින් ගෙන්නුවාම අපි බාල්දු වෙන්නේ නැද්ද (දී)
මේ අද ලංකාවේ කරන්න වැඩක් නැතිවද? (දී)
අර අහවල් උන්දැලාගේ එව්වත් චැක් කොරන්ට බැරිදෑ? (නදී).