IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයෙක් නැති වෙයිද?

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයේදී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට හෝ නොවීමට හැකියාව තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද සඳහන් කළේය.

ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කර තිබුණ ද එම පක්‍ෂයේ අපේක්ෂකයා නම් කර නොමැති බවත් ඒ මහා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳව බිම් මට්ටමේ තවදුරටත් සාකච්ඡා කරගෙන යන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.      

‘සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක’ යන තේමාව යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනහමු මාලාව යටතේ තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේදී පැවැති ජන හමුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. 



අදහස් (16)

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයෙක් නැති වෙයිද?

C.K.Lankaputhra Monday, 15 January 2024 06:26 PM

ඔය මොන මොන කැරැල්ලුම්, උඩ පිනුම්, යට පිනුම්, බඩ පිනුම් ගැහුවත් මොකා දැම්මත් පොහොටුවටයි, එජාපයටයි නම් අපේ ඡන්දේ හම්බවෙන්නේ නම් නෑ... ඒක ඉරහඳ වගේ සහතිකයි...

:       0       0

Siri Monday, 15 January 2024 06:32 PM

ඇයි ඔය ඉන්නේ රනිල් රාජපක්ෂ කියලා එක්කෙනෙක්... ඒ මදැයි...!

:       0       0

ගමේ එකාලා Monday, 15 January 2024 07:02 PM

තමුන් කියපු කරපු දේවල්, විනාසේ හැටියට දූෂිත දේශපාලුවෝ ඉන්න පොහොට්ටුව ජනතාවට එපාවෙලා තියෙන්නේ. කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ රටටම හෙනයක්...!

:       0       0

fairoos Monday, 15 January 2024 07:05 PM

පොහොට්ටුවට ඡන්දෙ දෙන අයනම් මිනිස්සු වෙන්න බැහැ.. කාලකණ්ණි රට කෑවා..!

:       0       0

සිල්වා Monday, 15 January 2024 07:20 PM

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින බැවින් තවත් අයෙක් පොහොට්ටු වෙන් අවශ්‍ය නොවේ.

:       0       0

Prabha Monday, 15 January 2024 10:43 PM

කොහොමත් පොහොට්ටුවේ ගැලවුම් කාරයා රනිල්ට සහය දෙන එක හැර වෙනත් විකල්පයක් නැත

:       5       40

Rata Perata Monday, 15 January 2024 10:56 PM

ගමේ උන්ට සාකච්චා කරගෙන යන්න කියලා උඹලා ශැන්ග්‍රිල්ලා එකේ තීරණ ගනිල්ලා

:       4       47

lalindra Tuesday, 16 January 2024 12:51 AM

යකඩො මොන චන්දෙ ආවත් දිනන්නෙ අපි කියලා ලොරි ටොක් දීලා දැමන් ගමයි අරකයි මෙකයි බයිලා කෙලලා මරුවෙන්න නෙද හදන්නෙ. අනෙ මොකෙක් හරි එවන්න රෙදි නැති වෙන්න පරද්ද්ලා දෙන්නම්.

:       0       0

චතුරි Tuesday, 16 January 2024 04:57 AM

සුමනදාසව හරි ඥානා අක්කව ලෑස්ති කරන්න. නකිම්ස්‍යිනා. ට ඉල්ලුම මදි. බේබිලට උගත්කමක් නැහැ කපුටට. ගුටි කන්න වෙනවා. ගෝටට. ලැජ්ජව නිසා බැහැ. අනිත් හැතිකරේව පිලිගන්නේ නැහැ. මේ දෙන්නා හොදයි ඔය දේන්නා කියන විදියට රජ පුටුවේ ඉදන් වැඩ කෙරුවේ . ඉතින් පක්ශය භාර දෙන්න

:       0       0

PATTA hora Tuesday, 16 January 2024 08:12 AM

රනිල් රාජපක්ෂ මූලික අලි-පොහොට්ටු පූට්ටුවෙන් කවුරු ආවත් නන්නත්තාර වෙනවා.

:       1       1

Kazi Shajahan Tuesday, 16 January 2024 08:43 AM

ඕක කැරකෙන්නේ අවසාන මොහොතේ හෝ රනිල් ගාව දණ ගහන්න, දැන් රාජපක්ෂලාට රෑට හීනෙන් පේනවා. එයාලා ඔක්කොම හිරබත් කනවා. දැන් විකාරයෙන් වගේ ඉන්නේ ඡන්දෙ ළංවෙන්න... ළංවෙන්න..

:       1       2

achini Tuesday, 16 January 2024 09:07 AM

රාජපක්ෂ ශාපය රටින් ඉවත් වෙනකන් මේ රටට අනාගතයක් නෑ...

:       0       1

Bamunuarachchi Wednesday, 17 January 2024 06:40 AM

achini ප්‍රභාකරන් ලොඳ සවලෙන් එකතු කරන්න දෙන කාලේ ඔහොම කිව්වේ නැහැ නේද? ඒකාලේ ගෙදර කෂ්ටිය එකම ගමන ගියේ බස් කීපෙක නේද? ඕගොල්ලෝ රටකට ශාපයක්. ගුණමකුවෝ කියන්නේ උඹලට.

:       0       1

Nimal Tuesday, 16 January 2024 11:08 AM

කොහොමත් චන්දෙ හම්බ වෙන්නෙත් නෑ නේ .දැන් වෙන කතාවක් කියනවා

:       0       2

achini Tuesday, 16 January 2024 02:22 PM

මහින්ද රාජපක්ෂ කියන සාපය රටින් නැති වෙලා යනකම් රටට සෙතක් නෑ

:       0       0

Mahesh napawala Wednesday, 17 January 2024 04:06 PM

අපි කොහොමත් මාලිමාවේ අපේක්ෂකයාට පමණයි.. ඒ නිසා දැම්මත් නැතත් අපිට අදාල නැත..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site