පසුගිය අගෝස්තු මාසයේ හංවැල්ලේදී රාජ්‍ය බැංකුවකට පැන රුපියල් ලක්ෂ 26ක් පැහැරගත් ප්‍රධාන සැකකරු මීපේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
මහර හා වැලිකඩ සිරකරුවන් දෙදෙනකු කොල්ලය සැලසුම්කර ටී56 ගිනි අවි තුනක්ද සපයා ඇතැයිද කොල්ලයෙන් පසු හිරකරුවන්ගේ කොටස ලෙස රුපියල් අට ලක්ෂයක් හා ගිනි අවි තුන නාඳුනන පුද්ගලයකුට ලබාදී ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යෝජනාව සලකා බලන්න .හිර ගෙවල් තුල විවිධ අපරාධ සැලසුම් පාඨමාලාවන් නීතිගත කරන්න ...! එලියට ආ දාක හරි ඔවුනට අවශ්‍ය වෙයි.අපි මොන යෝජනාව කළත් බලධාරීන් අඳ ගොළු බිහිරියි ඇමති ගේ සිට ම...! සරලම විසඳුම වූ සිග්නල් ජෑමර් වත් ස්ථාපනය කරගන්න, උනන්දු නොවෙන බලධාරීන් ට කියලා වැඩක් නැත. (බ)
මේ හිර ගෙවල් වලට ටෙලිෆෝන් වල තරඟ වලට භාද කරන ජැමෙර් යන්ත්‍ර සවි කරනවට එහි සේවය කරන ජේලර්ලා විරුධය , හිර ගෙදර ඇතුලේ සිට ක්‍රියාත්මක කරන අපරාධවලින් උපයන මුදලින් කොටසක් ඔවුන්ටත් ලැබේ ,(හේ)
මොවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න (නි)
හිරේ යනවා කියන්නේ පිටරට පුහුණුවකට යනවා වගේ වැඩක්. පොඩි හොරකමක් කරලා හිරේ යන කෙනාට ඇතුලේ ඉන්න පළපුරුදු අයගෙන් හොද පුහුණුවක් ගන්න පුළුවන්. (ර)