IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බැංකු ඇපෑල විසිවේ

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට ජාතික සංවර්ධන බැංකුවේ ඇගේ ගිනුම්වලට අදාළ ලේඛන දිය නොහැකි යැයි එම බැංකුව විසින් ඉදිරිපත් කැරුණු ඇපෑල මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතා විත්තිය නොවිමසාම ඉවත දැමීය.

බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායිකාවට නොදෙන එම ලියැවිලි බැංකුවෙන් නඩුවට ඉදිරිපත් කර ඇති බවයි.

තම වත්කම් හෙළි නොකළැයි ඇයට එරෙහිව අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා ඇත. වැඩිදුර විභාගය අගෝස්තු 25 වැනි දා ට කල් තැබිණි.



අදහස් (0)

බැංකු ඇපෑල විසිවේ

නෙත් Tuesday, 05 August 2014 04:40 AM

මෙය කරපු වැරැද්ද තමා සමෘධි අදිකාරියේ ආර්ථික සංවර්න එක යටතට ගන්න ගෙනාපු පනත ඉවත දාපු එක. එ්කයි මේ දඩුවම (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 August 2014 04:44 AM

අනේ සාදු , ඉඳල හිටලා හරි අපිට ගැලපෙන තීන්දු තීරණ ලැබෙනවා නේද හරිම සන්තෝසයි . විනුසුරු තුඅමනි මගෙත් ආයු ලබා තවත් බොහෝ කල් ජිවත් වෙත්වා (නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 04 August 2014 01:59 PM

අද මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයින් පවා තම වත් කම් හෙළි නොකරන කාලයේ මේ රටේ හදිසි ධනවතුන්, ව්‍යාපාරිකයින් , මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසමට පෙනෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 05 August 2014 05:21 AM

ලංකාවේ අධිකරණවල මෙවැනි කීර්තිමත් විනිසුරු හිටියා හැබැයි ඒ අයගේ අනාගතය ඉතාමත් සෝචනීය උනා. සමහර විනිසුරුවරයන්ට බොරු නඩු පටලවලා අත්අඩංගුවට ගන්න පවා කටයුතු කළා. ඒ නිසා රටේ ජීවත්වන ජනතාවසේ අපිටත් තියනවා යුතුකමක් හා වගකීමක් මෙවැනි පුද්ගලයන් ආරක්ෂා කිරිම රැක ගැනීම. (නදී)

:       0       0

වීරසිංහ Monday, 04 August 2014 02:38 PM

ඒවා පේනවා ගාමිණී -සිරි ඒ ඔවුන් රජ උදහසට ලක් උන දවසට.(අ)

:       0       0

සරත් Tuesday, 05 August 2014 11:04 AM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ගාමිණී - සිරි Monday, 04 August 2014 04:06 PM

ඔව් වීරසිංහ මල්ලී,නුතන මොල්ලිගොඩ ලා, අරිට්ඨකී වෙන්ඩුලා, වඩිගයින්ගේ තරම තේරුම් ගන්නකොට, අහෝ. ප්‍රමාද වැඩියි (නදී)

:       0       0

සම්පත් Monday, 04 August 2014 05:57 PM

මෙය දැන් වාඩිවෙලා ඉන්න පැත්ත බලපුහම පේනවා මෙයා කොහොම කෙනෙක්ද කියලා. (නදී)

:       0       0

සත්‍යයා Monday, 04 August 2014 09:01 PM

මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතාට ජාතියේ ප්‍රණාමය ලැබිය යුතුයි. වල් වැදුන නීතිය කැළෑ නීතිය සමග මගුල් කද්දී අධිකරණය හා නීතිය හරි මගට ගත හැක්කේ ඔබ තුමන් වැනි කොන්ද පන ඇති විනිසුරුවන්ට පමණයි.(නදී)

:       0       0

උපාලි Monday, 04 August 2014 11:36 PM

මගේ බැංකු ගිණුම බලන්න මට බැරිද හත් ඉලව්වේ ? (නදී)

:       0       0

ලංකා Tuesday, 05 August 2014 02:27 AM

සත්‍යයා, ඔබ වගේ හිතන අය 1%ක්වත් නැහැ ලංකාවේ. ඒකයි ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තෙ, දියුණු කරන්නත් බැරි. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 05 August 2014 03:42 AM

දේශපාලකයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතාලයන් කළු සල්ලි හම්බ කරන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඒත් අග විනිසුරු වගේ තනතුරක් හොබවන කෙනෙක් ඒ විධියට සල්ලි හම්බ කලා නම් විමතියක්. කොහොම වුනත් එසේ කරපු හැමෝටම නීතියෙනුත් ස්වාභාව ධර්මයෙනුත් දඩුවම් ලැබිය යුතුයි. (නදී)

:       0       0

සොන්ගොෆ් ලංකා Tuesday, 05 August 2014 09:30 AM

අනෙත් අයටත් ආඩම්බරයක්. හැම නඩු අසන අයත් මෙහෙම ඉන්නවනනම් කොච්චර හොඳද? (දී)

:       0       0

නිරාන් Tuesday, 05 August 2014 04:24 AM

මෙතුමිය අද වෙනකම් අගවිවිසුරුවරිය විදිහට වැඩ කලා නම් මුව හන් පොරවාගෙන ඉන්න මුර්ගයන් ගේ මුණු අපට බලාගන්න තිබුනා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 208 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site