2011 - 2015 අතර කාලයේ පෞද්ගලික සමාගමක් මාර්ගයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය මෝටර් රථ අමතරකොටස් ගෙනඒමේදී සිදුව ඇතැයි කියන වංචා හා මහජන මුදල් යොදාගෙන සිදුවූ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ ගනුදෙනු සිදුවූ බැංකු ගිණුම් පිරික්සීමේ අවසරය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට ලබාදුන්නේය.
අදාළ පෞද්ගලික සමාගම නියමිත ටෙන්ඩර පටිපාටියෙන් බැහැරව කමිටුවක නිර්දේශ්ය මත පමණක් කටයුතු කරමින් ලංගමය වෙනුවෙන් අමතර කොටස් ගෙන්වා ඇතැයි මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
බාල ප්‍රමිතියෙන් හා නියමිත තත්ත්ව සහතික අනුමැතිය නොලත් අමතර කොටස් මෙසේ ආනයනය කර ඇති බවත් ඒවාට බදු ගෙවීමක් පවා සිදුකර නොමැති බවත් සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
පහුගිය අවුරුදු 5 තුළ යන්න පුළුවන් බස් ටිකක් ලංගමයට තිබුනා. සේවය හොඳට තිබුනා. බස් වල යන අපි එය හොඳට දන්නවා. (නි)
ඔය වංචාව සම්බන්ධයෙන්ද අර රේගුවේ ලොක්කෝ තුන්දෙනෙක් මිලියන 125 ගත්තේ? (නි)
ලංගමයේ වැඩිපුර ඇති ඉන්දියානු බස් වර්ග දෙකට ලංකාවේ නියෝජිතයෝ ඉන්නවා නේද? (නි)
බොහොම හොඳ වැඩක්.(හේ)
බොහොම හොඳ වැඩක්. කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි. කොහොමද යහපාලනේ වැඩ? (නි)