IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


පොලිසියේ නිවාඩු අවලංගු කරයි

(ගයාන් සූරිය ආරච්චි)

වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක ලබන 30 දක්වා අවලංගු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් ඔස්සේ රාජකාරිය වෙත පැමිණෙන නිලධාරීන් තමාට ආසන්නම පොලිසියට පැමිණ රාජකාරී වාර්තා කිරීමට සූදානම්ව සිටින ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ආපදා කළමනාකරණය සිදු කරන අවස්ථාවලදී මහා මාර්ග රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට සහාය දක්වමින් අනතුරුදායක ලෙස වසා ඇති මාර්ගවල ගමන් කිරීමෙන් වළකින ලෙසද වුට්ලර් මහතා පැවසීය.

ගංවතුර ඇතුළු ආපදා තත්ත්ව පවතින අවස්ථාවක 117 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද, 119 පොලිස් හදිසි ඇමතුම් අංකයද, 1990 සුවසැරිය ගිලන් රථ සේවාව, 110 ගිනි නිවන සේවාව, 113 යුද හමුදා මූලස්ථානයද 116 ගුවන් හමුදා මූලස්ථානය ද ඇමතිය හැකිය.

 



අදහස් (0)

පොලිසියේ නිවාඩු අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site