IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


බැංකු දත්ත බලන්න රටින් ගෙන්වයි

වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුවේ ජාතික සංවර්ධන බැංකු පරිගණක දත්ත පිරික්සීමට විදේශ විශේෂඥයන් ඇතුළු කණ්ඩායමක් යොදවා ගන්නා බව විත්තියේ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.

ඒ සඳහා ඔහු කල් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල නොමනා බලපෑම් කර නඩුව විත්තියේ නඩුව කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා හෙයින් විත්තිය විදේශ පරිගණක විශේෂඥයන් ගෙන්වන බව කී ලද්දුවහෙට්ටි මහතා හිටපු අගවිනිසුරුවරියගේ බැංකු ගිණුම්  රජයේ මාධ්‍යයට හා මහජනයාට හෙළි කළැයි ජාතික සංවර්ධන බැංකුවට ද දොස් කීවේය.

බැංකු විධායකයකු වන රසල් දි මෙල් ඇගේ ගිණුම් තුනක විස්තර රජයේ මාධ්‍යයට හා වෙබ් අඩවිවලට ඉදිරිපත් කර ඇත්තේ බැංකු ආචාර ධර්ම උල්ලංඝනය කිරීමෙන් බව ද නීතීඥවරයා පැවසීය.

 



අදහස් (0)

බැංකු දත්ත බලන්න රටින් ගෙන්වයි

රොකී Saturday, 22 March 2014 07:50 AM

සියළුම පවුල් වල වත්කම් හෙළි කළොත් නරකද ? (නදී)

:       0       0

වෙරංග Friday, 21 March 2014 08:42 AM

ඔන්න ඔහොමයි ලංකාවේ වැඩ. මතක තියා ගන්න.(නදී)

:       0       0

සම්පත් Saturday, 22 March 2014 08:50 AM

කාගේ කාගේ ඒවත් බැලුවොත් හොඳයි නේද? (නදී)

:       0       0

දාන් Friday, 21 March 2014 09:29 AM

ඇයි ගිණුම් බැලුවම අවුල්ද, හොරේ අහුවෙයිද? (නදී)

:       0       0

වෙරංග Friday, 21 March 2014 10:38 AM

දාන්, ගිණුම් බැලුවට කමක් නැහැ මෙතන අවුල තියෙන්නේ රටේ නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙනවද කියන එකයි. දහසක් දෙනා මැද්දේ මිනි මරා නිදහසේ ඉන්න අයයි ,හොරු,කුඩු මුදලාලිලා,අල්ලස් ගන්න ලොකු ලොක්කෝ එළියේ පිනුම් ගහද්දි එක්කෙනෙක් වෙනුවෙන් මේ තරම් දෙයක් කරන එක හරිම ආශ්චර්යක් නෙමෙයිද ? (නදී)

:       0       0

ඉන්දික Friday, 21 March 2014 01:17 PM

මහලොකුවට සුදන වගේ හිටියට කිල්ලොටේ හුණු. ඒකනේ කලබල වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

ඉන්දික Friday, 21 March 2014 01:19 PM

වෙරංග, සී.ජේ කියන්නේ පොඩි එක්කෙනෙක්ද? අනිත් එක එයාගේ තනතුර මොකක්ද කියල ආයෙත් බලන්න.(නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 21 March 2014 01:35 PM

කසුල් "ආගම දහම" සත්‍ය නම් එයාලගේ කෝටි ප්‍රකෝටි ගණන් ගසා කාපුවා චෙක් කරන කාලයක් ඒවි. ඉවසල ඉන්න.(නදී)

:       0       0

ජොනි Thursday, 20 March 2014 10:19 PM

රටින් ගෙන්නුවාම අපි බාල්දු වෙන්නේ නැද්ද (දී)

:       0       0

සුමනා Thursday, 20 March 2014 10:19 PM

මේ අද ලංකාවේ කරන්න වැඩක් නැතිවද? (දී)

:       0       0

කසුන් කෞෂල්‍ය Friday, 21 March 2014 01:03 AM

අර අහවල් උන්දැලාගේ එව්වත් චැක් කොරන්ට බැරිදෑ? (නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 789 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 516 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site