(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණයේදී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට හෝ නොවීමට හැකියාව තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද සඳහන් කළේය.
ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කර තිබුණ ද එම පක්‍ෂයේ අපේක්ෂකයා නම් කර නොමැති බවත් ඒ මහා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳව බිම් මට්ටමේ තවදුරටත් සාකච්ඡා කරගෙන යන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
‘සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක’ යන තේමාව යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනහමු මාලාව යටතේ තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේදී පැවැති ජන හමුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන මොන කැරැල්ලුම්, උඩ පිනුම්, යට පිනුම්, බඩ පිනුම් ගැහුවත් මොකා දැම්මත් පොහොටුවටයි, එජාපයටයි නම් අපේ ඡන්දේ හම්බවෙන්නේ නම් නෑ... ඒක ඉරහඳ වගේ සහතිකයි...
ඇයි ඔය ඉන්නේ රනිල් රාජපක්ෂ කියලා එක්කෙනෙක්... ඒ මදැයි...!
තමුන් කියපු කරපු දේවල්, විනාසේ හැටියට දූෂිත දේශපාලුවෝ ඉන්න පොහොට්ටුව ජනතාවට එපාවෙලා තියෙන්නේ. කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ රටටම හෙනයක්...!
පොහොට්ටුවට ඡන්දෙ දෙන අයනම් මිනිස්සු වෙන්න බැහැ.. කාලකණ්ණි රට කෑවා..!
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින බැවින් තවත් අයෙක් පොහොට්ටු වෙන් අවශ්‍ය නොවේ.
කොහොමත් පොහොට්ටුවේ ගැලවුම් කාරයා රනිල්ට සහය දෙන එක හැර වෙනත් විකල්පයක් නැත
ගමේ උන්ට සාකච්චා කරගෙන යන්න කියලා උඹලා ශැන්ග්‍රිල්ලා එකේ තීරණ ගනිල්ලා
යකඩො මොන චන්දෙ ආවත් දිනන්නෙ අපි කියලා ලොරි ටොක් දීලා දැමන් ගමයි අරකයි මෙකයි බයිලා කෙලලා මරුවෙන්න නෙද හදන්නෙ. අනෙ මොකෙක් හරි එවන්න රෙදි නැති වෙන්න පරද්ද්ලා දෙන්නම්.
සුමනදාසව හරි ඥානා අක්කව ලෑස්ති කරන්න. නකිම්ස්‍යිනා. ට ඉල්ලුම මදි. බේබිලට උගත්කමක් නැහැ කපුටට. ගුටි කන්න වෙනවා. ගෝටට. ලැජ්ජව නිසා බැහැ. අනිත් හැතිකරේව පිලිගන්නේ නැහැ. මේ දෙන්නා හොදයි ඔය දේන්නා කියන විදියට රජ පුටුවේ ඉදන් වැඩ කෙරුවේ . ඉතින් පක්ශය භාර දෙන්න
රනිල් රාජපක්ෂ මූලික අලි-පොහොට්ටු පූට්ටුවෙන් කවුරු ආවත් නන්නත්තාර වෙනවා.
ඕක කැරකෙන්නේ අවසාන මොහොතේ හෝ රනිල් ගාව දණ ගහන්න, දැන් රාජපක්ෂලාට රෑට හීනෙන් පේනවා. එයාලා ඔක්කොම හිරබත් කනවා. දැන් විකාරයෙන් වගේ ඉන්නේ ඡන්දෙ ළංවෙන්න... ළංවෙන්න..
රාජපක්ෂ ශාපය රටින් ඉවත් වෙනකන් මේ රටට අනාගතයක් නෑ...
කොහොමත් චන්දෙ හම්බ වෙන්නෙත් නෑ නේ .දැන් වෙන කතාවක් කියනවා
මහින්ද රාජපක්ෂ කියන සාපය රටින් නැති වෙලා යනකම් රටට සෙතක් නෑ
අපි කොහොමත් මාලිමාවේ අපේක්ෂකයාට පමණයි.. ඒ නිසා දැම්මත් නැතත් අපිට අදාල නැත..