(අංජුල මහික වීරරත්න)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 භාවිතා කර +94115226126, +0115226126 යන දුරකථන අංක මඟින් හා Whatsapp පණිවිඩ මඟින් කිසියම් පාර්ශවයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් (වැ.බ)එම්. එස්. පී සුරියප්පෙරුම මහතා පවසයි.

ඒ අනුව ඉහත අංක මඟින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමෙි  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහජනතාව වෙත ඇමතුම් ලබා නොදෙන අතර එලෙස ලබා දෙන ඇමතුම් සඳහා තම පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස දන්වා සිටී.