IMG-LOGO

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා


පොළොන්නරු බීජ ගොවිපලේ දී විදුලි සැර වැදී අලියකු මියයයි

(නිමල් ජයරත්න)  

පොලොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපල තුළ විදුලිසර වැදී වන අලියෙකු අද (4) මියගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.

පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව ඒ පිළිබඳ පොළොන්නරුව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පී.පී.කේ පතිරන මහතා අප කළ විමසීමේදී පැවසීය.

පොළොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව නගරය මාර්ගයේ බීජ ගොවිපලට අයත් නිල නිවස වටා භූමියට යොදා ඇති අනාරක්ෂිත විදුලි වැටකින් විදුලිය වැදීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවට වනජීවිය සැක පළ කරයි.

මෙලෙස විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති වන අලියා අවුරුදු තිස්පහක් පමණ වයසති අලියකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පොළොන්නරුව වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් සඳහන් කරයි.
 
පොළොන්නරුව වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.



අදහස් (0)

පොළොන්නරු බීජ ගොවිපලේ දී විදුලි සැර වැදී අලියකු මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33177 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15881 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10084 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 230 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 545 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site